[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

යහපත් මඟට පය තැබුවත් එහි යන්නට සිත නො දෙන්නේ ඇයි?

උපනීයතී ජීවිතමප්පුමායු - ජරූපනීතස්ස නසන්ති තාණා - ඒතං භයං මරණෙ පෙක්ඛමානො - පුඤ්ඤානි කයිරාථ සුඛාවහාති, සුපින්වත්නි,සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයෙහි වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම බමුණන් දෙදෙනා ම අසූ වයස් ඉක්ම වූහ. වෙව්ලන ශරීර ඇත්තෝ වූහ. එහෙත් තම දරුවන් විසින් නිවෙස්වලින් පිටමං කරනු ලැබීය. බමුණන් දෙදෙනා අසරණ ව, මහ මඟට වැටුණහ. අපට පිහිටවන කිසිම කෙනෙකු නැත. බුදුරජාණන් වහන්සේගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නම් කෙ තරම් වාසනාවක් දැයි සිතා ජේතවනාරාමයට පිය නැඟූහ. ඉතා වෙහෙසකර ගමනින් දෙව්රම් වෙහෙරට ගිය මෙම බමුණෝ දෙදෙන බුදුරදුන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට තමන්ගේ අදහස් ප්‍රකාශ කළහ. “අප දෙදෙනාම කුඩා කල පටන් යහළු මිත්‍රයන් වශයෙන් හැදී වැඩුණෙමු. තරුණ වයසේ දී විවාහ ජීවිතයට පත්වූයෙමු. දූදරුවන් හැදුවෙමු. ඔවුන් සමඟ ද පී‍්‍රතිමත්ව සිටි නමුත් පිනක් දහමක් කර ගැනීමට තරම් සිත් පහළ නො වීය. අපි දෙදෙනාම දැන් අසූ වයස් ඉක්මවා සිටින්නෙමු. කිසිම දෙයක් කරන්නට ශාරීරික ශක්තියක් නැත. මානසික පී‍්‍රතියක් හෝ නැත. අපේ දූ දරුවෝ අප දෙදෙනාම නිවෙස්වලින් පිටමං කළහ. එබැවින් මහමඟ. අසරණව ගමන් කළෙමු. එකම පිහිට භාග්‍යවතුන් වහන්සේ බව කතා කරගෙන අපි දෙදෙනම මෙහි ආවෙමු" යැයි ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාගේ වයසට හා අපේක්ෂාවන්ට යෝග්‍ය පරිදි අනාගත ජීවිතයට සැපගෙන දෙන්නා වූ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.


  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]