ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
01 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය (2016 - 2017)
I කොටස
01. 1 සිට 7 තෙක් එක් එක් ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු වරහන යටින් ඉරක් අඳින්න.
1. අ) ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ඇල්ම දැක්වීමත්, අනගාරික (බ්‍රාහ්මණ /ශ්‍රමණ)
සම්ප්‍රදායන්හි පොදු ලක්ෂණය විය.
ආ) බුද්ධ කාලයේ විසූ නිගණ්ඨනාථපුත්ත (ආජීවක සම්ප්‍රදායෙහි/ ජෛන සමයෙහි)
ශාස්තෘවරයෙකි.
2. අ) ප්‍රථම ධර්මදූත පිරිස අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක් මඟකින් (එක් අයකු
/ දෙදෙනකු) යමින් ධර්මචාරිකාවෙහි යෙදෙන ලෙසට ය.
ආ) සූත්‍ර පිටකාගත තොරතුරු අනුව පෙනෙන්නේ ප්‍රාරම්භක භික්ෂූ පිරිස (ආරාමික/සංචාරක)
ජීවිතයක් ගත කළ බවයි.
3. අ) සංඝාදිසේසාපත්තියට පත් භික්ෂුවකට එයින් පිරිසුදු වීමට පිළිවෙළක් විනයෙහි
(සඳහන්ව ඇත. /සඳහන්ව නොමැත)
ආ) භික්ෂු උපෝසථ කර්මයන් සිදු කිරීම සඳහා භික්ෂු පිරිස (අට නමකට /සතර නමකට) වැඩිවිය
යුතු බව දැක්වෙයි.
4. අ) භික්ෂූන් වහන්සේ (ඇසළ/නිකිණි) පුර පසළොස්වක පෝය දිනට පසු දින පසුවස් සමාදන්
වෙති.
ආ) වස්කාලය (ආරම්භයේ/අවසන් වූ විට) භික්ෂූන් වහන්සේ වෙත දායකවරු කඨින වස්ත්‍රයක්
පිරිනමති.
5. අ) භික්ෂූන් අතර ඇතිවන අර්බුද සංසිඳුවීම සඳහා උපයෝගී කර ගත යුතු ක්‍රම හෙවත්
අධිකරණ සමථ (හතක් / දහයක්) ඇත.
ආ) භික්ෂු සංඝයා විසින් ඡන්න භික්ෂුවට වැරැදි පෙන්වා දඬුවම් පැනවූ විට එයට එකඟ නොවී
මුරණ්ඩු ලෙස ක්‍රියා කිරිම නිසා සංඝයා විසින් ඒ භික්ෂුවට (තර්ජනීය කර්මය /බ්‍රහ්ම
දණ්ඩය) පනවන ලදි.
6.
අ) නැඟෙනහිර දිසාව (මවුපියන්/ආචාර්යවරුන්) නියෝජනය කරන බව සිඟාලෝවාද සූත්‍රයෙහි
සඳහන් වෙයි.
ආ) පුද්ගලයන් (චතුර්විධ කර්මක්ලේශ /සතර අගති) වලට නැඹුරුවීම නිසා සමාජ අසාධාරණකම්
සිදු වෙන බව සිඟාලෝවාද සුත්‍රයෙන් පැහැදිලි වෙයි.
7 අ) “මේ මැණික නිසා මට බොහෝ ආහාරපාන උපදියි. එය ඔබට නොදෙමි.” මණිකණ්ඨ ජාතකයේ
දැක්වෙන මේ ප්‍රකාශය කරනු ලැබුවේ (දෙටු සොහොයුරා/ නාරජු) විසිනි.
ආ) ඇසුරු කරන අයගේ ගතිගුණ අනුව පුද්ගල චර්යාවන් වෙනස් වන අයුරු (සත්තිකුම්භ/
තිත්තිර) ජාතකයෙන් ප්‍රකට වෙයි.
8. අ) සිංහලයට නගන්න.
“ඒකං අත්ථපදං සෙය්‍යො – යං සුත්වා උපසම්මති”
ආ) “සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ හායන්ති මච්චුනො”
9) අ) පහත සඳහන් අදහස් ඇති ධම්මපද ගාථා ලියන්න.
මේ ලෝකයේ වෛරයෙන් වෛරයෝ කිසි කලෙකත් නොසන්සිඳෙත් ම ය. ඒ වෛරයෝ අවෛරයෙන් ම සංසිඳෙති.
මෙය හැමකල්හි නොවරදින සුලු (සනාතන) සත්‍ය ධර්මයකි.
