[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙරුවන් බෙලෙන්
සැමට නිදුක් නීරෝගි
සුබ අලුත් අවුරුද්දක් !

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අලුත් සහල් මංගල්‍යයෙන්...

ගොවි ජනතාව වෙහෙසී නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීමේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පසු ගිය දා පැවැත්වුණි. අස්වැන්නෙහි අග්‍ර භාගය බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන් කිරීම සාම්ප්‍රදායිකව සිදු කරගෙන එන වාර්ෂික චාරිත්‍රයකි. 54 වැනි වරටත් පැවැත් වූ ජාතික අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබිණි. පුරාණ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය පෙරහර, හේවිසි , සක් නාද මධ්‍යයේ නැඟෙනහිර වාහල්කඩින් බෝ මලුවට පිවිස පල්ලේගම සිරිනිවාස නා හිමියන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා , මැති ඇමැතිවරු ඇතුළු නන්දෙසින් පැමිණි ගොවි ජනතාව විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළහ. අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ආදි වාසි ජනතාව සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන මී පැණි බඳුන් වැදි නායක වන්නිල ඇත්තන් වෙනුවෙන් නියෝජ්‍ය නායක ඌරුවරිගේ ගුණබණ්ඩා විසින් ජනාධිපතිතුමා වෙත භාර කරනු ලැබීය. පළාත් 9 නියෝජනය කරමින් පැමිණ සිටි ගොවි සමිති නියෝජිතයන්ට , භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ඣායනා කොට බලගන්වන ලද බිත්තර වී බෙදා දීම ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරිණි.

බොදු සිරිතෙන් සුපෝෂිත සිංහල අලුත් අවුරුද්ද

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ එතෙක් පැවති වෛදික චාරිත්‍ර බුදු දහමට අනුව සකස් වුණි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජීවිත සරුසාරවත් කරගැනීම බොදු සිරිත් විරිත් තුළින් අපේක්ෂිත අරමුණයි. එතුළින් ගම හා පන්සල අතර වූ සබඳතාවය ශක්තිමත් විය. අලුත් අවුරුදු උදාවට ප්‍රථම ගමේ සෑම නිවසකින්ම පාහේ කුළුබඩු ආදිය එකතු කොට පන්සල වෙත භාරදීම මෙන්ම සුවිශේෂී කැවිලි වර්ගයක් සාදා ඉන් කොටසක් බුද්ධ පූජාව ලෙස වෙන්කොට පන්සලේ හාමුදුරුවරුන් වෙත ද කොටසක් යවා පන්සලෙන් ගමට ආශිර්වාදය ලබාගැනීම වැනි චාරිත්‍ර එකී සම්බන්ධතාවයෙහි සරල උදාහරණයක් ප්‍රකට කරන්නකි. නියමිත වෙලාවකට පවුලේ සියලු දෙනාම එකට එකතු වීමත්, රටේ සියල්ලන්ම එකට එකතුව කටයුතු කිරීමත් තුළ ගොඩනැඟෙනුයේ සමඟියයි. එය ඕනෑම සමාජයක ප්‍රගමනයට ඉවහල් වන්නකි. භික්ෂු සමාජයේ වුව ද වටිනාකම පවතිනුයේ සමගිය මත ය. බුදුන් දවස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දී ධර්මධර හා විනයධර භික්ෂූන් අතර ඇතිවූ මත ගැටුමෙන් දෙකඩ වූ සංඝයාගෙන් වෙන්වීමට බුදුරජාණන් වහන්සේ පවා කටයුතු කළේ අසමගිය තුළින් උදාර සමාජයක් බිහිකිරීමේ හැකියාවක් නොමැති බැවිනි.

