[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙමසකට පෙර අපවත්වී වදාළ කහතුඩුවේ විමලතිස්ස නාහිමි

තෙමසකට පෙර අපවත්වී වදාළ කහතුඩුවේ විමලතිස්ස නාහිමි

යම් ප්‍රදේශයක ජනතාවගේ සාමාජික ආගමික කටයුතු ප්‍රවර්ධනයට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම, ප්‍රදේශයේ බෞද්ධ දායක දායිකාවන්ට පින් රැස් කිරීමට උදවු උපකාර සැලසීම හා ඔවුන්ගේ දියුණුවට හා සසරින් එතෙර වීමට අනුශාසනා කිරීම අපේ මහා සංඝ රත්නයේ ප්‍රමුඛ කාර්ය භාරයන් අතර වේ.

ඒ සියලු දේ ඉටු කරමින් උජුපටිපන්න ගුණයෙන් යුක්තව කහතුඩුව පුරවරයට පමණක් නොව ග්‍රාම නිලධාරී වසම් 30 කින් පමණ සමන්විත මුළු උඩුගහපත්තුවට සුවිශේෂී ආගමික සේවයක් කළ කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති කහතුඩුවේ විමලතිස්ස හිමිපාණෝ අපවත්වී සැප්තැම්බර් 14 වැනිදාට තෙමසක් සපිරේ.

උඩුගහපත්තුවේ පැවිදි සංවිධානයේ සභාපති ලෙස උඩුගහපත්තුවේ ජනතාවගේ ආගමික සාමාජික දියුණුවට වසර 60 කට අධික කාලයක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ සුපේෂල ශික්ෂාකාමී උන්වහන්සේ අපේ සඟ පරපුරට සුවිශේෂී ආදර්ශයක් දුන්නේ ආගන්තුක සත්කාරය මඟිනි.

තමන්ට ලැබුණු විශ්‍රාම වැටුප මෙන් ම පින්කම්වලට ගොස් ලැබෙන පිරිකර ආදී සියලු දේ ආගන්තුක සත්කාරය වෙනුවෙන් කැප කළ, උඩුගහපත්තුවේ සෑම ශාසනික කටයුත්තක දී ම පෙරමුණ ගත් කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ මෑත දියුණුවේ ප්‍රමුඛයාණන් වූ කහතුඩුවේ විමලතිස්ස හිමිපාණෝ උඩුගහපත්තුවේ මහ සඟ පරපුරට නායකත්වය දුන් විනයධර සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

අවුරුදු 30 කට අධික කාලයක් පාසල් හා විද්‍යායතන ගණනාවක දහම් ආචාර්යවරයකු ලෙස සිටි කහතුඩුවේ විමලතිස්ස හිමිපාණෝ රටේ විවිධ පළාත්වල සිසු දරු දැරියන් දහස් ගණනකගේ සාර ධර්ම ප්‍රවර්ධනයට කටයුතු කළහ.

හොරණ විද්‍යාරතන මහ පිරිවෙන, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, වෑතර මහා විද්‍යාලය හා ආනන්ද ශාස්ත්‍රාලය උන්වහන්සේ සේවය කළ අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛත්වය ගනී. විශේෂයෙන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ උන්වහන්සේ සේවය කළ වසර 15 ක කාලයේ දී ප්‍රදේශයේ ආගමික සාමාජික හා ජාතික උන්නතිය සඳහා විවිධ වැඩ කටයුතු රැසක් ඉටු කළ බව ඒ ඒ ප්‍රදේශවල ජනතාව සිසු දරු දැරියන් පවසන්නේ ඒ පිළිබඳ නමස්කාර පූර්වක හද පිරි කෘතඥතාව පළ කරමිනි.

කහතඩුවේ විමලතිස්ස හිමියන් කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ විහාරාධිපති ධූරයට පත්වන්නේ 1987 දී ය. එදා සිට අපවත්වෙන තුරු උන්වහන්සේ කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ අභිවෘද්ධියට ඉමහත් සේවයක් ඉටු කළහ.

ඒ අයුරින් වසර 30 ක් මෙරට සිසු පරපුරේ ඥානය නංවාලමින් හා තවත් වසර 30 ක් කහතුඩුවේ ද උඩුගහපත්තුවේ ආගමික සාමාජික කටයුතුවල නායකත්වය ගෙන කටයුතු කළ ශාස්ත්‍රපති මුළු දිවයිනට ම සාම විනිසුරු කහතුඩුවේ විමලතිස්ස හිමිපාණන්ට නිවන් සැප ලැබේවායි! අපි ප්‍රාර්ථනා කරමු.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]