ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2023 ඔක්තෝබර් 28 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ. 28 සෙනසුරාදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 28
අව අටවක
නොවැම්බර් 05
අමාවක
නොවැම්බර් 12
පුර අටවක
නොවැම්බර් 20
විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ
ඓතිහාසික බදුල්ල, විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම, කොත් පැළඳවීම හා කොත් නිරාවරණය කිරීමේ පින්කම ලබන 12 වැනිදා උදෑසන 10.09 ට පමණ යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිත ය. මෙම පින්කම් මාලාව බදුල්ල විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් පරිවෙනාධිපති සහ විහාරාධිපති, ඌවේ ස්‍යාමවංශික මහානිකායේ පාලුගම විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව පරිදි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී උදේනිගම සීලරතන හිමියන්ගේ සංවිධානත්වයෙන් හා ඌව ස්‍යාමවංශික මහා නිකායේ ශ්‍රීමත් මහානායක කැප්පැටිපොල එරබද්ද ශ්‍රී විවේකාරාමාධීපති අති ගෞරවාර්හ බැටහිරේ සෝරතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශවාසී මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. බදුල්ල විද්‍යොත්තංස පිරිවෙන ඌවේ පැරැණිතම පිරිවෙණයි.
පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සිටම සම්මතව පැවැති අතර එකල විසූ ධාර්මික පුද්ගලයෝ සැමදාම මෙලොව කටයුතුවල පමණක් නොව පරලොව යහපත සඳහා ද සතියකට වරක් ආගමික වතාවත්වල යෙදුණහ. දින දර්ශන, ලිත් සුලභ ලෙස නොතිබුණ බැවින් අහසෙහි සඳ දෙස බලා එම සතියෙහි ආගමික දිනය වෙන්කොටගෙන තිබිණි. ශ්‍රද්ධාවන්ත රජකු වූ බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ, අට්ඨමියාච පක්ඛස්ස සන්තිපතිතූන්ති “මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, අටවක්හි රැස් වන්නට අනුදනිමි’ යි පොහොය දිනයන්හි පන්සල් යාම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයට ය. බුද්ධ නියමයට අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයට පොහෝ දිනවල රැස් වුව ද, ධර්ම දේශනා කිරීමක් සිදුවී නැත. එයින් කනස්සල්ලට පත්ව සිටි ගිහි ජනතාව ධර්ම දේශනා නොකිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන්නට වූහ. එම තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති” යනුවෙනි. ඒ අනුව පසළොස්වක පොහොය ධර්ම දේශනා කිරීම ආරම්භ වී ඇත. කඨින චීවර පූජා කරන මාසයේ ආරම්භක දිනය ද අදට යෙදී ඇත. එනිසා ම මෙම මාසය චීවර මාසය නමින් ද හඳුන්වනු ලබයි. සෑම වසරකට ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.
“යාවතා සබ්බපරික්ඛාරෙ සංඝස්ස සතකං දදෙ එකස්ස කඨින දානස්ස කලං නාගසති කෙළසිං ගිරිරාජ සමංරාසිං සංඝෙ දෙති තිචීවරං එකස්ස කඨින දානස්ස කලං නාගසන්ති සොළසිං” යම්තාක් සියලු පරිෂ්කාරයන් නිරන්තරයෙන් දිනපතා භික්ෂු සංඝයාට දුන්නේ වී නමුත් එක් කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම්වත් එය නොවටින්නේ ය), සම්බුද්ධ ශාසනය තුළ කෙරෙන පූජාවන් අතුරෙහි උත්තමාමිස හෙවත් උතුම් ම ආමිස පූජාවක් ලෙස කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකේ. කඨිනං ච පරික්ඛාරාවාසදානං ච උත්තමං - බුද්ධප්පමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං - බෙත්තදානං ච බුද්ධස්ස පටිමා කරණම්පි ච - කරණං වච්චකුටියා අට්ඨපුඤ්ඤානි වුච්චරෙ කඨිනදානය, අටපිරිකර පූජාව, ආවාස සාදා දීම, බුදුපාමොක් මහ සඟන උදෙසා දන්දීම, ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුදුපිළිම තැනවීම, වැසිකිළි කැසිකිළි කරවීම යන මේ පින්කම් අට අට මහා පින්කම් වශයෙන් සැලකේ. මෙම අටමහා පින්කම් අතරත්, සෙසු ආමිස පූජා අතරත්, කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයේ සැලකේ. ඊට හේතුව වන්නේ භික්ෂු විනයටත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් කඨිනචීවර පූජාව මහෝපකාරී වන නිසා බව සිතිය හැකි ය.
