ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මාර්තු 23 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගාල්ල ඓතිහාසික යටගල රජමහා විහාරය
මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.
මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.
අමාවක
මාර්තු 23
පුර අටවක
අප්‍රේල් 01
පසළොස්වක
අප්‍රේල් 07
අව අටවක
අප්‍රේල් 14
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම හා මෙරට වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයෙහි පහසුව උදෙසා සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සාමණේර හා උපසම්පදා ලියාපදිංචි සහතික පිටපත් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම පසුගිය 10 වන දින ආරම්භ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. මීට අමතරව රත්නපුර, මහනුවර හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාල මඟින් ද මෙම සේවාව ආරම්භ කර ඇති බව ද ඒ මහතා කියයි. 1995 වර්ෂයේ සිට සියලුම උපසම්පදා සහතික පිටපත් හා 2005 වර්ෂයේ සිට සියලුම සාමණේර ලියාපදිංචි සහතික පිටපත් මේ යටතේ ලබාදීම සිදු කෙරේ. ඊට පෙර වර්ෂවලට අදාළ සහතික මේ වන විට දත්ත පද්ධතියට ඇතුළත් කරමින් පවතින අතර, එම සහතික ද ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට හැකි වේ.
ධර්ම දේශනාව:
යෝ චෙ ගාථා සතං භාසේ - අනත්ථ පද සංහිතා, ඒකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති,යො සහස්සං සහස්සේන - සංගාමෙ මානුසේ ජිනේ , ඒකංච ජෙය්‍ය අත්තානං - සවෙ සංගාමා ජුත්තමො, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කල කුණ්ඩලකේසී රහත් මෙහෙණින් වහන්සේ අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.රජගහනුවර ඉසුරුමත් සිටු කුලයක සිටු දුවක සත්මහල් ප්‍රාසාදයක උඩුමහල් තලයේ සොළොස්විය ඉක්මවා ඉසුරුමත් ව සුවසේ වසන්නී ය. මෙසේ කල දවස යවද්දී නුවර දකුණු දොරින් වධකස්ථානයට ගෙන යන සොරෙකු දැක ඔහු පිළිබඳ ව කාමාශාව ඇති කරගත් මෙම සිටුදුව ප්‍රේමය දරාගත නොහැකිව දෙ අතින් පපුව අල්ලා මුහුණ යටිකුරු කොට යහනේ නිදා ගත්තා ය. එසේ හොත් ඇය දැක මව්පියන් විචාළ විට වධකයට ගෙන යන සොරා නොලදහොත් ජීවත් නොවෙමියි කීවා ය. එවිට මව්පියන් නොයෙක් කරුණු කියාත් එම ආශාවෙන් වළකන්නට නොහැකි විය. එහෙයින් නගර ගුත්තිකයන්ට මසුදහසක අල්ලස් දී සොරා නිදහස් කරගෙන සිටුදුවට පාවා දී සනසන ලදී. මෙසේ සිටුදුව සමඟ මද කලක් ගතකළ සොරා ඇගේ රන් රිදී මුතු මැණික් ආභරණ සොරා ගැනීමේ උපාය මාර්ග ගැන සිතන්නට විය. දිනක් සොරා සිටුදුවට මෙවන් අදහසක් ප්‍රකාශ කළේ ය. “සොඳුර මා වධයට ගෙනයන දින චෝරපබ්බත දෙවියන්ට බාරයක් වී ඇත. එබැවින් අප දෙදෙනා ම ගොස් එම බාරය ඔප්පු කළ යුතු වේ. අප දෙදෙනා ප්‍රථමයෙන් සුබ ගමනක් යන බැවින් අගනා ආභරණවලින් සැරසී යා යුතු යැයි ද සැමියා අදහස් පළ කළේ ය.
වර්තමානය වන විට ලෝකය පුරා මාරාන්තික වෛරස් රෝගයක් ව්‍යාප්තවෙමින් පවතින බව අප දන්නවා. ලොවපුරා බොහෝ දෙනෙක් එම රෝගයට ගොදුරු වී සිටිනවා. මානසිකව ද දුකට පත් වෙලා. සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට ද ගොදුරු වෙලා. මේ තත්ත්වය සමග අපගේ චින්තනය ධර්මානුකූල ව මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න විමසා බලමු. වරක් දණ්ඩපානී නම් ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසා සිටියා. “ස්වාමිනී, ශ්‍රමණ ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය විදිහට ලෝකයාට දේශනා කරන්නේ කුමක් ද? කියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “දණ්ඩපාණී , තථාගතයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි පවතින යථාර්ථය, පරම සත්‍යය දේශනා කරනවා” කියා යි. එසේනම් අප පිළිගත්තත්, නැතත් මෙනෙහි කළත් නො කළත්, අනුගමනය කළත්, නැතත් ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා දෙන්නේ අපගේ ජීවිතයේ සැබෑ ම වූ ස්වභාවය යි. අප එම ධර්මය විශ්වාස කරන්නේ නම්, පිළිගන්නේ නම්, අනුගමනය කරන්නේ නම් අපගේ ජීවිතවල යහපත උදා වෙනවා. ජීවිත සිල්වත් වී, ගුණධර්ම දියුණු වී සැනසිලිදායක වෙනවා. ඒ වගේම මතු ජීවිත සුගතිගාමිය වෙත ද, ධර්මාවබෝධය වෙත ද පමුණුවාගත හැකි වෙනවා.
