[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පොතපත කියවීමේ අගය සේ ම සමාජය කියවීමේ වටිනාකම ද දරුවන්ට කියා දෙන්න

"සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගී පද කිහිපය තුළින් ම ගුරුවරයා යනු කවුරු ද යන්න ඉතා හොඳීන් වටහා ගත හැකි ය. සමාජයේ සෑම තරාතිරමක කෙනෙක් ම නිර්මාණය කරනුයේ ගුරුවරයා විසිනි. අප අමතක නො කළ යුත්තේ එම ගුරුවරයාට ද ජීවිතයක් ඇති බව ය. සමාජ ජීවිතයේ දී බොහෝ වරප්‍රසාද හිමිවන්නේ ගුරුවරයාගේ අප්‍රතිහත ධෛර්ය තුළිනි. ඇතැම්විට එවැනි ගුරුවරු තවමත් තමන්ගේ මූලික අවශ්‍යතා ටික හෝ ඉටු කර ගැනීමට බැරුව එහෙත් ලද දෙයින් තෘප්තිමත් ව කටයුතු කරනු දක්නට ලැබේ. එහෙත් තමා ඉගැන්වූ දරුවන් සැප පහසුකම් ලබා සමාජයේ වැජඹෙනවා දැකීම බොහෝ සෙයින් ප්‍රිය කරති. මව්පියන්ටත් වඩා ඇතැම් විට දරුවාගේ දියුණුවේ දී ගුරුවරයා සතුටු වේ. ඇතැම් ළඟම ඥාතීන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙද්දී තම ශිෂ්‍යයන්ගේ හපන්කම් තුළ ගුරුවරයා ලබන සතුට ගැන ඇතමකුට අවබෝධයක් නැත. අප සියල්ලන්ට ම ගුරුවරයාගේ ඒ වෙහෙස, මඟ පෙන්වීම, සතුට පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇතුවාට සැක නැත. ගුත්තිල ගුරුවරයකු ලෙස, මූසිලට ගුරුමුෂ්ටි නොමැති ව ශිල්පය ලබා දුන්නේ ය. වර්තමාන ගුරුවරයා ද එසේ ම ය. ඒ අතර ගුරුවෘත්තිය ට නොගැලපෙන හැසිරීම් ඇති ඉතා සුළුතරයක් සමාජය තුළ නැතුවා ම නොවේ. එය ගුරුවරයාට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකට ම පොදු වූවකි. වෛද්‍යවරයකුට වැරදුණහොත් ලෙඩා මරණයට පත් වේ. එහෙත් ගුරුවරයකුට වැරදීම වරද සමාජගත වීමට හේතුවකි. ඇතැම් ක්ෂේත්‍රවලට විකල්ප ඇතිමුත් ගුරුවරයාට විකල්ප ඇත්තේ නැත. එය අප සියල්ලෝ ම ඉතා හොඳීන් තේරුම් ගත යුතු ය.


වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]