ආ) භයින් තැති ගත් බොහෝ මිනිස්සු පර්වතයන් ද, වන ද, ආරාම ද, චෛත්‍ය ද, වෘක්ෂ ද
පිහිට කොට සලකති.
“අ” කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම”ආ” කොටසෙන් තෝරා හිස්තැන තුළ ලියන්න.
II කොටස
02. 1) සරණාගමන පැවිද්ද යනු කුමක්දැයි පහදා දෙන්න.
2.විනයෙහි සඳහන් පැවිදි කිරීමට නුසුදුසු පුද්ගලයන් හය දෙනකු ලියන්න.
3.එම පුද්ගලයන් පැවිද්දට සුදුසු නොවන්නේ කවර හේතු නිසා දැයි පැහැදිලි කරන්න.
03. 1) ධම්මික සූත්‍රයෙහි සඳහන් ගිහි ප්‍රතිපදාවට අයත් ශික්ෂා හතරක් ලියන්න.
2.අලසකමේ දෝෂ හය සිඟාලෝවාද සූත්‍රයෙහි එන ආකාරයෙන් දක්වන්න.
3.අලසකම වස්තු විනාශයට කෙසේ හේතු වන්නේ දැයි විස්තර කරන්න.
04. 1) දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කළ ඉල්ලීම ව්‍යග්ගපජ්ජ
සූත්‍රයේ දැක්වෙන ලෙස ලියන්න.
2) ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු පෙන්වා දී
කෙටියෙන් විස්තර කරන්න.
3. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන ‘සද්ධා සම්පදාව‘ පරලොව දියුණුවට කෙසේ හේතු වන්නේ
දැයි පහදන්න.
05. 1) සිංහලයට නගන්න.
අ) ‘අථ ඛො ධම්මිකො උපාසකො පඤ්චහි උපාසක සතෙහි සද්ධිං යෙන භගවා තේනුපසංකමි’
ආ) ‘වන්දාමි චේතියං සබ්බං – සබ්බඨානෙසු පතිට්ඨිතං’
ඉ) ‘සො එවං අත්තනො සබ්බං ධනං විස්සජ්ජෙත්වා දානං අදාසි‘
ඊ) ‘අතීතෙ ජම්බුදීපෙ අමරවතී නාම නගරං අහොසි, තත්ථ සුමෙධො නාම එකො බ්‍රාහ්මණ කුමාරෝ
විහරති’
2.මෙම වාක්‍ය පාලියට නගන්න.
අ) මෙම දානය අපි භික්ෂු සංඝයාට දෙමු.
ආ) සියලු සත්ත්වයෝ මිය යන්නාහ.
ඉ) පිදිය යුතු අය පිදීම උතුම් මංගල කරුණකි.
ඊ) අපි විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේ බලමු.
උ) අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කළේ ය.
06.1) මෙම පාඨය සිංහලට නගන්න.
බොධිසත්තො කපිගණං ආදාය තත්ථ ඵලානි ඛාදන්තො එකස්මිං කාලෙ ඉමස්ස උදකෙ පතිත ඵලං
නිස්සාය අම්හාකං භයං උප්පජ්ජිස්සතී’තී උදකම්මත්ථකෙ සාඛාය එකං ඵලම්පි අනවසෙසෙත්වා
පුප්ඵකාලෙ කලායමත්ත කාලතො පට්ඨාය ඛාදාපෙති.
2.මහා කපි ජාතකයෙහි දැක්වෙන වඳුරු රජුගේ චරිතය තුළින් පාලකයකු තුළ පැවතිය යුතු
විශිෂ්ට ගුණාංග තුනක් පහදා දෙන්න.
07. 1) මෙම පාඨය සිංහලට නගන්න.
කො නු ඛො භික්ඛවෙ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං ආහාරන්තීති? එකච්චේ ඛත්තිය කුලා
පබ්බජිතා ආහංසු, එකච්චේ බ්‍රාහ්මණකුලා ගහපති කුලා පබ්බජිතොති, අපරෙ විනයධරො
ධම්මකථිකො පඨමස්ස ඣානස්ස ලාභී , දුතියස්ස, තතියස්ස, චතුත්ථස්ස ඣානස්ස ලාභීති, අපරෙ
සොතාපන්නො සකදාගාමී අනාගාමි අරමා තෙවිජ්ජො ඡළභිඤ්ඤො’ති ආහිංසු”
2) බුද්ධ ශාසනයෙහි වැඩිමහලු පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය තිත්තිර ජාතකය ඇසුරින්
විස්තර කරන්න.
පිළිතුරු
I කොටස
01.
