ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 දෙසැම්බර් 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ. 23 සිකුරාදා සිල්
අමාවක
දෙසැම්බර් 23
පුර අටවක
දෙසැම්බර් 30
පසළොස්වක
ජනවාරි 06
අව අටවක
ජනවාරි 15
ප්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් අපේක්ෂා නො කරමින්, ස්වාධීන ලෙස පරිත්‍යාගශීලිව අනුනට දෙන දෙය සැබෑ දානයකි. සැබෑ දානයේ හරය නම් දෙන දෙය වෙනුවෙන් ආපසු යමක් අපේක්ෂා නොකර දීම ය. කිසියම් පුද්ගලයකු ත්‍යාග වශයෙන් දෙන දෙයින් ප්‍රතිචාර වශයෙන් කිසියම් ප්‍රතිලාභයක් ඇතිවෙති'යි අපේක්ෂා කරන්නේ නම්, ඔහු විසින් දෙන ලද්දේ දානයක් නොව භාණ්ඩ හුවමාරුවකි. ත්‍යාගශීලි තැනැත්තා අනුන් තමාට කිසිසේත් ණය ගැති නොවෙයි. නැතහොත් ත්‍යාග මඟින් යමෙකු පාලනය කිරීමක් අදහස් නො කරයි. කුමක් නිසාද යත්, බොහෝ අය අකෘතඥ නො වන අතර, අමතක කරන්නන් විය හැකි බැවිනි. සත්‍ය වූ දානමය ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවකි. එයට බැඳීම් ඇමිනී නැත. දෙන්නා හා ලබන්නා ද ස්වාධීන වෙති. සෑම ආගමක් ම දානය මහත් සේ අගය යි. යැපීමට තරම් ධනය ඇත්තෝ අනුන් ගැන ද සිතිය යුත්තා හ. තම ත්‍යාගශිලි භාවය සුදුසු අය වෙත යොමුවිය යුතු ය. දන් දෙන්නන් අතර සිටින සමහරු දන් දෙන්නේ තම සමය, වර්ගය වෙත හරවා ගැනීමට ය. එවන් ක්‍රියාවල යටි අදහස තම ආගමට හරවා ගැනීම බැවින් එය සැබෑ දානය ලෙස නම් කළ නො හැකි ය. එය නම් අල්ලසකි. දානය පිළිබඳ බෞද්ධ මතය නම් දානය නමැති ක්‍රියාවෙන් ආධ්‍යාත්මික ප්‍රගතියට බාධක වු පෞද්ගලික ලෝභය ඇති කරන අහිතකර චේතනාවන් අඩු කිරීමයි. ආධ්‍යාත්මික ප්‍රගතිය වෙත ගමන් කරන්නා ආත්ම ලාභය අඩු කර ගත යුතු අතර, වැඩි වැඩියෙන් පින් රැස් කිරීමේ ශක්තිමත් අධිෂ්ඨානය වර්ධනය කළ යුතු ය. ඔහුගේ දේපළ හා ඇති වූ බලවත් බැඳීම් ලිහා දැමිය යුතු ය. ඔහු අධිෂ්ඨාන සහගත නොවුවහොත් ලෝභයට වහලකු විය හැකි ය. තමාට අයත් හා තිබෙන දෑ අනුන් ගේ සතුට හා ප්‍රතිලාභය සඳහා තෝරා ගත යුතු ය. දීමේ දි යම්කිසි පුද්ගලයකු විසින් කරනු ලබන ක්‍රියා ශරීරික වීම ප්‍රමාණවත් නොවේ. තම සිත ද ඒ සඳහා යොදා ගත යුතු ය. සෑම ක්‍රියාවකින් ම සොම්නස ලැබිය යුතු ය. ත්‍යාගයක් හා සාමාන්‍ය දීමනාවක් හා දානය අතර විශේෂත්වයක් දැක්විය හැකි ය.
