UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් දහම් ගුරු සිසු ඇගයුමට තුටු පඬුරු

මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන්
දහම් ගුරු සිසු ඇගයුමට තුටු පඬුරු

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර මිහින්තලා ජනපවුර සංවිධානයේ සභාපති මිහින්තලා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ශ්‍රී රතනසාර දහම් පාසලේ දහම් දරුවන් සහ ගුරු භවතුන් ඇගයීමේ උළෙලක් පසු ගිය දා (03) පැවැත්විණි.

එහි දී දහම් පාසල් දරුවන්ට දහම් පාසලට පැමිණීම, මල් ගෙන ඒම, සහ දක්ෂතා දැක්වීම පිළිබඳව ත්‍යාග පිරිනැමුණු අතර, ගුරු භවතුන් ද ඇගයීමට ලක් කළහ.

එම දහම් පාසල් දරුවන් සහ ගුරු භවතුන් දිරි ගැන්වීමේ උත්සවය සඳහා සම්පූර්ණ වියදම් මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියන්ට ලැබුණු පිරිකර අලෙවි කර ලැබූ මුදලින් ලබා දී තිබුණි.

සුරක්ෂිත විනය ගරුක හෙට දිනක් ගොඩනැගීමට නම් ඉරිදා දින බාහිර පන්ති තහනම් කළ යුතුයැයි එම උත්සව සභාව ඇමතූ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ පැවසූහ.

ශ්‍රී රතනසාර දහම් පාසලේ ගුරු භවතුන් ලෙස කටයුතු කළ සුලෝචනී දීප්තිකා කුමාරි මහත්මිය දහම් පාසල පැවැත් වූ සියලුම දිනවල පැමිණීම වෙනුවෙන් රුපියල් හත්දහස් පන්සීයක මුදලක් සමග සම්මානයෙන් පිදුම් ලැබූ අතර, දහම් ගුරුවරුන් වන හර්ශණී ප්‍රියංගිකා, රසිකා උදයංගනී, කේ. ඒ. එම්. ලක්මාලී, සුලෝචනී දීප්තිකා කුමාරි සෙනෙවිරත්න, ආර්. ජී. අයි. කුමාර, ඩී. එස්. හංසමාලා ජානකී, එස්. වී. එස්. පීරිස්, ඩී. ඩී. කල්පනී පියගමගේ, ජී. ආරියවතී, යූ. කුසුමාවතී, ජෝතිපාල තෙඹුවන, යූ. බී. වයලට්, උඩවත්ත, එම්. බී. ඉළංගසිංහ, මල්ලිකා දිසානායක, එස්. එම්. සී. කුමාරසිරි, රමණී සමන්තා තිලකරත්න, එස්. ඩබ්ලිව්. දිනෙල්කා සංදීපනී, කේ. ඒ. පබලවතී, කේ. ඒ. එන්. ජී. එන්. ඒකනායක, ආර්. එම්. එස්. රත්නායක, ටී. ටී. සෙනෙවිරත්න, මධුරි නාගහවත්ත, යන ගුරු මහත්ම මහත්මීහු අගයමින් සම්මාන තිළිණ ප්‍රදානය කළහ.

එම අවස්ථාවේ දී දහම් දරුවන්ට මෙන් ම ගුරුවරුන් වෙනුවෙන්, මිහින්තලා ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු උදව් කළ පිරිසකට උපහාර තිළිණ පිරිනැමීම ද විශේෂත්වයක් විය.

එම අවස්ථාවට මිහින්තලා ශ්‍රී රතනසාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමි, මිහින්තලා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මොරවක ආනන්ද වංශ හිමි, මිහින්තලා ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, මිහින්තලා පොලිස් ස්ථානාධිපති ජී. ජේ. ගුණතිලක, මහකනදරාව යුධ හමුදා කඳවුරේ අණදෙන නිළධාරී මේජර් එම්. ඩබ්ලිව්. ආර්. සංජීව, ජනපවුර සංවිධානයේ ජාතික සංවිධායක සෝමරත්න, භාණ්ඩාගාරික ආනන්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සමඟ දෙමාපියන් ද විශාල පිරිසක් සහභාගි වූහ.

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]