UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගිරාඹේ මංගල නා හිමියන් වෙත උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී ජනාධිපතිතුමා විසින් ගිරාඹේ මංගල මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වූ අවස්ථාව. අමාත්‍ය දයා ගමගේ , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

 

 

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර 15 දා

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මෙම 15 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ය . ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. 9 වනදා ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය ගණදෙවි කෝවිල දක්වා ගමන් කිරීමද, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 10 වනදා කොළඹ මහානාම විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද, 11 වනදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිට මල් පෙරහර විහාරස්ථානයට පැමිණීමද ,12 වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද , 13 වනදා කොල්ලුපිටිය පොලිස්ස්ථානයේ සිට මල් පෙරහර පැමිණීමද, 14 වනදා බෝධි පූජාව දහම් දෙසුම හා පාවාඩ පෙරහරද, 15 වනදා අවසන් මහා පෙරහර වීථී සංචාරය කිරීමද සිදු කෙරේ.

ඉතිරිය»

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]