UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති මහියංගණ රජ මහා විහාරය වැඳ පුදා ගනී

ජනපති මහියංගණ රජ මහා විහාරය වැඳ පුදා ගනී

සම්බුදු පහස ලද ඓතිහාසික මහියංගණ රජ මහා විහාරය වෙත ඉකුත් දා (22) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම විහාරස්ථානය වැඳ පුදා ගත්තේ ය. විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා අට පිරිකර ද පූජා කළේ ය. අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේ ය.

1987 දී සිදු වූ අරන්තලා භික්ෂු ඝාතනයේ දී ජීවිතය බේරාගත් ආඳා උල්පත බුද්ධසාර හිමියන් වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර ස්වාමීන් වහන්සේගේ ගමන් පහසුව සඳහා වෑන් රථයක්ද පරිත්‍යාග කළේ ය. යුද්ධයේදී දෘෂ්‍යාබාධිත වූ එච්.ඒ. සුරේශ් කුමාර රණවිරුවාටද මූල්‍යමය පරිත්‍යාගයක් කළේ ය.

වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමේ බෞද්ධ පුනරුද අරමුදල වෙනුවෙන් උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් විසින් රුපියල් ලක්ෂ දහයක පරිත්‍යාගයක් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී.

ඇමැති දයා ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒනායක මහත්වරු ඇතුළු ප්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]