UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන් ...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන් ...

මිහින්තලා ලේක්හවුස් 18 වන (මාසික) කප්රුක් වස්ත්‍ර පූජාව වප්පුර පෝදා (05) මිහින්තලා පුදබිමේ දී දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නාද මැද මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ජනපවුර සංවිධානයේ සභාපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, පැවැත්විණි.

ඒ අනුව මෙවර කප්රුක් වස්ත්‍ර පූජාවේ දායකත්වය වේයන්ගොඩ ලක්ෂ්මන් දිසානායක හා අනුලා දිසානායක යන මහත්ම මහත්මීන්, අත්තනගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජය එක්ව සිදුකර තිබුණි. මිහින්තලා විහාරවාසී ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමියන් විසින් ආගමික කටයුතු සිදුකළ අතර, ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජය විසින් නියඟයෙන් පීඩා විඳින පවුල් 25 කට වියළි ආහාර පාර්සල් ලබා දුන්හ.

එහිදී කූරිකොටුව ලියසරණ කාන්තා සමිතිය සහභාගී වූ සැමට තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී. කප් රුක් වස්ත්‍ර පූජාව සමඟ අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ පිරිනැමීම ආදි පින්කම් රාශියක් සිදුකෙරිණි. පින්කමට දායකත්වය දැක් වූ සාමාජික පවුල්වල නැසීගිය සහ ලේක්හවුස් ආයතනයේ සේවය කර නැසීගිය සියලු දෙනාට ද පුණ්‍යානුමෝදනා කරමින් පින් පමුණුවනු ලැබූහ. එම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරවාසී සුරුක්කුලමේ ඉන්දරතන හිමි, ලේක්හවුස් ආයතනයේ ප්‍රචාරක හා අලෙවි සහකාර කළමනාකරු යමිල් ශානක, අත්තනගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජයේ සභාපති සිංහ දමයන්ති මුණසිංහ, ලේකම් සිංහ නිලන්ත මහානාම, මිහින්තලා ජනපවුර සංවිධානයේ ජාතික සංවිධායක සෝමරත්න, ජනපවුර සංවිධානයේ ලේකම් සහ වේයන්ගොඩ කේ.ඒ.එස්. වේරගම්පිට යන මහත්ම මහත්මීහු ඇතුළු එම සංවිධානවල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වූහ.

මිහින්තලා මහ සෑයට කප්රුක් පූජාව සිදු කළ අයුරු.  ඉන්දරතන හිමියන් විසින් වියළි ආහාර බෙදා දුන් අයුරු
කප්රුක් වස්ත්‍ර පූජා පෙරහර ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාව
 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]