[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නුවර යුගයේ බිතු සිතුවමින් අලංකාර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය

මාතර දෙයියන්දර මාර්ගයේ මාකඳුර මංසන්ධියෙන් හැරී අකුරැස්ස මාර්ගයේ කි.මි 1 පමණ පැමිණෙන විට මහනුවර යුගයට අයත් මෙම බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය හමුවේ. මෙම පුරාණ විහාරය වර්ෂ 1828 පෙර ආරම්භ වූ ලෙස සැලකේ. මාතර මානව වංශයේ සඳහන් වන අන්දමට දප්පුලසේන රජුගේ ප්‍රාදේශීය නායකයෙක් රංසෑගොඩ ප්‍රදේශය මුල් කොට ගෙන පරිපාලනය ගෙන ගියේ ය. එම ප්‍රාදේශීය නායකයා සහ එක්ව දප්පුලසේන රජතුමාට දිනපතා බත් සැපයූ ගම “බත්ගම” පසුව බැරගම නම් විය. එම කාලයේ දී රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරය මෙම විහාරය හා එක්ව කටයුතු සිදුකර ඇති බව පැවසේ. ප්‍රාදේශීය පාලකයාගේ අනුග්‍රහයෙන් දප්පුලසේන රජතුමාගේ යුද හේවායන් පුරුදු කළ ස්ථානය රණපිටිය හෙවත් වර්තමානයේ රණගල නමින් හැඳින්වෙන යාබද ගමත්, පුරාණයේ සිටම රජුට බත් දුන් ගම පසුකාලීනව බැරගම නම් වූ බවත් සඳහන් වේ. බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාර ඉතිහාසය නුවර යුගය දක්වා විහිදී යයි. ඒ බවට විහාරයේ ඇති පැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායට අයත් මෙම පුරාණ විහාරය වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න සඟ පරපුරට අයත් ය.

  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]