1) අ) ශ්‍රමණ ආ) ජෛන සමයෙහි
2) අ) එක් අයෙකු ආ) සංචාරක
3) අ) සඳහන්ව ඇත ආ) සතර නමකට
4) අ) නිකිණි ආ) අවසන් වූ විට
5) අ) හතක් ආ) බ්‍රහ්ම දණ්ඩය
6) අ) මවුපියන් ආ) සතර අගති
7) අ) නාරජු ආ) සත්තිකුම්භ
8. අ) යම් එක් පදයක් අසා කෙලෙස් සන්සිඳේ යි.
ආ) සියල්ලෝම දඬුවමට තැති ගනිති.
සියල්ලෝම මරණයට බය වෙති.
9. අ) නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරෙ න ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ
ආ) බහුං චේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛචේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා
10. අ) සැමදා දෙමාපියන්ට සලකයි
වචනයෙන් පමණක් සැලකීම
උපසම්පදා නොකරයි
අසත්පුරුෂයන් පි‍්‍රය කිරීම
සතුන් මැරීම
වැඩිහිටියන්ට ගරු කිරීම
II කොටස
02 1) මුල් කාලයේ බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ඒහි භික්ෂු පැවිද්ද පසුව
බුදුරජාණන් වහන්සේ විසින් ම සරණාගමන පැවිද්ද හඳුන්වා දී සරණාගමන පැවිද්ද නියම කරන
ලදි. ඒ අනුව කෙස්, රැවුල, සිඳ කසාවත් අන්දවා උතුරු සළුව ඒකාංශ කොට රැස්ව සිටින
භික්ෂූන්ට වැන්ද විය යුතු ය. ඉන්පසුව උක්කුටිකයෙන් ඉඳුවා, දෑත් බන්දවා මෙසේ කිව
යුතු යැයි ඉගැන්විය යුතු ය.
“බුද්ධං සරණං ගච්ඡාමි” ආදි ලෙස තිසරණය හෙවත් කියවීම ය. මේ ක්‍රමයෙන් පැවිදි කිරීම
සරණාගමන පැවිද්ද ලෙස හැඳින්විය හැකි ය.
2) කපුටකු එළවිය නොහැකි වියෙහි ළදරුවා
කුෂ්ඨ, ගෙඩි, වණ, ඇදුම, අපස්මාරය යන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයා
අධිකරණයෙහි නම ලියැවුණු පුද්ගලයා
රාජභටයා
අත් පා සිඳුණු පුද්ගලයා
දෙමාපියන්ගෙන් අවසර නොලැබූ අය
කන සහ නහය සිඳුණු පුද්ගලයා
3) යුද කෝලහාලවලින් පසු පැරදුණු රාජභටයෝ ජීවිතාරක්ෂාව පතා පැවිදි වූහ. මේ නිසා
මෙවැනි අය පැවිදි නොකළ යුතු බව පෙන්වා දුන්හ.
පංච ඉන්ද්‍රියයන් විකල අය මහණ බිමට ඇතුළත් වූ අතර එවැනි අයහට පැවිද්දෙහි උපරිම ඵල
නෙළා ගත නොහැකි නිසා ඔවුන් ද තහනම් කරන ලදි.
ජීවත්වීමේ මාර්ගයක් නැති ණය බරින් නිදහස් වීම පතා සමහරු පැවිද්ද ලබා ගත්හ. එවැනි අය
ද තහනම් කරන ලදි. බුදුරජාණන් වහන්සේ තම පියාණන් විසින් ප්‍රකාශ කරන ලද “දෙමාපිය
අවසරයක් නොමැතිව මහණ නොකළ යුතු ය” යන මහජන මතයට ගරු කිරීමක් වශයෙන් එවැනි අය මහණ
කිරීම ද තහනම් කරන ලදි.
එමෙන් ම ආනන්තරීය පාපකර්ම සිදු කළ අය ද මහණ බිමට ඇතුළත් වූ හෙයින් ඒ අයට ද පැවිදි
උපසම්පදාව සිදු නොකළ යුතු ය යන්න දේශනා කළහ.
03.
1) ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමයෙහි වරදවා නොහැසිරීම.
මුසාවාදයෙන් වැළකීම, මද්‍යපානයෙන් වැළකීම,
2) ඉතා ශීත යැයි වැඩ නොකරයි. ඉතා උෂ්ණ යැයි වැඩ නොකරයි, ඉතා සවස් යැයි වැඩ නොකරයි,
ඉතා උදෑසන යැයි වැඩ නොකරයි, ඉතා බඩගිනි යැයි වැඩ නොකරයි, ඉතා බඩ පිරී ඇතැයි වැඩ
නොකරයි.
