UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සැදැහැ මාත්‍රයකින් සුගතියට යා හැකි ද?

යම් කෙනෙක් මා කෙරෙහි සැදැහැ මාත්‍රයක්,   ප්‍රේම මාත්‍රයක් උපදවා ගනිත් ද ඔවුහු සියල්ලෝ සුගතියට යති.” මැදුම් සඟියෙ එන මේ කියමන වෙත සිත යොමු කරන කෙනෙකුට මෙය අදහාගත නොහැකි දෙයක් සේ පෙනී යාමට ඉඩ ඇත. මක් නිසාද ? බුදුන් සරණ ගිය ඕනෑම කෙනෙකුට සැදැහැ මාත්‍රයක් ඇතිකර ගැනීම පහසු යැයි සිතන හෙයිනි. එහෙත් සුගතිගාමීවීම හා දුගතිගාමී වීම පිළිබඳ දේශනාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ කියමනේ මතුපිටින් පෙනෙන අරුතට එහා ගිය අරුතක් ඇති බව සිතිය යුතු ය . ජීවිත කාලය තුළ අප වරකට දෙවරකට වැඩියෙන් සැදැහැ ගුණ ඇතිකරගෙන ඇත. වෙසක් පොහෝ දිනටවත් සිල් පේවී ගතකරන දවස තුළ වෙනදාට නැති සොඳුරු බවක් දැනෙයි. වන්දනාවේ ගිය දිනෙක, පින් කමෙක අසිරි සිරිය දකින විට, එහෙමත් නැතිනම් දනක් පිනක් කරන විට මෙහි සඳහන් ශ්‍රද්ධා මාත්‍රය ඇතිවීමට ඉඩ ඇත. එවන් වෙලාවක ඇති වු ශ්‍රද්ධාව ක්ෂණික ආවේගයක් ද? මොහොතකට පමණක් සීමා වී ද? අඩුම තරමින් වරුවක්වත් පැවතියේ ද? එහෙමත් නැතිනම් බෝ මළුවෙන්, විහාරයෙන් එළියට පැමිණි විගස එය අතුරුදන්වී ද? ඔබට පහළ වූයේ සැදැහැ සිත වුවද, එය හැඟීමක් පමණක් නම් ආවේග මාත්‍රයක් නම් ඉහත සඳහන් ඵල ලැබිය හැකි ද?

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]