ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බිනර අව අටවක පෝදා 2022 සැප්තැම්බර් 17 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නාමසිද්ධි ජාතක කතාව ඇසුරිනි
සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ. 17 සෙනසුරාදා සිල්
අව අටවක
සැප්තැම්බර් 17
අමාවක
සැප්තැම්බර් 25
පුර අටවක
ඔක්තෝම්බර් 03
පසළොස්වක
ඔක්තෝම්බර් 09
අද ධර්ම දේශනාව මඟින් බුදුරජාණන් වහන්සේ සමඟිය පිළිබඳ දේශනා කළ දහම් කරුණු ස්වල්පයක් පහදා දෙන්නටයි මා බලාපොරොත්තු වන්නේ; සමඟිය පිළිබඳ විශේෂ අවධානයකින් බුදුරජාණන් වහන්සේ නිතර දහම් දෙසුවේ කුමන කරුණක් නිසා ද යන්න බුද්ධ කාලීන සමාජය ගැන සිතා බැලීමෙන් වටහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධම්මචේතිය සූත්‍රයේ දී මෙසේ පෙන්වා දී තිබෙනවා. “බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන් සමඟ විවාද කරති. කළහ කරති. රජවරු රජවරුන් සමඟ විවාද කරති. කළහ කරති. ක්ෂත්රියයෝ ක්ෂත්රියයන් සමඟත්, පුතා මව සමඟත්, පියා පුතු සමඟත්, පුතා පියා සමඟත්, සහෝදරයා සහෝදරයා සමඟත්, සහෝදරිය සහෝදරිය සමඟත්, යහළුවන් යහළුවන් සමඟත්, වාද කරති, කළහ කරති...” පුද්ගලයින් එකිනෙකා දබර කර ගනිමින්, ඇනකොටා ගනිමින් තිරිසනුන්ටත් වඩා පහත් ලෙස භේදව සිටි අවස්ථාවක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ, සමඟිය හෙවත් එකමුතුකම අතිශයින්ම ශ්‍රේෂ්ඨ කොට දෙසීම විප්ලවකාරී කරුණක් වුණා. භික්ෂූන් වහන්සේ අවශ්‍යයෙන්ම සමගිව විසිය යුතු බවත්, කටයුතු කළ යුතු බවත්, එම සමඟිය උන්වහන්සේගේ යහපත පිණිස හේතු වන බවත් “සුඛා සංඝස්ස සාමග්ගී” යනුවෙන් දේශනා කළහ. බහුජන හිතසුව පිණිස හැසිරෙන භික්ෂූන් අන් අයට ආදර්ශයක් වන ලෙස සමඟි බැම්මෙන් බැඳී ක්‍රියා කළ යුතු බව අවධාරණය කළහ. නිතරම සමඟිව රැස්ව, සමඟි සම්පන්නව කතාබහ කොට, සමඟියෙන් ම විසිර යා යුතු බව භික්ෂූන්ගේ දියුණුවට හේතු වන සප්ත අපරිහානිය ධර්ම දෙසීමේ දී බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.
වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාගේ සහ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන ලෙස ජන්මලාභය ලද අනගාරික ධර්මපාලතුමන් තත්කාලීන සමාජ සම්මතය අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යයි නම් ලැබීය. කෝට්ටේ ක්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක අධ්‍යාපනය ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා රජයේ ලිපිකාර තනතුරක කටයුතු කරමින් සිටියදී ගෘහස්ථ ජීවිතයෙන් වෙන් වී අනගාරික ජීවිතයට ඇතුළත්ව අනගාරික ධර්මපාල යයි නම් ලැබීය. කුඩා කල පටන් ම කොටහේන දීපදුත්තමාරාමයේ වැඩසිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, විද්‍යොදය පිරිවනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි ශ්‍රේෂ්ඨ මහා යතිවරුන්ගේ ඇසුර ලබමින් බුදුදහම පිළිබඳ ඉගෙනීම ලද ධර්මපාල තුමන් සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ලංකාවට පැමිණීමෙන් පසු එතුමන්ගේ කටයුතු සඳහා ද දායකත්වය දැක්වීය. වර්ෂ 1892 අමෙරිකාවේ චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයට සහභාගී වෙමින් බුදුදහම පිළිබඳ උනන්දුවක් යුරෝපීයයන් තුළ ඇති කරවීමට ධර්මපාලතුමා සමත් විය. දඹදිව බුද්ධගයාව හින්දු භක්තික මහන්තා විසින් තම ග්‍රහණයට හසු කරගෙන තිබෙනු දුටු ධර්මපාලතුමා මහාබෝධි සංගමය පිහිටුවා විධිමත් පියවර ගනිමින් බුද්ධගයා පුදබිම ඇතුළු දඹදිව සිද්ධස්ථාන යළි බෞද්ධයන් වෙත හිමි කර දීමට කටයුතු කළේ ය.
අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව නව මසක් ගත වූ තැන ලක්දිවට වැඩම කළ සේක. යක්ෂයන් දමනයට මහියංගණයට වැඩි උන්වහන්සේ දහම් දෙසූ අවස්ථාවේ දී සුමන සමන් දෙව්රජු සෝවාන් ඵලයට පත් විය. දෙව් රජු වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී සියලු සත්ත්වයන්ට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු සිරස පිරිමැද නීලවර්ණ කේශ ධාතූන් වහන්සේ මිටක් ලබා දුන් සේක. එය රන් කරඬුවකට පිළිගත් සුමන සමන් දෙවිඳුන් ධාතූන් වහන්සේ තැම්පත් කොට ලොව ඉදි කළ මුල්ම සෑය වූ මහියංගණ සෑ රදුන් වහන්සේ ඉදි කරන ලද බව මහාවංශයේ සඳහන්ව ඇත. භාග්‍යවතුන් වහන්සේ මෙරටට බුදු සමය හඳුන්වා දීමෙන් පසු ධර්ම විනයත්, සංස්කෘතියත් මෙරට සමාජ භාවිතයට යොදවනු ලබන්නේ සුමන සමන් නමැති ප්‍රාදේශීය පාලකතුමන් විසිනි. ‘සුමන සමන්’ යනු අප රටෙහි ජීවත් වූ වැසියෙකි. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයකු ලෙසින් ද, ප්‍රාදේශීය රාජ්‍ය පාලකයකු ලෙසින් ද ඔහු තමන් වැළඳගත් මේ උතුම් දහම තම රට වැසි ජනතාවට හඳුන්වාදීමට කාරුණික විය. සමනල අඩවවිය කේන්ද්‍ර කර ගත් මේ මහා රාජධානිය තුළ එම උත්තම දහම පැතිර ගියේ සුමන සමන් දෙව් සංස්කෘතිය ලෙසිනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්විත මෙම සංස්කෘතිය මඟින් ගෝත්‍රික ජනතාව අතර එතෙක් පැවති මත ගැටුම්, අවි ගැටුම් නිරාකරණය කරමින් සමාජ සාමයක් ගොඩ නඟන්නට සමත් විය. සාමය ස්ථාපිත වීමත් සමඟම ප්‍රදේශය සමෘද්ධිමත් විය. එයට නායකත්වය ලබා දෙන ලද්දේ සුමන සමන් පාලකයා විසිනි.
දීඝනිකායේ සඳහන් වන ඉතා වැදගත් සූත්‍ර ධර්මයක් වන සිඟාලෝවාද සූත්‍රය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා මඟ කියා දෙන්නකි. බොහෝ සෙයින් ගෘහ ජීවිතයක් පවත්වා ගත යුත්තේ කෙසේ ද යන්න මෙයින් මනාව පිළිබිඹු වේ. පියාගේ අවවාද පිළිපැදීමක් වශයෙන් ‘සිඟාල’ නම් ගෘහ පුත්‍රයා පාන්දරින්ම නැඟිට ස්නානය කොට තෙත රෙදි හා තෙත කෙස්පිටින් සදිසා නමස්කාරයෙහි යෙදී සිටින අයුරු බුදුරජාණන් වහන්සේ දුටු සේක. ආර්ය විනයෙහි සදිසා නමස්කාරය සිදු කරනු ලබන්නේ මෙලෙස නොවේ යැයි දේශනා කළ බුදුන් වහන්සේගෙන් සිඟාල ගෘහපති විසින් විමසනු ලබන්නේ, ඒ කෙසේදැයි කියා ය. ඉන්පසු බුදු හිමියෝ සිඟාලෝවාද සූත්‍රය දේශනා කරමින් නිවැරැදි මඟ මැනවින් පෙන්වා දුන් සේක. ඒ අතර තුදුස් ළාමක ධර්ම වශයෙන් අපගේ දෙලොව දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වන කරුණු 14 ක් ද බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.
බිනර අව අටවක පෝය දින
මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර
ඉතිරිය»
සිත කිලිටි කර ගන්න එපා ඔබ කළ පින් නිතර සිහිකරන්න
මිනිස් හදමඬල මිහිමඬලට ආශිර්වාදයක් වීමට නම්...
නිදහස් චින්තනය අගය කරන බුදුදහමට විදේශිකයන් කැමැතියි
දුටුගැමුණු මහ රජතුමා 80 කොටස: එළාර රජුගේ යුද සැලසුමේ වෙනසක්
සැදැහැ සිත් පුබුදන ඓතිහාසික කන්දෙ විහාරය
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]