[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ලොවම එරෙහි වූ කල වුව දරුවන්ගේ පිහිටට එන ගෙදර බුදුන්ගේ ගුණ කඳ

මේ ලෝකයේ කාගේත් ළඟින්ම පිහිටට, පිළිසරණට සිටිනා දෙන්නෙක් ඇත්නම් ඒ මවත්, පියාත් බව අමුතුවෙන් කිව යුතු නැත. අටලෝ දහමින් කම්පා නොවී දරුවන් සමඟම ජීවත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ එම දෙපළයි. ගෙදර බුදුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ ද එම දෙපළටමයි. මවුපියන්ගේ වටිනාකම පිළිබඳ මොහොතක් ගානේ සිතීමට කාලය උදා වී ඇත. බුදුරදුන් වදාළ දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳ කරුණු කාරණා අද සමාජයට ඉතා වැදගත් වේ. මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ඛා යන මහා බ්‍රහ්මයාට ඇති ගුණ හතරකි. දෙමාපියන් තුළ ද එම ගුණ තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. ගෙදර බුදුන් ලෙස සලකන්නේ දෙමව්පියන් ය. “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙන් සඳහන් වන්නේ එම ගුණ හරහා මහා බ්‍රහ්මයාට දෙමව්පියන් ද සමාන වන බවයි. එම ගුණ හතර දෙමාපියන්ටත් තිබීම එයට හේතුවයි. දරුවන් විසින් වෙහෙස මහන්සි වී සැලකීමට සුදුස්සන් දෙපළක් ඇත්නම් ඒ මවුපියන් ය. දරුවන්ට ඇති ආදරය නිසාම දරුවන්ගෙන් වන කරදර කොතෙක් පැමිණියත් ඒවා ආදරයෙන් ඉවසීම දෙමව්පියන්ගේ ලක්ෂණයයි. අජාසත්ත කුමාරයාට පියා වූ බිම්බිසාර රජතුමා සැලකූ ආකාරයත්, පසුව ඔහු රජ වී පියාට සැලකූ ආකරය තුළිනුත් ඒ බව මනාව සපථ වේ. මැක්සිම් ගෝර්කි සඳහන් කළේ “ලෝකය ලස්සන වන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් බවයි. ඊට වසර දෙදහසකටත් ඉහතදී බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ වටිනාකම ලෝක සත්වයාට දේශනා කළහ. ඕනෑම අම්මා කෙනකුගේ රුධිරය කිරි බවට පත්වන්නේ දරුවාට තිබෙන අපමණ සෙනෙහස නිසාවෙනි. ලෝකය කොතරම් දියුණු වුවත් රුධිරය දමා, ඒවා කිරි බවට පත්කරන යන්ත්‍රයක් බිහිවෙලා තිබේ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුව ඇත. එය සිදුවන්නේ මවක් තුළ දරුවා කෙරෙහි තිබෙන අසීමිත ආදරය නිසාමයි. ශරීරයේ කිරි කියලා වෙනම කොටසක් ඇත්තේ නැත. දස මසක් තුළ දරුවෙකු කුසෙහි රඳවාගෙන අපමණ දුක් විඳිමින් මවක් දරුවන් මේ ලෝකෙට බිහි කරන්නේ දුක් වේදනා දරුවා වෙනුවෙන් ඉවසා ගෙන නොවේ ද? දරුවන් ලොකු මහත් කිරීම සඳහා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් පොත් පත් ලබා දෙන්නේ පියා ය. පිය කෙනෙක් වුව ද දරුවන් වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවා ද? දහඩිය බිංදු දහස් ගණනක් මේ මහ පොළොවට වගුරුවා, දෑත දෙපයේ කර ගැට එනතුරු පොළොවත් සමඟ ගැටී පොර බදලා, කැත්තෙ උදැල්ලේ වැඩ කරන්නේ, රැකී රක්ෂා කරන්නේ, දූ දරුවන්ගේ අනාගතය යහපත් කර දීමට නොවේද? මව්පියෝ දූ දරුවන් වෙනුවෙන් විඳින දුක් වේදනා වචනවලට හසු කිරීමට බැරි තරම් ය.


මැදින් අමාවක

මාර්තු 21 අඟහරුවාදා
පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]