UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුද බිමේදී සත් බුදු වන්දනා මහ පින්කමක් 3 වනදා

මිහින්තලා පුද බිමේදී සත් බුදු වන්දනා මහ පින්කමක් 3 වනදා

කංචුක පූජාවක් හා ස්වර්ණවර්ණ ධජ පූජාවක් සහ සුවඳමලින් සේල සෑ රදුන් පිදීමේ අසිරිමත් පින්කමක්

මිහින්තලා පුදබිමේදී ජුනි මස 03 වනදා සත් බුදු වන්දනා මහා පින්කමක් ඇතුළු පින්කම් මාලාවක් සිදු කෙරේ. එම පින්කම් මාලාව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හලාවත කොක්කාවල වනරතන ආරණ්‍ය සේනාසනාධිපති ඔක්කම්පිටියේ කස්සප හිමියන්ගේ මෙහෙයවීමෙන් වෛද්‍ය ශානිකා විජේගුණසේකර මහත්මියගේ දායකත්වයෙන් පැවැත්වේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය නිමිත්තෙන් පැවැත්වෙන එම පින්කමේදී මිහින්තලේ මහ සෑ රදුන් වහන්සේ උදෙසා කංචුක පූජාවක් පැවැත්වේ. එම කංචුක පූජා පෙරහර 3 වනදා පස්වරු 4 ට මිහින්තලා පුදබිමේ මැද මළුවෙන් ආරම්භ කෙරේ.

සත්බුදු රජාණන් වහන්සේ උදෙසා චතුමධුර සහිත ඖෂධ 108 කින් යුත් ගිලන්පස ඇතුළු අෂ්ඨපාන පූජාව ද පහන් දහසක ආලෝක පූජාවක්ද, දොළොස් පිරිකර පූජාවක්ද සිදු කෙරේ. සේල චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ මලින් සරසා එම පින්කම සිදුකිරීමද සුවිශේෂී වේ. ස්වර්ණවර්ණ ධජ පූජාවක්ද එම පින්කම් මාලාවට අයත් වේ.

සත්බුදු වන්දනා පූජාව වෑබඩ අරහන්ත සමාධි සෙනසුනේ ප්‍රධාන අනුශාසක බොරැල්ලේ සිරි සුමන හිමියන් විසින් පවත්වනු ලැබේ.

තෝරාගත් පවුල් සියයක් සඳහා එහිදී වියළි සලාක පාර්සල් පිරිනැමීමටද වෛද්‍ය ශානිකා විජේගුණසේකර මහත්මිය කටයුතු යොදා ඇත.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]