[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2021.09.13

සිත ලෙඩ කර ගන්න එපා

නිරෝගී බව සම්පතකි. එහෙත් එහි අගය බොහෝ දෙනකුට වැටහෙන්නේ රෝගී ව විඳවන්නට වූ කල ය. රෝහල්වලට ම කාලය ගත කරමින් අමාරුවෙන් උපයා ගත් මුදලත් ඒ සඳහා වියදම් කරන්නට වූ විට ය. කරන්නට ඇති දහසකුත් වැඩ කටයුතු ගොඩගැසෙන්නට වූ කල ය. තමන් ආරක්ෂාකාරී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළා නම් රෝගී බවින් වැළකෙන්නට තිබුණා යැයි බොහෝ දෙනෙක් එවැනි අවස්ථාවන් හි පසුතැවෙන ආකාරය ද පෙනේ. අද අප මුහුණ දෙන වසංගත තත්වය ම උදාහරණ කොට ගත හැකි ය. නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා බොහෝ දෙනෙක් රෝගය වැළඳී පීඩාවට පත් විය. මරණය වැළඳ ගත්හ. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට බැරි යැයි කියමනක් තිබේ. එසේ නම් කළ යුතු නැවත එවැනි මඟ හැරීම් නොවන තැනට කටයුතු කිරීම ය.

අවධානය යොමු කළ යුතු තවත් කරුණක් තිබේ. නිරෝගී බව කී සැණින් බොහෝ දෙනකුගේ සිතට නැඟෙන්නේ කායික නිරෝගී බව ගැන ය. එහෙත් ශරීරය මෙන් ම සිත ද සමබර විය යුතු ය. මනස ලෙඩ වෙලා නම් කායික ව මොන තරම් ශක්ති සම්පන්න වුව ද පලක් නැත. ඔහු රෝගියෙකි.

කය අපිරිසුදු වූ බව දැන ගත් වහා ම පිරිසුදු ජලයෙන් සෝදා හරින්නට අපි වහ වහා උත්සුක වෙමු. ඒ අපිරිසුදු බව දරා ගත නොහැකි නිසාත් , අපිරිසුදුකම නිසා රෝගී වීමට ඉඩ ඇති නිසා ත් ය. කුණු දුහුවිලි වැකී සිරුර අපිරිසුදු වූ විට අපට එය හොඳීන් දැක බලා ගැනීමට ද හැකි ය. දුර්ගන්ධය ද දැනෙන්නේ ය. අප වහාම පිරිසුදු වන්නට ක්‍රියාත්මක වන්නේ ඒ අනුව ය. එහෙත් සිත අපිරිසුදු වූ විට අපට නොපෙනේ. දුර්ගන්ධයක් නොදැනේ. ඒ නිසා සිත පිරිසුදු කළ යුතු බවට උවමනාවක් නොදැනේ. කරදරයේ වැටෙන්නේ ඒ අනුව ය.

සිත අපිරිසුදු වී තිබේද යන්න දැන ගන්නට නම්, සිත දකින්නට උත්සාහ කළ යුතු වේ. සිතිවිලි හඳුනා ගන්නට උත්සාහ කළ යුතු වේ. අනුන් කෙරෙහි වන වෛරී සිතිවිලි දරා ගන්නට බැරි තරම් සිත, පීඩාවට පත් ව ඇත් නම් ,අනුන්ට විපතක් කරන්නේ කෙසේදැයි සිතිවිලි මෙහෙයවනවා නම්, ඒ සිත රෝගී ය. අනුන්ට ලැබෙන දේ දරා ගන්නට බැරිව ඊර්ෂ්‍යා කරනවා නම් ඒ සිත රෝගී ය. අනුන් පාගා දමන්නට සිතිවිලි මෙහෙයවනවා නම්, ඒ සිත රෝගී ය. අධික ලෝභය වේ නම්, ද්වේශය, මෝහය වේ නම් ඒ පුද්ගලයා ද රෝගී ය. මේ කෙලෙස් අඩු වැඩි වන තරමට රෝගී තත්ත්වය ද උත්සන්න වන්නේ ය. අනුන් ගැන සිතමින්, ආශාවන් ගැන සිතමින් වැරැදි ආකාරයේ කවර සිතිවිල්ලක් වුව ද ඇති කර ගන්නේ නම් ඒ රෝගී බවින් විඳවන්නට වන්නේ තමන්ට ම ය. එහෙයින් මනස අපිරිසුදු කරන කෙලෙස් කසට දුරු කිරීමට උත්සාහ කළ යුතු ය.

රෝගී සිතකින් අයහපත් දේ ම මිස යහපත් දෙයක් කරන්නට පෙළඹෙන්නේ නැත. ඒ අනුව තව තවත් රැස් වන්නේ ද කෙලෙස් කසට ම ය. සිත නිරෝගී කර ගැනීමට නම් අයහපත් සිතිවිලි වැඩෙන්නට නොදී සිත ආරක්ෂා කර ගත යුතු ය. අයහපත් සිතිවිල්ලක් ඇති වන වහා ම ඒ ගැන සිතා යහපත් දේ ම සිතිය යුතු ය. ඒ සඳහා වූ අපූර්ව මාවතක් ශ්‍රී සද්ධර්මය අපට උගන්වා තිබේ. කළ යුතු ඒ දහම ප්‍රායෝගික ව තමන්ගේ සිතට පුරුදු කිරීම ය. ඒ පුරුදු මේ ජීවිතයේ පමණක් නොව, සසර පුරා ද අප පසුපස එනු ඇත.

බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]