UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමෙන් ලොව දිනමු

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මූල්‍ය දායකත්වයෙන් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු කාණ්ඩයේ ජයග්‍රාහක දරු දැරියන්ගේ නිර්මාණ

අපේ බුදුහාමුදුරුවෝ

එක් ඇසළ පොහෝ දිනක මහාමායා දේවිය සිහිනයක් දුටුවා ය. එම සිහිනයේ වූ පරිදි දස මස ඉක්මවූ පසු වෙසක් පොහෝදින ලුම්බිණි සල් උයනේ දී සිහිනයෙන් දුටු එම පින්වත් කුමරු ඉපදුණි. ‘සිද්ධාර්ථ’ යන නම් ලද කුමරු අපමණ රජ සැප විඳිමින් සිටියදී සතර පෙර නිමිති හා නලඟනන්ගේ විප්‍රකාර දැකීමෙන් සසර කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කළේ ය.

පසුව සය වසරක් දුෂ්කර ක්‍රියා කර වෙසක් පොහෝ දිනක සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පත් වූහ. ඉවසීම, කාරුණිකව සතුන්ට උදව් කිරීම, සත්‍යවාදී බව, තමාට උදව් කළ අයට කළගුණ සැලකීම වැනි උදාර ගුණ අපේ බුදුරජාණන් වහන්සේ තුළ වූ උදාර ගුණාංග කිහිපයකි.

ඉපදුණු දින සිටම විශේෂ ගති ලක්ෂණ පෙන්වමින් තමා විශේෂ පුද්ගලයෙකු බව උන්වහන්සේ පෙන්වූහ. පන්සාළිස් වසරක් මුළුල්ලේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාට දේශනා කරමින් ඔවුන්ට දුකේදී පිහිට වෙමින් සසරින් එතෙරවීමේ මග කියා දුන් අපගේ බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.

උන්වහන්සේ තරම් විශිෂ්ට පුද්ගලයෙකු මෙලොව පහළ වී නොමැත. අපගේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන කාලය ගත කළේ බේලුව නම් ගමෙහිය. එහිදී උන්වහන්සේට හමු වූ චුන්ද නම් කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මද්දවය’ වැළඳීමෙන් පසු දැඩි ලෙස රෝගාතුර විය. පසුව උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්උයනේ සල්ගස් දෙකක් අතර ආසනයක් පනවා එහි සැතපිණි. මෙසේ අවුරුදු අසූවක් ආයු වැළඳූ උන්වහන්සේ වෙසක් පොහෝ දිනකම පිරිනිවන් පෑ සේක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවද උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සැමදාම පවතී.


අපේ බුදුහාමුදුරුවෝ

ලුම්බිණි සල් උයනේ වෙසක් පෝය දිනකදී සිදුහත් කුමරා උපත ලැබූහ.

යහළුවන්, සතුන්ට හිංසා කරනු දැක සිදුහත් කුමරු එම සතුන්ට අනුකම්පා කළේ ය. සියලු රජ සැප අත්හැර ගිහිගෙය හැරදා සිදුහත් කුමරු පිටත්ව ගියේ ය. ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් පිටත්ව ගියේ ය.

සිදුහත් බෝසතාණෝ නේරංජනා ගඟ අසළ ඇසතු බෝරුක මුල වෙසක් පෝය දිනයේ දී බුද්ධත්වයට පත් වූ සේක. සිදුහත් බෝසතාණෝ අවුරුදු තිස් පහේදී බුද්ධත්වයට පත් වූ සේක.

බුදුවීමෙන් පසුව සියලු ලෝවාසීන් කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් ධර්මය දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ අසරණ වූ කුඩා දරුවන්ට මහා කරුණා ගුණයෙන් පිහිට වූ සේක. උදාහරණ වශයෙන් අපට සුනීත, සෝපාක හා මට්ටකුණ්ඩලි ගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ අසරණ වූ කාන්තාවන්ටද මහා කරුණා ගුණයෙන් පිහිට වූ සේක. පටාචාරා හා කිසාගෝතමි එම කාන්තාවන් දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ අසරණ වූ ගිලනුන්ට පවා මහා කරුණා ගුණයෙන් පිහිට වූ සේක. පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ට ද මහා කරුණා ගුණයෙන් පිහිට වූ සේක.

