ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 12 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මව් පියො දූ දරුවො පන්සල් වෙත ඇදෙන පව් පින් සිතට වැද තිසරණ සරණ යන කැව් කිරි බත් සුවඳ වසරක් බැඳ තැබෙන අවුරුදු සිරිය, බොදු හෙළ යහ සුවඳ එන
වැදූ මා පියන්ගේ ගුණ හදවතට එන හැදූ වැඩූ දූ දරුවො විත් දෙපතුල් සිඹින රුදු අයකුට වුවත් අඬගා අහර දෙන බොදු හෙළ එකමුතුව බක්මහ උළෙල වන
ඉඳහිට අයෙක් අවුරුදු යැ’යි කියාගෙන අතමිට යොදා සූදුව, මත් දිය සොයන සතුටට එරෙහි පාපයනට කිම බැඳෙන දහමට අනුව අවුරුදු සිරි ගමු තුටින
විශ්‍රාමික පරිවේණාචාර්ය පී.බී ගුණරත්න සුමනතිස්ස පිරිවෙන - දෙහිවල
සත් පුරුෂ ඇසුර දිවි මඟට මිණි පහනක් ය මත් වතුර දුම් වැටිය රටට කොඩි විනයක් ය සිත් බිමේ තැනිය යුතු දැහැමි සුර විමනක් ය රත්තරං දරුවනගෙ හද සුසුම් යොමුවක් ය
තුරන් කොට හදවතින් ලැගුම් ගත් උඩඟුකම උතුම් මිනිසත් බවට දෙනු මැනවි වටිනකම මතින් තොර කරන්නට බුදුන් වැඩි සිහල බිම ගමන්කළ යුතුව ඇත සමගියෙන් පෙරට හැම
දෙදියවල අමරදාස පෙරේරා
පුර හඳ පායා ගුවනේ දිලෙනවා පුළුන් වළාකුළු අහසේ පාවී යනවා සඳරැස් ආලෝකය දසත දිලෙනවා සිලි සිලි ගා බෝ සමිඳුගෙ සිසිල දැනෙනවා මල් සුවඳට, සිල් සුවඳත් මුසුවී යනවා සුවඳ දුමින් බෝ මළුව ම ඉතිරී යනවා සංසාරෙන් එතෙර වන්න අපි දුර යනවා
සමන්ත මහතන්තිල රත්නපුර
උදා වූ හිරු උදා වූ සඳු නිති බැස යන ලෙසේ සියලු දිවි ලොවේ ඇති ගිලෙයි මරණය තුළ නිති
මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]