UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

 වෙසක් පුර අටවක 2017.05.03

සුවපත් දිවියකට පැහැපත් සිතිවිලි

සුපසන් සිතිවිලි සිත නිරෝගී කරයි. ගතද නිරෝගී කරයි. කෙළවරක් නොවී අප පසුපස හඹා එන නේක ප්‍රශ්න, ගැටලු, අභියෝග ඉදිරියේ ශක්තිමත්ව ඒවාට මුහුණ දෙන්නට, ජීවිතයට බාධාවක් කර නොගන්නට ඒ සුවපත් බව ඇවැසිමය. තමන්ට මෙන්ම අනුන්ටද අහිත නොවන සේ ජීවන හැසිරීම් හසුරුවා ගන්නේ ද එවන් පිරිසුදු අධ්‍යාත්මයක් ඇති තැනැත්තාය.

වත් පිළිවෙත් නොකරන්නාගේ සිල් නොපිරේ යැයි සම්බුදු දහමේ ඉගැන්වේ. ආචාර සමාචාර ඇතුළු අනෙක් හැසිරීම් සියල්ල වත් පිළිවෙත්වලට අයත්ය. ඒවායේ යහපත් ලෙස නොපිහිටියේ යම් තැනෙකද සීලය අප වෙතින් ගිලිහේ. මානව හිතවාදී සියලු සමාජ සම්මුතීන් කඩ නොකරන්නට, සිල්වත් වන්නට ගුණධර්මයන්ගෙන් පොහොසත් අධ්‍යාත්මයක් ගොඩනඟා ගන්නට සම්බුදු දහම අපට මඟ පෙන්වයි.

උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය උදාවන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. බෞද්ධයන් ලෙස අප ආ ගමන් මඟ දෙස නැවත හැරී බලන්නට මේ හොඳම කාලයයි. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සදහම් මාර්ගයේ අංශු මාත්‍රයක් පමණවත් ජීවිතයට එක් කරගන්නට ලැබුණා ද? අඩුම තරමේ අනුන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වන්නට ගෙවුණු ජීවිත කාලය පුරා හැකි වූවා ද? සිතා බැලිය යුතු වේ. අතපසුවීම් තිබුණානම්, කැපවීමෙන්, උනන්දුවෙන් නැවත නිවැරැදි වන්නට ආරම්භයක් දෙන්නට අධිටන් කරගත යුතු වේ.

වැරැදීම, මඟ හැරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. එහෙත් සැමදාමත් වැරැදි කරනවා නම් එය මිනිස්කමට කිසිසේත්ම නොගැළපේ. වැරැදි නිවැරැදි කරගෙන ජීවිතයට මුහුණ දෙන්නට ඇවැසි මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. ගිහියන් සඳහා උන්වහන්සේ අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව ජීවිතයට ප්‍රතිපත්තියක් කරගන්නට පුළුවන. අනුන්ගැන සිතන්නේ එවැනි ප්‍රතිපත්තිගරුක මිනිසුන්ය.

ජීවන චර්යාවන්හි දී නොතකා හරින සුළු අඩුපාඩුවකින් වුවද මහා ගැටලු නිර්මාණය වන්නට ඉඩතිබේ. අතීතයේ අපේ මුතුන් මිත්තෝ ගතකළේ සීමිත අවශ්‍යතාවලින් යුතු සරල ජීවිතයකි. අසීමිත අවශ්‍යතා නොතිබුණද ඔවුහු තිබූ සම්පත් විනාශ නොකළහ. අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගත්හ. අහසින් වැටෙන එකම ජල බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලාගෙන යන්නට ඉඩ දෙන්න එපා යැයි මහා පරාක්‍රමබාහු රජතුමා ජනතාවට කීවේ ය. එවැනි අදහස්වලින් පෝෂිත වූ සමාජයද ඒ වටිනාකම් සුරැකූහ. ගහ කොළට, සතා සිවුපාවුන්ට, මිනිසුන්ට ජීවය දුන් ජලය සම්පතක් ලෙස සුරකින්නට ඔවුහු කැපවූයේ අනාගත පරම්පරාව පිපාසයෙන් නොතබන්නට ය.

අද අප ජීවත්වන පරිසරයේ පිරිසුදු දිය කඩිත්තක්, දොළ පහරක් දකින්නට ඇත්තේ නම් ඒ ඉතා කලාතුරකිනි. දිරා නොයන පොලිතින්, ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍යයන් සිරවී, ඒවායෙහි ජලය අපවිත්‍ර වී තිබේ. මේ විෂ ජලය ගලාගොස් ගංගා ඇළ දොළවලට ද එක් වේ. බීමට ජලය ගන්නා මූලාශ්‍ර අපවිත්‍ර වේ. කෙටි කාලයක් නියඟයක් පැවතුණේ නම් අද බොහෝ ප්‍රදේශවල ජනතාවට පිපාසය නිවා ගන්නට පිරිසුදු ජලය නැත. නියඟයට සාප කරමින්, තවත් කාට හෝ ඇඟිලි දිගු කරමින් වරද පවරන්නට මිස මේ තත්ත්වය උදාවූයේ කාලයක් තිස්සේ තමන් කළ වරදින් බව තේරුම් ගන්නට බොහෝ දෙනාට අවබෝධයක් නැත. සෝදා පාළු වී යන සාර ධර්මයන්ට නැවත ප්‍රාණය නොදුන්නේ නම් නුදුරු අනාගතයක අපේ දරුපරපුරට සිදුවන්නේ පිපාසයෙන් හිඳින්නටය.

ඇතැම් ගෘහයන්හි එක්වෙන පොලිතින්, ප්ලාස්ටක්, බෝතල් සතියකට වතාවක් දෙවතාවක් ගිනිගොඩකට යැවේ. විෂ දුම පරිසරය පුරාම පැතිරේ. මෙතරම් දියුණු යුගයක මෙතරම් අඥාන ලෙස කටයුතු නොකරන්නට වග බලා ගත යුතු වේ. මේ අත්‍යවශ්‍යම දේට පමණක් මුල්තැන දිය යුතු කාලය වේ.ගහෙන් කොළෙන් සපයා ගත හැකි රටට ගැළපෙන දේශීය නිෂ්පාදන අපේ කටයුතු පහසු කරන්නට ප්‍රමාණවත්ය. එවැනි නිමැවුම් කෙදිනක හෝ දිරාගොස් මහ පොළොවම සාරවත් කරනු මිස නැසීමට ලක් නොකරන්නේය.

ඒ සඳහා නව නිමැවුම් කරුවන්ට අතදීම වැදගත් වේ. අපේ රටට ගැළපෙන, පරිසරයේ පැවැත්මට බලපෑමක් නොවන, මිනිස් ජීවිතයට හානිකර නොවන නිෂ්පාදන එවිට නිමැවෙනු ඇත. එය අද ගැන පමණක් නොව හෙට ගැන ද සිතා සිදු කරන පරාර්ථකාමී ආයෝජනයකි.

 

වෙසක් පුර අටවක පෝය

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]