පුංචි අපට සිදුහත් කුමාර චරිතය ඉතාමත් වැදගත් වේ. වසර අසූවක් වන විට දී අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවත්තන සල් උයනේ වෙසක් පෝය දිනක පිරිනිවන් පෑ සේක.


අපේ බුදුහාමුදුරුවෝ

මිහිමත පහළ වූ සියලු ජීවීන් අතරින් ශ්‍රේෂ්ඨතමයාණන් වන්නේ බුදුරජාණන් වහන්සේය. දැනට මිහිමත බුදුරජාණන් වහන්සේලා විසි අටනමක් පහළ වී ඇත. උන්වහන්සේලා අතුරින් අවසන් බුදුරජාණන් වහන්සේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

කිඹුල්වත් පුර ශාක්‍යවංශික සුද්දෝධන මහරජතුමන් හා මහාමායා දේවියත් මව්පිය පදවියේ තබා සිදුහත් බෝසත් කුමරු වෙසක් පොහෝ දින ලුම්බිණියේදී මිහිමත පහළ විය. කුමරු ඉපදී සත්දිනකින් මහාමායා දේවිය කලුරිය කළ හෙයින් සිදුහත් කුමරු හදා වඩා ගනු ලැබුවේ කුමරුගේ සුළු මව, ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් ය.

කුඩා කල සිටම දක්ෂ සටන් කාමියෙක්, දක්ෂ සිසුවෙක් වූ සිද්ධාර්ථ කුමරු මාළිගාවේ දැසි දස්සන්ට පවා බොහෝ ආදරයෙන්, කරුණාවෙන් සැලකුවේ ය. කුමරුට වයස අවුරුදු දහසය වූ කල්හි සුද්දෝධන රජතුමා විසින් කුමරුගේ දස්කම් වලට සුදුසු වන පරිදි යශෝධරා කුමරිය සරණ පාවාදෙන ලදී.

සෑම ජීවීන් කෙරෙහිම මහා බුද්ධියකින් විමසා බැලූ සිද්ධාර්ථ කුමරු මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රුවක් යන නිමිති දැකීමෙන් ජීවිතයේ අස්ථිර බව දැක සිත කළකිරී අනතුරුව පැවිදි වූ ශ්‍රමණයකු දැක සිත පැහැදී දුක නිවීමේ මාර්ගය සොයා අවුරුදු විසි නවයේ දී ඇසළ පුන් පොහෝ දින ගිහිගෙයින් නික්ම යාම හෙවත් මහාභිනිෂ්ක්‍රමණය සිදු කරන ලදී.

ඉන් පසු විවිධ ගුරුවරුන්ගෙන් ඉගෙන ගනිමින්, අවුරුදු හයක් පුරා දුෂ්කර ක්‍රියා වඩමින් කල්ගත කළේ ය. එහෙත් දුෂ්කරක්‍රියාව නිශ්චල බව වටහාගත් උන්වහන්සේ එය අතහැර මැදුම් පිළිවෙත අනුගමනය කරන්නට විය. සිදුහත් බෝසතාණෝ අවුරුදු තිස් පහේ දී වෙසක් පුන් පොහෝ දින මාර පරාජය කොට, ත්‍රිවිධ්‍යා උපදවා ඇසතු බෝරුක මුලදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

ඉන් පසු වසර හතළිස්පහක් මුළුල්ලේ ලෝකයාගේ සෙත සුව පිණිස සදහම් මාර්ගයේ ගමන් කර උන්වහන්සේ අවුරුදු 80 වූ කල්හි වෙසක් පුන් පොහෝදින කුසිනාරාවේ මල්ලරජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ දී මුළු ලොව කම්පා කරමින් පරිනිර්වාණය පෑ සේක.

 

 

තෙවැනි ස්ථානය:

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]