3) ඉහතින් දැක්වූ අලසකමේ දෝස හයක් ඇතිව යම්කිසි පුද්ගලයකු තම ලෞකික ජීවිතය සකසා ගනී
නම්, ඔහු හට අලුතින් උපදින ධනයක් නැත්තේ ය. තමා ළඟ තිබෙන්නා වූ ධනය දිනෙන් දින
භාවිතයට ගැනීමෙන් එය ද නැති වී යයි. මෙසේ අලුතින් ධනය නූපදීමට කටයුතු කරමින්
පුද්ගලයා තම ජීවිතය සකසා ගතහොත්, අලසකමින් ජීවත්වීමට පුරුදු වුවහොත් ධනය විනාශයට
පත්වේ.
04.
1) “මයං භන්තෙ ගිහි කාමභෝගී පුත්තසම්බාධසයනං අජ්ඣාවසාම, කසීකචන්දනං පච්චනුහොම,
මාලගන්ධ විලපෙනං ධාරයාම, ජාතරූපරජතං සාදියාම, තෙසං නො භන්තෙ භගවා අම්හාකං තථා ධම්මං
දේසෙතු යේ අම්හාකං අස්සු ධම්මා දිට්ඨධම්මහිතාය දිට්ඨධම්මසුඛාය සම්පරාය සුඛායාති.”
“ස්වාමිනි, අපි ගිහිව පස්කම් සැප අනුභව කරමු. අඹු දරුවන්ගේ පීඩා සහිත ව වාසය කරමු.
කසීරට උපන් සුවඳ සඳුන් පරිභෝග කරමු මල් ගඳ විලවුන් දරමු. රන් රිදි මසු කහවණු ඉවසමු.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිත සුව පිණිස
උපකාරී වන ධර්මයක් දේශනා කරන සේක්වා.”
2) උට්ඨාන සම්පදාව, ආරක්ඛ සම්පදාව, කල්‍යාණ මිත්තතාව, සමජීවිකතාව
උට්ඨාන සම්පදාව – යම් කුල පුත්‍රයෙක් යම් කර්මාන්තයකින් (සී සෑමෙන්, වෙළඳාමෙන්, ගව
පාලනයෙන්, ධනු ශිල්පයෙන් රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් ශිල්පයකින්) දිවි පවත්වයි නම් එහි
දක්ෂ වේ ද, අනලස් වේ ද, වීමංසන බුද්ධියෙන්, කර්මාන්ත කරවීමට හැකියාවක් වෙයි ද එය
උට්ඨාන සම්පදාව වේ.
ආරක්ඛ සම්පදාව – උත්සාහයෙන් , බාහුබලයෙන්, උපයා ගත් ධනය සොරුන්ගෙන්, රජුගෙන්,
ගින්නෙන්, සැඩ පහරින් ආරක්ෂා කර ගැනීම
කල්‍යාණ මිත්තතාව – යම් ගෘහපති පුත්‍රයෙක් ශ්‍රද්ධා සම්පන්න, ශීල සම්පන්න ත්‍යාග
සම්පන්න ප්‍රඥා සම්පන්න අය සමඟ එක්ව වාසය කරයි නම්, සාකච්ඡා කරයි නම් එය කල්‍යාණ
මිත්තතාවයි.
සමජීවිකතාව – යම් කුල පුත්‍රයෙක් භෝගයන්ගේ අය වැය දැන අයවැය සමව පවත්වා ගෙන යාම ය.
3) මේ ලොව වාසය කරන කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයකින් ශ්‍රද්ධා
ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේ බුද්ධත්වය විශ්වාස කරයි. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු
ක්ලේශයන්ගෙන් දුරු වු හෙයින් ද, සංසාර චත්‍රය සිඳලූ හෙයින් ද, රහසින්වත් පව් නොකරන
හෙයින් ද සියලු පූජාවට සුදුසු වන හෙයින් ද අරහත් ය. චතුරාර්ය සත්‍යය තම නැණින්
අවබෝධ කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ ය. විද්‍යාචරණ සම්පන්න ය. සුගත ය. ලෝක විදූ ය.
අනුත්තර පුරිස ධම්ම සාරථි නම් වන සේක. දෙවි මිනිසුන් හට ශ්‍රේෂ්ඨ වන හෙයින් ශාස්තෘ
වන සේක. දත යුතු සියල්ල දන්නා හෙයින් බුද්ධ ය. භාග්‍ය ඇති හෙයින්
භාග්‍යවන්තයහ.ව්‍යග්ගපජ්ජය මේ ‘සද්ධා සම්පදාව යැයි කියනු ලැබේ.