මතු පරපුරට දායාද කළ යුතු සිංහල අවුරුදු සිරිත් විරිත්

සිංහල අලුත් අවුරුද්ද සිංහලයින්ට සුවිශේෂ වූ උත්සවයකි. බෞද්ධයින් නොවන සිංහල ජාතිකයින් විසින් ද, සෙසු ජාතීන් විසින් ද අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කිරීම ශ්‍රී ලාංකේය වැසියන්ගේ සුවිශේෂ ලක්ෂණයකි. අප්‍රේල් මස හෙවත් බක් මස 13 වන දින හෝ 14 දින හෝ අලුත් අවුරුදු දිනය උදාවේ. බක් මාසයේ සමරන මෙම උත්සවය අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවැති මහා කලා මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල අලුත් අවුරුද්ද හා බැඳී පවතියි. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර ප්‍රමුඛ ය. ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීමත් සමඟ බෞද්ධාගමික පරිසරයක අලුත් අවුරුදු චාරිත්‍ර වර්ධනය වී ඇත. අලුත් අවුරුද්ද කියූ පමණින් ලොකු කුඩා සැමගේ සිත්වල අලුත් සිතුවිලි මැවෙයි. ගෙවල් සේදීම, තීන්ත ආලේප කිරීම, කැවුම්, කොකිස්, අලුවා, ආදි නොයෙකුත් කැවිලි වර්ග සැකසීම, කෙසෙල් කැන් වළ දමා ඊට දුම් පිඹමින් ඒවා ඉදවීම, අලුත් අවුරුදු කිරිබත සැකසීම, ගෙමිදුල සහ ගේ අවට පරිසරය පිරිසුදු කර අලංකාර කිරීම, ආච්චි සීයා සහ නෑයින්ගේ ගෙවල්වල නෑගම් යාම, එරබදුමල් පිපීම, කොහාගේ මිහිරි නාදය නිතර ඇසීම, ගමේ කොල්ලන් විසින් අප්‍රේල් මාසයේ ආරම්භයේ සිට ඉඳහිට දමන රතිඤ්ඤා හඬ ආදී නොයෙකුත් සිතුවිලිවලින් අලුත් අවුරුද්ද පිරී යයි.

ධර්ම දේශනාව:

නිරෝග සුවය දීර්ඝායුෂ ලබන්නට සිරිතට විරිතට මුල්තැන දෙන්න

සනරාමර ලෝක සිවංකර වූ අප භාග්‍යවතුන් වහන්සේ දීඝලම්ක නුවර ආරණ්‍ය කුටියක වැඩ වසන සමයෙහි ආයුවඩ්ඪන කුමරු අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම කුමාරයාගේ පියා ප්‍රථමයෙන් තපස් රැකුමට වන වැද අටසාළිස් වසක් තවුස්දම් රැක යළි කුල පරම්පරාව පවත්වා ගැනීමට තවුස්දම් අත්හැර බිරිඳක් සරණ පාවා ගත්තේ ය. කලක් ගත වන විට දරු සම්පතක් ලැබ මෙම නුවර ආරණ්‍ය කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ ප්‍රථමයෙන් පියා ද දෙවනුව මව ද වඳින විට “දීඝායුකොහොථ” දිගාසිරිවේවායි බුදුහු වදාළ සේක. යළි පොඩි සිඟිත්තා වන්දවන විට කිසිවක් නොවදාළ සේක. මෙයට කාරණය විමසූ විට මෙම දරුවාගේ ආයුෂ හත් දිනක් පමණක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඉන් පසු මව්පියයෝ අඬමින් අපේ දරුවාගේ උවදුර දුරුවී ආයුෂ වැඩිවෙන්නට පිළියමක් වේ නම් එය වදාරණ ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ, එසේ නම් සිය ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා භික්ෂූන් වහන්සේලා අටනමක්, සොළොස් නමක් හෝ වඩා හිඳුවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවන්න යැයි වදාළ සේක. බමුණා හා බැමිණිය ගෙදර ගොස් මණ්ඩපයක් තනවා මහ සංඝරත්නය වඩා හිඳුවා දරුවා ද ඒ මැද තබා සතියක් පුරාවට නොකඩවා පිරිත් දේශනා කරවූහ. දෙවියෝ ද එහි පැමිණියහ. පිරිතේ ආනිශංස බලය ලැබුණි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]