[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මව් සෙනෙහසට පුද දුන් දාගැබ ඓතිහාසික යුදගනාව ස්තූපය

මව් සෙනෙහසේ උණුහුමට මනුසතුන් සේ ම වනසතුන් ද එකසේ ලැදිය. මව්කිරි බිඳක වටිනාකම ගෙවීමට අපට මේ භවය ප්‍රමාණවත් නොමැති අතර මව් සෙනෙහස වෙනුවෙන් දස දහස් ගී පබැදුණේ ඒ නිසාවෙනි. ආදරයේ නාමයෙන් ටඡ් මහල් බැඳුණු බව ලොවපුරා ප්‍රචිළිත වුව ද උත්තරීතර මව් සෙනෙහස වෙනුවෙන් ස්තූප බැඳුණු බව ඔබ නොදන්නවා ඇත. ලක්දිව ස්තූප නිර්මාණයේ ඉතිහාසය සොයාබලන විට අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ දී ලක්දිවට බුදුදහම පැමිණීමත් සමඟ දෙවන පෑ තිස් රජුගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණු මෙරට පළමු දාගැබ ලෙස ථූපාරාමය හඳුනාගත හැකි ය. එහෙත් ථූපාරාමයට පෙර ඉදිකරන ලද ස්තූප දෙකක් පිළිබඳව වංශකථා තොරතුරු දක්වා ඇත. බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සමන්තකූටවාසි මහා සුමන නම් දෙවිඳුන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට මහියංගන ස්තූපය ඉදිකර ඇත. එසේම බුදුන් වහන්සේට පළමු දානය පූජා කළ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් මෙරට නැඟෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ බුදුන් වහන්සේගෙන් ලබා ගත් කේශධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකර තිබේ. මහියංගනය හා ගිරිහඬු සෑය එලෙස ලක්දිව ඉදිකළ පළමු ස්තූප වශයෙන් වංශකතා පෙන්වා දෙයි. නමුත් එය පුරාවිද්‍යාත්මක ව සනාතවී නැත.

  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]