සමනලතැන්න
අරණ්‍ය සේනාසනය
මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් අක්කර විසි
පහක් පමණ වූ අති රමණීය වන පෙතක සමනලතැන්න අරණ්‍ය සේනාසනය පිහිටා ඇත.
පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වු මෙහි ඓතිහාසික පුරාවස්තූන් රැසකි. කටාරම් කොටන ලද
ගල් ලෙන් පහකි. සෙල්ලිපි තුනකි. ගල්තලාවක් මත පිහිටි කිසිදා දිය නොසිඳෙන පොකුණකි.
ගරා වැටී, පසු කාලෙක නිධන් හොරුන් විසින් විනාශ කරන ලද චෙත්‍යයක නටඹුන් ය. කැටයම්
කරන ලද ගල් කණු රැසක් දක්නට ඇත. මෙම ඉපැරණි පුණ්‍ය භූමිය පිළිබඳ ජනශ්‍රැති හා ජනකථා
බොහෝ ය.
අනූව දශකයේ මුල් භාගයේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලි සී කලාපය නිර්මාණය
වෙද්දි දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි ගොවි පවුල් සී කලාපයේ වැව් හා ගංගා, ඇළ
දොළ ආශ්‍රීත ව පදිංචි වී හේන් වගාව අරඹද්දි ස්‍යාමොපාලි මහා නිකායේ වනවාසි අරණ්‍ය
සේනාසන පාර්ශවයේ වැරවිල සංඝමුලස්ථානයේ පැවදි වු මොරගොල්ලේ විමලඥාණ හිමියෝ මහා වන
පෙතකින් වැසි තිබු වර්තමාන අරණ්‍ය සේනාසනයේ ගල් ගෙයක් වාස භූමිය කර ගනිමින් වැඩ
විසුහ.
සමනලතැන්න ගොවි ජනපදයට අයත් වු පුරාවිද්‍යා රක්ෂිත භූමියෙහි වැඩ වාසය කළ මොරගොල්ලේ
විමලඥාණ හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස 1991 වසරේදී වර්තමාන අරණ්‍ය සේනාසනාධිපති
හඟුරන්කෙත ශ්‍රි සුමණානන්ද නා හිමි සසුන්ගත වුහ. තරුණවියේ පසු වු උන්වහන්සේ ගුරු
හිමියන්ගේ අනුශාසනා මත ගල් ගුහා ශුද්ධ පවිත්‍ර කළහ. එක් ලෙනක බුද්ධ ප්‍රතිමා වහන්සේ
නමක් තැන්පත් කොට බුද්ධ මන්දිරයක් බවට පත් කර දන් පූජා කරමින් පුද පූජා ඇරඹුහ.
සමනලතැන්න, තුවාරගල, මුරුතගස්පිටිය, කුඩාගල ආදි ගොවි ජනපද දායක දායිකාවන්ගේ සහයෝගය
මත අක්කර 25ක් පුරා විසිරී පැවැති පුජා වස්තූන් නිධන් සොරුන්ගෙන් ආරක්ෂා කරගනිමින්
වත්මන් අරණ්‍ය සේනාසනපති හිමිපාණන් වහන්සේ වග වලසුන් ගැවසුණ පුණ්‍ය භූමිය අංග
සම්පුර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු දහසක් ගැටලු හා ප්‍රශ්නවලට
මුහුණ දෙමින් ආරම්භ කළහ.
ඉපැරැණි චෛත්‍යය පිහිටි ගල්තලාව මත ඉතා දර්ශනීය චෛත්‍යය රාජායාණන් වහන්සේ ඉදිවිය.
2015 වසරේ අරණ්‍ය සේනාසනාධිපති මොරගොල්ලේ විමලඥාණ නාහිමිපාණන් වහන්සේ අපවත් වු පසු
නව අරණ්‍ය සේනාසනාධිපති පදවියට පත් පූජ්‍ය හඟුරන්කෙත ශ්‍රී සුමනානන්ද නාහිමිපාණන්
වහන්සේ රුපියල් දෙකෝටියක වියදමෙන් නව දෙමහල් සංඝාවාසයක් ඉදිරිකිරිමේ කටයුතු ඇරඹු
අතර තවමත් වැඩ නිම වි නොමැත. 2009 වසරේ දී මෙම අරණ්‍ය සේනාසනයේ භික්ෂුණීන්
(මෙහෙණින්) වහන්සේලා උදෙසා නව සංඝා වාසයක් ද, භාවනා කුටිද ඉදිවිය.
මේ වන විට අරණ්‍ය සේනාසනයේ එක් කොටසක භාවනායෝගි භික්ෂුන් වහන්සේලා දස නමක් ද, අනෙක්
කොටසේ භාවනායෝගි භික්ෂුණීන් වහන්සේලා පස් නමක් ද භාවනා යෝගි උපාසක උපාසිකාවන් රැසක්
ද සිටිති. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා නාහිමිපාණන් වහන්සේ දැන උගත් ශිෂ්‍ය
භික්ෂු පරපුරක් ද සම්බුද්ධ ශාසනයට දායක කර තිබේ.
මේ වසරේ මුල් භාගයේ ආරම්භ කරන ලද පුණ්‍ය භූමි වාහල්කඩ ඉදිකිරීම් කටයුතු ද නිම
වෙමින් පවතී. මෙම පුණ්‍ය භූමියේ සසුන් ගත වී සසර ගමන කෙටි කර ගැනීම උදෙසා පැමිණෙන
ලෙස ළමා තරුණ වැඩිහිටි වයෝවෘද්ධ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇරයුම් කරේ.
එසේම සිද්ධස්ථාන සංවර්ධනය උදෙසා දෙස් විදෙස් දානපතීන් හා පරිත්‍යාගශීලීන්ට දායක විය
හැකි බව අරණ්‍ය සේනාසනාධිපති නැඟෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක විචිත්‍ර ධර්ම කථික
, පරිත්තභාණක , කම්මට්ඨාචාර්‍ය, හඟුරන්කෙත ශ්‍රි සුමනානන්ද නාහිමිපාණන් වහ්නසේ
පවසති.
ශාස්ත්‍රවේදි ,
සාලිය පුර ධම්මානන්ද හිමි |