[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති , අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති. අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි. දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ. මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා. මේ වෙලාවේ බුදුපියාණන් වහන්සේ මා මුලින් මාතෘකාව වශයෙන් තබා ගත් “හිතානුකම්පි සම්බුද්ධො” කියන ගාථාව දේශනා කොට වදාළා. එහි අදහස තමයි, “යම් හෙයකින් සර්වඥ වූ බුදුපියාණන් වහන්සේ ලෝක වාසීන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන සේක් ද, ඒ බුදුපියාණන් වහන්සේ රාගයෙන් හා ද්වේෂයෙන් විශේෂයෙන් මිදුණු කෙනෙක් ය ” කියන වග.


බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]