UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අමාවක 2017.02.26

ගෞරවය රැක ගනිමු

මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම දුර්ලභ බව බෞද්ධයාට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කරුණක් නොවේ. බෞද්ධකම, බෞද්ධ නාමයට පමණක් සීමා විය යුත්තක්ද නොවේ. බෞද්ධයා විසින් දෛනික ජීවිතයේදී ආරක්ෂා කළ යුතු සීලය පංච ශීලයයි. පංච ශීලය ආරක්ෂා කරන සමාජය අවුල් වියවුල්වලින් තොරය. ගිහියාගේ නිත්‍ය ශීලය පංච ශීලය වනුයේද එබැවිනි.

මනුෂ්‍යයාගේ මෙලොව ජීවිතය වාසනාවන්ත කර ගැනීම මනුෂ්‍යයා සතු වගකීමකි. දුර්ලභව ලබා ගත් මිනිස් ජීවිතය කෙසේ හෝ පවත්වා ගැනීමට වඩා ගුණ දහමෙන් පිරි ජීවිතයක් බවට පත්කර ගැනීම වටී. තමාගෙන් අන්‍යයන්ට කරදරයක්, පීඩාවක් නොවන්නට වග බලාගැනීමද බෞද්ධයාගේ උතුම් ජීවන ප්‍රතිපදාවේ විශේෂ අංගයකි. කුඩා කල නිසි අධ්‍යාපනය ලැබීම අතපසු නොකළ යුත්තකි. දරුවාට අවශ්‍ය පොතපත, නිල ඇඳුම, රජයෙන් ලබාදෙමින් දරු පරපුර අධ්‍යාපනයට උනන්දු කරවනුයේ ඔවුන් රටේ අනාගත භාරකරුවන් ලෙසද පෙළ ගැස්විය යුතු බැවිනි.

දරුවෙකු වෙත නිසි අයුරෙන් අධ්‍යාපනය ලබාදීමට මවුපිය දෙපළ දරන්නේ මහඟු උත්සාහයකි. දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් තමන්ට වඩා තම දරුවන් සමාජයේ උසස් මට්ටමකට ගෙන ඒමට දරන වෑයම මල්ඵල ගැන්විය හැක්කේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ උත්සාහයේ සහ උනන්දුවේ තරමටය. තරඟකාරි අධ්‍යාපන රටාවෙන් තම දරුවා ඉවත්වනු දැකීමට මවුපියවරුන් අකැමැතිය. ඇතැම් විට තමන් කවර දුකකට පත්වුවද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමවුපියන් කටුක ජීවිත ගත කරමින් ඒ සියල්ල විඳ දරා ගනුයේ දරුවන්ගේ අනාගතය ගැන යහපත් සිහින මවා ගනිමිනි.

මවුපියවරුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට දරුවන් කළ යුත්තේ එක් කාර්යයක් පමණි. එනම් අධ්‍යාපනය සාර්ථකව ලබා ගැනීම පමණි. උනන්දුව, උත්සාහය ඇති දරුවන්ගේ අධ්‍යාපනය අතර මග නතර නොවේ. කැපවීමෙන් ධෛර්යයෙන් ක්‍රියා කිරීමෙන් අධ්‍යාපන යෙන් නිසි ඵල ළඟා කර ගත හැකි බව අධ්‍යාපනය ලබන දරුවන් සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබේ. ජීවිතයට අධ්‍යාපනය අවශ්‍ය වනුයේ සමාජයේ උසස් ජීවිතයක් ගත කිරීමටම පමණක් නොවේ.

ඕනෑම සමාජයක ජීවනාලිය හැදෙන වැඩෙන දරු පරපුරය. ඔවුන් නැණ නුවණින් මෙන්ම ගුණදහමින්ද පෝෂණය කළ යුතුවේ. අපේ රටේ සෑම විහාරස්ථානයක් පාසාම දහම් පාසලක් පවත්වා ගෙන යනු ලැබේ. ඇතැම් විට පන්සලක් නොමැතිනම් පාසල්වල පවා දහම් පාසල පවත්වාගෙන යනු ලැබේ. ඒ දරුවන් ගුණ දහමෙන් ද පෝෂණය කළ යුතු හෙයිනි.

දරුවන් හදන වඩන මවුපියවරුන් ගේ බලාපොරොත්තු අතර තමන් වියපත්වූ කල තමන්ගේ දරුවන් ඔවුන් රැක බලා ගනු ඇතැයිද වේ. එම උදාර අපේක්ෂාව ඉටුකිරීමට නම් දරුවා ආර්ථික අතින් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ශක්තිමත් වී සිටිය යුතුය. මවුපිය දෙපළට සැලකීම දරුවන් සතු වටිනාම ගුණයකි.

දරුවන් හැර ස්වකීය දෙමවුපියන් රැක බලා ගැනීමට, පෝෂණය කිරීමට වෙනත් කිසිවකු ඉදිරිපත් නොවේ. දරුවා නිසි ලෙස අධ්‍යාපනය ලබා සුදුසු රැකියාවක නිරතවී ආර්ථික වශයෙන්ද ශක්තිමත්ව සමාජ වගකීම් දැරීමට ද ඉතා යහපත් සුදුස්සෙකු විය යුතුය.

වියපත් වූ විට මවුපිය දෙපළගේ සිත සතුටෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම දරුවාගේ ප්‍රධාන වගකීමකි. වැඩි පිරිසක් ඒ වගකීම නිසි ලෙස ඉටු කරන අතර එසේ ඉටුනොකරන දරුවන්ද අප අතර සිටින බව අමතක නොකළ යුතුය. මව පියා පණ මෙන් සුරකින දරුවා ලොකු මහත්වු කල ඔවුන්ටද ඒ අයුරෙන් සංග්‍රහ කිරීම මවුපිය ආශිර්වාදය නිරන්තරයෙන් හිමිකර ගැනීමටද හේතුවක් වේ.

ඇතැම් විට ඇතැම් දරුවකුට තම මවගේ හෝ පියාගේ වටිනාකම දැනෙනුයේ තමාද උතුම් මවු හෝ පිය පදවිය ලැබු දාටය. නැතහොත් මවුපිය දෙපළ මෙලොව අතහැර ගියදාටය.

එහෙත් ගුණ දහමෙන් පිරි දරුවා හැම විට තම මවට පියාට මහත් ගෞරවයෙන් සලකන අයුරු කොතෙකුක් දක්නට ලැබෙන ආදර්ශවත් ක්‍රියාවකි. යුතුකම් සහ වගකීම් ඉටු කිරීම මවුපිය, දූ දරු දෙපාර්ශ්වයේම ගෞරවයට හේතුවේ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]