| 
						 ආනමඩුව, බැම්මයාය පදිංචි ක්‍රිශාන් 
						මධුමාල් දරුවා ආනමඩුවේ සුදස්සි නමින් රඹුක්කන, වල්ගම ශ්‍රී 
						වර්ධනාරාම විහාරස්ථානයේ දී නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා 
						සතරකෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක වල්ගම මුනින්දවංග 
						නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පසුගියදා පැවිදි වූහ. සතරකෝරළ 
						මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, රඹුක්කන දියසුන්නත 
						කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් විහාරාධිපති කොටගම චන්දරතන 
						හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් එම පුණ්‍යකර්මය සිදු විය.
						 
						ඡායාරූපය –රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර   |