වර්තමානයේ ලොව පුරා පැතිර යන කොරෝනා (කොවිඩ් 19) වැනි රෝග සම්බන්ධයෙන් මීට වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර කාලයක බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය පවත්වාගෙන යාමට උපදෙස් දීමේ දී සාකච්ඡා කොට ඇති අයුරු විනය පිටකයේ සඳහන් වේ. එම රෝග හා රෝග හේතු මෙන්ම ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම විමසීමේ දී පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන් ම සත්ත්වයාගේ යහපත් පැවැත්මට අදාළ වටිනා උපදේශ රාශියක් බුදු දහමහෙි ද අන්තර්ගත වී ඇති බව පැහැදිලි වේ. අප දන්නා පරිදි සමහර රෝගවලට නිසි ප්‍රතිකාර හෝ රෝග හේතු විනිශ්චය කිරීමට බටහිර වෛද්‍යවරු පවා අපොහොසත් වෙති. බුදු දහම වෛද්‍ය ශාස්ත්‍රයක් නොවුණද ඇතැම් රෝග නම් කිරීමත්, ඒවාට යෝග්‍ය ප්‍රතිකාර නිර්දේශ කිරීමත් සිදුවී ඇත්තේ බුදුන් වහන්සේගේ දැනුමත් ජීවක නම් සුප්‍රකට වෛද්‍යවරයාගේ ඥානයත් පදනම් කොට ගනිමිනි. ඒ අනුව නිර්දේශිත ඖෂධ, නශ්‍යකර්ම, විරේචන, තෛල අභ්‍යංග ආදිය මගින් භික්ෂු සංඝයාගේ ස්වස්ථතාව සම්පාදනය කොට ඇත.රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන විට රෝග නාමාවලි සහ නිදානමූලික රෝග පෙළෙහි දක්නට ලැබේ. පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා යනුවෙන් දැක්වීම නිදාන මූලික රෝග වර්ගීකරණයක් වේ. ලෝකයේ පැවති සහ අලුතින් ම ඇති වී තිබෙන රෝග සංඛ්‍යාව ගණනය කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොවන බැවින් මෙසේ නිදාන මූලික වශයෙන් රෝග දැක්වීම සුදුසු ක්‍රමයකි.
130 වන ගුණ සමරු පින්කම පැවැත්වෙන පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානය
සිරි සදහම් පැන විසඳුම් - ජයග්‍රාහකයෝ
පිහිට පතයි
ඉතිරිය»
සිදුරු නොවී ආරක්ෂා කළ යුතු සීලය
ඉලක්ක ජයගන්න මානසික සංවර්ධනය ඕනෑ
ත්‍රිපිටක දහම-21: නිවන ගැන වැරැදි මත
අනුත්තරීය සූත්‍රය: ඇත්ත දකින්නා අලංකාරයට නො ඇලෙයි
අවංක සිතින් මෙත් මඩන්න සුවය ලැබෙයි
තෙවළා බුදු වදන් අතරින් 62: රෝගී වූවන් අතර නිරෝගිව වෙසෙමු
දිගාසිරි විඳින්න සිල්වත් වෙන්න
නිරෝගී බව තීරණය කරන ජීවන රටාව
අඳුරට එළියක් 13: සිත පහදා කරන පූජාව අග්‍රගණ්‍ය වන්දනාවක්
ගිහි ගෙදරට දහම් වැටක්: සිත පහදා කරන පූජාව අග්‍රගණ්‍ය වන්දනාවක්
සත්පුරුෂයා හඳුනාගන්න
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 57: ලාහුගල මගුල් මහ විහාරයේ බෝධිඝරය
කළකිරීම
බෝසත් දරුවන්ට :අවාසනාවන්ත කවුද?
සියවස් ගණනක උරුමයක මහිමය සපුගස්කන්ද ගලේ පන්සල
අනුරාධපුර විජයාරාමය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]