බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ආනමඩුව, බැම්මයාය පදිංචි ක්‍රිශාන් 
						මධුමාල් දරුවා ආනමඩුවේ සුදස්සි නමින් රඹුක්කන, වල්ගම ශ්‍රී 
						වර්ධනාරාම විහාරස්ථානයේ දී නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා 
						සතරකෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක වල්ගම මුනින්දවංග 
						නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පසුගියදා පැවිදි වූහ. සතරකෝරළ 
						මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, රඹුක්කන දියසුන්නත 
						කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් විහාරාධිපති කොටගම චන්දරතන 
						හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් එම පුණ්‍යකර්මය සිදු විය.
						 
						ඡායාරූපය –රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර   | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා 
						නිකායේ ගාලු පළාත් සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී වදුරඹ 
						පිලගොඩ පූර්වාරාම විහාරාධිපති ශාස්ත්‍රපති ලේල්වල සුමේධ 
						හිමිගේ අනුශාසකත්වයෙන් හා ප්‍රධානත්වයෙන් ශාසනයේ 
						අභිවෘද්ධිය තකා ආගමික ප්‍රබෝධය නංවාලීමට පසුගිය පොසොන් 
						පෝදිනට පසුදා මැදකීඹිය පිටිහරාම ශ්‍රී අභිනවාරාම විහාරයේ 
						දී දරුවකු පැවිදි කරවීම සිදු කෙරිණ. විහාරාධිපති 
						ශාස්ත්‍රපති තිලක උදාගම ඥාණිස්සර හිමි යටතේ උන්වහන්සේගේ 
						ශිෂ්‍ය ගෝලයෙකු ලෙස සසුන් ගත කළ එම දරුවා හල්විටිගල 
						බෝධිස්වර හිමි නමින් සසුන්ගත කෙරිණි.  
						ඡායාරූපය සහ සටහන වදුරඹ සමූහ, වින්සර් මුණුගොඩ  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 චීන ජාතික ඉංජිනේරුවන් පිරිසක් 
						පසුගිය පොසොන් පොහෝදින කතරගම වන්දනාවට පැමිණෙන පිරිසට 
						අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූ අයුරු.  | 
					 
					 
			 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 නිකිණි පුර අටවක පෝය 
		නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි 
		දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය  
		අගෝස්තු 10 වැනි දා ඉරිදාය.   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |