[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මව්පියන් දරුවන්ට දායාද කරන්නේහොඳම දෙය ද ?

මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය. මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය. තමන් සමාජගත කරන දරුවන් මේ ජීවිතය තුළ අතිජාත හො අනුජාත දරුවන්වීම සෑම අම්මාකෙනෙක්ගෙම ප්‍රාර්ථනාවයි. මෙහි දී දරුවා අවජාත දරුවෙක් එනම් ගුණයහපත් කම් අතින් දෙමාපියන්ට වඩා පහත් දරුවකු වෙනවාට මව්පියන් අකමැතිවේ. මෙහි දී මව්පියන්ට ලොකු වගකීමක් පැවරේ. දරුවා කුස පිළිසිඳගත් මොහොතේ සිට දෙමාපියන් කටයුතු කරන අයුරු ඇතැම් දෙමාපියන් මව්පියන් නොදනී. දරු පිළිසිඳ ගැනීමේ දී මෙන් ම කුස මෝරන කාලයේ දී දෙදෙනා සීලයෙහි පිහිටිය යුතු ය. අතීත ඇතැම් මව්වරු තමන් පළමුව පන්සිල් සමාදන් ව නැවත පන්සිල් ඉල්ලා සිටී. නැවත ඔවුන් පන්සිල් ඉල්ලා සිටින්නේ තම කුසහෝනා දරුවාට ය. මහාමායාව පිළිසිඳ ගැනීමේ සිට පෙහෙවස් සමාදන්වූවා ය. අච්චරියධම්ම සූත්‍රයේ දී දක්වනු ලබන්නේ කුස පිළිසිඳගත් දා පටන් මව්පිය එක්වීමක් හෝ සිදු නොවන බවයි. බිරිඳට බිළිඳාට සුදුසු නුසුදුසු දෑ පිළිබඳව සැමියා දැනුවත්වීම අවශ්‍යය. දකින සහ අසන දේ සෞම්‍ය විය යුතුය. දෙදෙනා ආරවුල් ඇති කර නොගත යුතු ය. කුස සිටි කාලයේ දී දරුවා මුහුණ දුන් කාරණා ඉපදීමෙන් පසුව කිව නොහැකි වූව ද ඒ අත්දැකීම් දරුවා තුළ ගැබ්ව පවතී.


  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]