UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

ගාල්ල මාගාල්ලෙ දෙවාතුර ශ්‍රී සංඝානන්ද දහම් පාසැලේ ආචර්ය මණ්ඩලයේ සේවය කරන කීඹියෙ අනුරුද්ධසිරි හිමියන් දොඩන්දූව ශෛලබිම්බ මහා විහාර ‘නවනදී” සීමා මන්දිරයේදි උපසම්පදාව ලබා මාගාල්ලේ, ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරයට වඩම්මවා ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ මාලිගාකන්දෙ විද්‍යෝදය පිරිවෙන් පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ ශී‍්‍ර සෝභිතාධාන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහ සභාව අවසානයේ කීඹීයේ අනුුරුද්ධ සිරි හිමියන් විසින් ප්‍රථම මංගල දේශනාව පවත්වන ලදී.


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හා උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ හා ශ්‍රී ජයවර්ධනපුර හා ලුණුවත්ත සිළුමිණි විහාරාධිපති කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමියන්ගේ ශිෂ්‍ය වැලිමඩ ධම්මික සාමණේරයන් වහන්සේ පසුගිය ජූලි මස 18 දින ඌව පරණගම සපුගොල්ල තපෝධනාරමා මූල මහා විහාරස්ථ විශුද්ධබද්ධ සීමා මාලකයේදී අධිසිල් ලබන ලදී. උන්වහන්සේ වැලිමඩ ලුණුවත්ත උඩපේරුවහි පදිංචි එන්.එම්. බුද්ධසේන නිශ්ශංක හා ඩී.එම්. සීලවතී දෙපළගේ පුතණුවන්ය.

 

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]