දුටුගැමුණු මහ රජතුමාට සද්ධාතිස්ස කියලා සහෝදරයෙක් හිටිය බව බෞද්ධ හැමෝම දන්නවා. තිස්ස තමයි නාමය. ඒ වුණත් අසීමිත ශ්‍රද්ධාවක් තිබුණ නිසා කවුරුත් මේ රජතුමා හැඳින්වූයේ ‘සද්ධාතිස්ස’ කියලා. පින්කම් කරන්න හරිම කැමතියි. තමන්ගේ දහදිය වගුරුවා පින්කම් කරන්නත් දැක්වූයේ අසීමිත කැමැත්තක්. දවසක් රජතුමාට වෙළෙඳ නඩයකින් උක් හකුරු ගැල් පන්සියයක් ලැබුණා. වෙළෙන්දන්ට බොහෝ ස්තූති ප්‍රශංසා කළා. තෑගි බෝග ආදියත් දී සතුටු කර ගම් බිම් බලා පිටත් කළා. සවස් සමයේ ලැබුණ නිසා රාජාංගනයේ ගැල් පන්සියය ම නවතා තබා, රාජපුරුෂයන්ට පැවරුවා ඒවා ආරක්ෂා කරන්න. රජ අණ පිළිපදින ඒ පිරිසත් පහන් වනතුරු තම දෙඇස් මෙන් ආරක්ෂා කළා. පසුදා උදෑසන රජතුමා බැහැදැකීමට ගිය රාජ පුරුෂයෙක් රජු අමතලා ‘පින්වත් මහරජතුමනි, උක්සකුරු ගැල් පන්සියය ම හොඳින් ආරක්ෂා කළා. දැන් අපි කුමක් කුමක් කළ යුතුදැයි විමසා සිටියා. එවිට රජතුමා රාජ පුරුෂයා අමතලා ‘එම්බා රාජ පුරුෂය, තොප හොඳින්ම දන්නවා. මගේ ජීවිත කාලයට ම එකදු අවස්ථාවක දී වත් මට ලැබුණ දෙයක් සංඝයාට නො දී අනුභව නො කළ බව. මගේ අයියණ්ඩිත් එහෙමයි කියලා ඔබලා හැමෝම දන්නවා. ඉතිං එහෙනම් දැන් කුමක් කළ යුතු දැයි ඔබම කියන්න’යි රජතුමා රාජපුරුෂයාගෙන් විමසුවා. ‘පින්වත් රජතුමනි, එසේ නම් දැන් කළ යුතු වන්නේ සංඝයා වහන්සේට කොටසක් පූජා කිරීමයි’ යි කියා පිළිතුරු දුන්නා. ‘රාජපුරුෂය, ඔබට සියල්ල වැටහුණා. දැන් තියෙන්නේ ලැබුණ උක් සකුරුවලින් කොටසක් සංඝයා වහන්සේට පූජා කිරීමයි. ගැල් පන්සියයක් තියන නිසා එයින් දෙසිය පනහක් ම මහා විහාරයේ වැඩ සිටින මහා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස අරගෙන යන්න. මම උදේ ආහාර ගත් වහාම විහාරයට පැමිණෙන්නම්’යි කියා කළ යුතු කටයුතු නියම කර රාජ පුරුෂයා පිටත් කර හැරියා. රජතුමා තමාගේ කුසේ පමණට රාජ භෝජන අනුභව කළා.
හොඳ නරක යන වචන දෙක සෑම කෙනකු විසින් ම පාහේ අසා ඇති, කියා ඇති වචන දෙකකි. මේ වචන දෙකින් අදහස් කරන දෙය විවිධ ආගම් අනුව, සමාජ දර්ශන අනුව වෙනස් වේ. එක් ආගමක් හෝ සමාජයක් මඟින් හොඳ, ලෙස පිළිගන්නා දෙය නරක හැටියටත් නරක යැයි පිළිගන්නා දෙය හොඳ හැටියටත් තවත් ආගමක් හෝ සමාජයක් විසින් පිළිගැනීම මීට හේතුවයි. එබැවින් හොඳ, නරක යනු වචන දෙක විග්‍රහ කරන්නට නොහැකි යැයි ඇතැම් දාර්ශනිකයන් විසින් දක්වා ඇත. එහෙත් බුදුසමය සම්බන්ධයෙන් කල්පනා කරන විට එය එලෙසම පිළිගත නොහැකි ය. බුදුසමයෙහි මෙම හොඳ නරක සංකල්පයන් ඉතා පුළුල් පදනමක් මත විග්‍රහ කර දක්වා ඇත. තමන්ට හෝ අනුන්ට හෝ දෙපක්ෂයට ම හෝ යහපතක් සිදුවන ක්‍රියාවන් හොඳ හැටියටත් තමන්ට හෝ අනුන්ට හෝ දෙපක්ෂයට ම අයහපතක් සිදුවන ක්‍රියාවන් නරක හැටියටත් බුදු සමයෙහි දැක්වේ. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් මෙය හොඳ හැටි පැහැදිලි වේ. බුදුන් වහන්සේ හා රාහුල හිමියන් අතර සිදු කෙරෙන සාකච්ඡාවක් එම සූත්‍රයේ ඇත. බුදුරජාණන් වහන්සේ වරක් රාහුල හිමියන්ගෙන් “රාහුල කැඩපතේ ඇති ප්‍රයෝජනය කුමක්දැ'යි ඇසූහ. රාහුල හිමියන්ගේ පිළිතුරු වූයේ “ස්වාමීනි ප්‍රත්‍යවෙක්ෂණයටයි” එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.රාහුල ඔබ කැඩපතකින් ප්‍රත්‍යවේක්ෂ කරන්නාක් මෙන්, හැම ක්‍රියාවක් කරන විටම හැම වචනයක් කියන විටම, හැම සිතිවිල්ලක් සිතන විටම, පුන පුනා ප්‍රත්‍යවේක්ෂණය කරන්න ඕනෑ. ඔබට යමක් කරන්න වුවමනා වු විට එය තමාගේ හෝ අනුන්ගේ හෝ දෙපක්ෂයේ ම හෝ විපතට, දුක් පිණිස හේතු වෙයි ද? සාවද්‍ය ක්‍රියාවක් වෙයි ද, යනුවෙන් නැවත නැවත කල්පනා කර බලන්න ඕනෑ.
උඳුවප් අමාවක පෝය දින
පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්රදානය කෙරුණ වගයි
තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන කිරම පේමරතන නාහිමි
ඉතිරිය»
කුසලයට ළං වෙන්න නිතර පින් කරගන්න
දිවි තොර වුවත් අධර්මයට හිස නොනමන්න
බෙදීමේ නිස්සාරත්වය
කේලාම් කියන්නේත් අසන්නේත් බලාගෙනයි
දම් සුවඳ සිල් සුවඳ පිරි කටාරංගල
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]