[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

රැවටීම

රැවටීම

මේ සිදුවීම බොහෝ කාලයකට පෙර සිදුවීමක්. අමෙරිකා එක්සත් ජනපදයට ගොස් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාලයට යමින් ඉගැන්වීමට, දේශන පැවැත්විමට පැමිණි අයින්ස්ටයින්ට මේ කටයුත්ත සඳහා රියැදුරකු සමඟ වාහනයක් ලබා දී තිබුණා.

සාපේක්ෂතාවය පිළිබඳ සිද්ධාන්තය ලොවට අනාවරණය කළ අති විශිෂ්ට කීර්තිමත් විද්‍යාඥයකු වූ මෙතුමා මෙලෙස විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යමින් තමන් අනාවරණය කළ සිද්ධාන්තය ගැන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, පර්යේෂකයන් හා වෙනත් ශාස්ත්‍රඥයින්ට කියා දුන්නා.

අයින්ස්ටයින්ගේ රියැදුරා අයින්ස්ටයින් රැගෙන යන වාහනයේ රියැදුරා, එතුමා පැවැත් වූ සෑම දේශනයකට ම හොඳීන් කන් දීගෙන සිටියා. මේ නිසා මේ මහා විද්‍යාඥයා පවත්වන දේශනය මේ රියැදුරාට කටපාඩම් කර ගත හැකි වුණා. මේ විදිහට මාහාචාර්යවරයා සමඟ තැනින් තැන යෑම නිසා එතුමාගේ දේශනය කටපාඩමෙන් කියන්නට පුහුණු වූ රියැදුරා ඇල්බට් අයින්ස්ටයින්ට මෙසේ කිව්වා.

“සර්. පසුගිය දවස් කිහිපය තිස්සේ ම මම ඔබතුමා පැවැත් වූ දේශනයට කන් දුන්නා. ඔබතුමා හැමතැනක දී ම කියන්නේ එකම දෙයයි. මට මේ දේශනය කට පාඩම් නිසා දැන් මට වුණත් ඔය දේශනය පවත්වන්න පුළුවන්. “

“ඔයාගේ කතාව සහමුලින් ම ඇත්ත. එහෙව් එකේ ඔයාට මගේ දේශනය ඒ විදිහට ම පවත්වන්න පුළුවන් නේද?“ අයින්ස්ටයින් රියැදුරාට කිව්වා.

“මා වගේ පේන්න කොණ්ඩෙ පොඩ්ඩක් හදාගෙන, මං වගේ වෙස්මාරු කරගත්තා ම කාටවත් හඳුනාගන්න බැරිවේවි. මේ අයින්ස්ටයින් කියලා කවුරුත් රැවටේවි. මගේ දේශනය ඔයාට පවත්වන්න පුළුවන් නිසා ඊළඟ විශ්වවිද්‍යාලයට ගියා ම මගේ දේශනය ඔයා පවත්වන්න“ අයින්ස්ටයින් රියැදුරාට කිව්වා.

ඊළඟ විශ්වවිද්‍යාලයේ දී දේශනය පැවැත්වූවේ අයින්ස්ටයින් නොවෙයි,

එතුමාගේ රියැදුරායි. රියැදුරා දේශනය පවත්වද්දී අයින්ස්ටයින් පසුපස ආසනයේ වාඩිවී ඇහුන්කන් දීගෙන සිටියා. දවස් ගණනාවක් තිස්සේ එකම දේශනය අසා පුරුදු වී සිටි නිසා රියැදුරා කදිමට අර දේශනය පැවැත්වූවා. මේ දේශනය පවත්වන්නේ අයින්ස්ටයින් කියා කවුරුත් රැවටුණා.

ඒ කෙසේ වුණත් අයින්ස්ටයින්ගේ රියැදුරා දේශනය පවත්වා අවසන් කළාට පසු බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවුණා. දේශනය අසන්නට ඇවිත් සිටි උගත් සභාව ‘මේ නම් අයින්ස්ටයින්මයි‘ කියා සිතුවා. මේ නිසා සභාවේ සිටි මහාචාර්යවරයෙක් ප්‍රශ්නයක් ඇසුවා.

මෙය සාපේක්ෂතාව ගැන බොහෝ බරපතළ ප්‍රශ්නයක්. ඔහු සිතුවේත් මේ දේශකයා අයින්ස්ටයින්ම කියලයි. අයින්ස්ටයින් වගේ වෙස්මාරු කරගෙන දේශනය පැවැත්වූ රියැදුරා මෙසේ කිව්වා.

“ඒක හරිම ලේසි ප්‍රශ්නයක්. කොයිතරම් ලෙහෙසි ප්‍රශ්නයක් ද කිව්වොත් මා මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැහැ. මගේ පිටිපස්සේ වාඩිවෙලා ඉන්න මගේ රියැදුරා ඒ ප්‍රශ්නයට උත්තර දේවි. මෙහාට ඇවිත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න“.

රියැදුරා වගේ වෙස්වළාගෙන සිටි ඇත්තම මහාචාර්යවරයා ඉස්සරහට ඇවිත් මේ ප්‍රශ්නයට උත්තර දුන්නා.

මැදින් අමාවක

මාර්තු 21 අඟහරුවාදා
පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]