පුරාතන සිරිලක සමාජ පරිසරය තුළ රටවාසීන් සෑම දෙනකුගේ ම සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සව සිදු කෙරිණි. ඊට රාජ්‍ය පාලකයන්ගෙන් ලැබුණේ ද පූර්ණ අනුග්‍රහයකි. එදා මෙදා තුර වස්සාන සමයේ දී විහාරස්ථානයන්හි දායකකාරාකාදීහු ස්වකීය හැකියාව හා අභිමතය පරිදි විවිධාකාර වූ පින්කම් සංවිධානය කරති. මෙම පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන වඩාත් චිත්තාකර්ෂණීය පින්කම මෙකී කඨින පූජෝත්සවයයි. කඨිනය හා සමගාමීව පෙරහර පූජා නැටුම්, සැරසිලි, පහන් පූජා, බෝධිපූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සඟසතු දාන පූජා, කප්රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන්හි විශේෂතා දැකිය හැකි ය. මේවා අතර ඇතැම් අංග කාලානුරූපීව සකස් ව ඇති අතර, ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍ර විධීන් ගණයට අයත් වේ. කඨින චීවර පූජාව පවත්වන දිනයේ අලුයම ඒ සඳහා සකස් කළ චීවරය හෝ ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. ඒ වෙනුවෙන් ගමන් කරන පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ හැකියාව අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ. භික්ෂූන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙන් මෙම කඨින පෙරහර වීථි සංචාරය කරයි. මෙවන් පෙරහරක් පැවැත්වීමෙහි මූලික පරමාර්ථය වනුයේ කඨින පින්කමෙහි ආනිශංස විශාල පිරිසකට අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීමයි.
විශේෂ කර්මාචාර්ය පදවි ලබති
වහුමුවේ විජයවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වෙති
හැත්තෑ හයවැනි වියට පා තබන නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණෝ
පෝදා පින්කම්
කඨින පින්කම්
පිහිට පතයි
ඉතිරිය»
දුර්ලභ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විචිත්‍ර ධර්ම කථික මාතර මහින්ද හිමි
නොබිඳෙන නො සැලෙන පින්කමක පුණ්‍ය මහිමය
කඨිනයෙ කුසලය දුරලයි ශෝකේ - කඨිනයෙ කුසලය නියතයි ලෝකේ
උතුම් සුවඳ සිල් සුවඳයි
සුවපත් මනසක් සුවබර දිවියක් - 07 කොටස: පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් අත්පත් කර ගන්නට විපස්සනා භාවනාව පුරුදු කරන්න
සඳ සේ සෞම්‍ය වෙන්න එනමුත් නො ඇලෙන්න
කොසොල් රජුගේ අසදෘෂ මහා දානය
මානෙල්වත්තෙන් පිදෙන අද්විතීය ශාසනික පූජාව
සියයක් බුදු පුතුන් සසුනට දායාද කරන සුපින්බර වෑයම
මහ සඟරුවනටසෞඛ්ය සම්පන්න දාන වේලක් පිළිගන්වමු
මානසික අවපීඩනය නිසා ඔබත් දුක් විඳිනවා ද?
පින්බර නා��ගදීපයේ අසිරිමත් ඉතිහාසයෙන් ...
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]