05.1
අ) ඉක්බිති ධම්මික උපාසක තෙම පන්සීයක් උපාසකයන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ
ය.
ආ) සෑම තැනම පිහිටියා වූ සියලු චෛත්‍යයන් වන්දනා කරමි.
ඉ) හෙතෙම මෙසේ තමන්ගේ සියලු ධනය වියදම් කොට දන් දුන්නෙහි ය.
ඊ) අතීතයෙහි දඹදිව අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් එක් බමුණු කුමාරයෙක් වාසය
කරයි.
2. අ) ඉමං භික්ඛං මයං භික්ඛු සංගස්ස දේම
ආ) සබ්බේ සත්ථා මරිස්සන්ති
ඉ) පූජාච පූජනීයානං – ඒතං මංගල මුත්තමං
ඊ) මයං විහාරං ගනත්වා බුද්ධං පස්සාම
උ) අතීතේ බාරාණසියං බ්‍රහ්මදත්ත රාජා රජ්ජං අකාසි
06.
1) බෝසත් තෙම වඳුරු සමූහයා එක්කර ගෙන ගොස් එහි ගෙඩි කන්නේ එක් කලෙක දියෙහි වැටුණු
ගෙඩියක් නිසා අපට බියක් ඇති වන්නේ ය. (දැන්) දියමත ඇති අත්තෙහි එක ගෙඩියක්වත් ඉතිරි
නොකොට මල් කාලයේ – තුරු මද ඇට පමණ කාලයේ පටන් කවයි.”
2. සිය දිවි නොතකා පිරිසේ යහපතට ක්‍රියා කිරීම
සෝකයට හා බියට පත් තමාගේ පිරිස රැක ගැනීම .
දුර දක්නා නුවණ,
තම මෘත ශරීරයට පවා ගෞරව ලැබීමට සුදුසු ලෙස ක්‍රියා කිරීම.
මනා පෞරුෂයකින් යුක්තවීම
07.
1) “මහණෙනි මුල්ම අසුන්, මුල්ම පැන්, මුල්ම ආහාර ලැබීමට සුදුස්සා කවරෙක්ද? ඇතැමෙක්
ක්ෂත්‍රීය කුලයෙන් පැවිදි වුවෙකැයි කීහ. ඇතැමෙක් බ්‍රාහ්මණ හා ගෘහපති කුලයෙන්
පැවිදි වූවෙකැයි කීහ.” තවකෙක් විනයධරයා ය. ධම්මකථිකයා ය. පළමු ධ්‍යානය ලැබූ අය ය.
දෙවැනි තෙවැනි , සිවුවැනි ධ්‍යානලාභියා යැයි කීය. තවත් අයෙක් සෝතාපන්න සකදාගාමී,
අනාගාමී ,අරහත් ත්‍රිවිද්‍යාලාභී ෂට් අභිඥාලාභී යයි පිළිවෙළින් කීහ.
2) “බුදුන් දවස සාරිපුත්ත හිමියන්ට සෙනසුන් අහිමි වීම සම්බන්ධයෙන් මා ජීවත්ව
සිටියදීම භික්ෂූහු ඔවුනොවුන්ට ගරු සරු නොදක්වති” යනුවෙන් සවස මහණහු ඉදිරිපිට ගොස්
දොස් පවරා මුල්ම අසුන්, මුල්ම පැන්, මුල්ම ආහාර ලැබීමට සුදුස්සා කවරෙක්ද? යැයි
විචාළේ ය.
“මහණෙනි මාගේ සසුනෙහි මුල්ම අසුන ආදිය සඳහා ක්ෂත්‍රිය කුලයෙන් පැවිදි වු අයකු වීම
ප්‍රමාණවත් නොවේ. විනයධර සුත්තන්තික අභිධම්මික හෝ ප්‍රථමධ්‍යාන ආදිය ලැබීම සෝවාන්
ආදි මගඵල ලැබීම හෝ ප්‍රමාණවත් නොවේ.”
“මහණෙනි මේ සසුනෙහි වැඩිමහලු පිළිවෙළ අනුව වැඳීම, ඉදිරියෙහි නැගී සිටීම, ඇදිලි
බැඳීම, නිවැරැදිව ගෞරව දැක්වීම කළ යුතු ය” යනුවෙන් තිරිසන් සතුන් පවා වැඩිමහල්ලා
තෝරා ගරු සරු දැක්වූ බව තිත්තිර ජාතකය දේශනා කරමින් පෙන්වා දුන් සේක. |