UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

රෝගීන් අතර නිරෝගී වෙමු

“සුසුඛං වත ජීවාම – ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සේසු - විහරාම අනාතුරා”
ධම්ම පදය - සුඛ වග්ගය

කෙලෙස් වසඟයට පත් නොවෙමු. කෙලෙස් වෛරස්වලින් රෝගී නොවෙමු. අපිරිසුදු නොවෙමු. මානසිකව නිරෝගී වෙමු. අපි කෙලෙස් රෝගීන් අතර මනසින් නිරෝගී මිනිසුන් ලෙස ඒකාන්තයෙන්ම සුවෙන් සැපෙන් ජීවත් වෙමු.  බුදුරදුන් මෙම ගාථාව දේශනා කළේ ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ඇති වූ ගැටුමක් සමථකරණය සඳහා ය. මේ දෙපාර්ශ්වයම බුදුරදුන්ගේ ඥාතීහුය. ඔවුහු අක්කර සිය ගණන් කෙත් වතු වගා කළහ. ඒ සඳහා අවශ්‍ය ජලය ලබා ගත්තේ රෝහිණී නදියෙනි. ජලය ලබා ගැනීමේදී දෙපිරිස අතර වරින් වර ගැටුම්කාරී අවස්ථා ඇතිවිණ. එම ගැටුම් සුහද ව සමගියෙන් සමථයකට පත්කර ගැනීමට ඒ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. මේ නිසා එම ගැටුම් දුර දිග යාමෙන් එක් අවස්ථාවක දෙපිරිස ගඟ දෙපස ඔවුනොවුන්ට එරෙහිව අවි දරමින් ඉතා ප්‍රචණ්ඩකාරී අරගලයකට සූදානම් වූහ. මෙය සැල වූ බුදුරදුන් එහි වැඩම කර, ගඟ මැද අහසෙහි දිස්ව ඔවුන් ඇමතූහ.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]