මුල් යුගයේ
ධර්මදූත සේවය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,
මහාචාර්ය
බෙල්ලන්විල
විමලරතන අනු නා හිමි
බුදුදහම පැතිරවීමේ චිරාගත පදනම හා සම්ප්‍රදාය මත මෙය ලොවට ගෙනයා යුතුව
තිබේ. ලෝකයේ බොහෝ රටවල බොහෝ බුද්ධිමතුන්
බුදුදහම ගැන සිතීමට, විමසීමට උනන්දුවන බව පෙනේ. ලෝකයේ බුදුදහම
අවශ්‍යයෙන් ම ලැබිය යුතු වාතාවරණයක්ද ඇත්තේ ය. ධර්මදූත සේවයේ සමීප
අතීතය දෙස බලන විට ලංකාවෙන්
යුරෝපයට ධර්මදූත මෙහෙවර සැලැස්වීමට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාලතුමන්
බව අවශ්‍යයෙන්ම සිහිපත් කළ යුතු ය
මෙම ලිපියේ දෙවන කොටස
මාර්තු 24 වන දා පත්‍රයේ පළ විය
එනම් අපි පිරිසුදු ථෙරවාදී බුදුදහම රැකගත්තෝ වෙමු. මේ දහමේ ස්වරූපය හා
ඵලය ලොවට වටහාදීමේ වගකීම අප වෙත පැවරී ඇත්තේ ය. බුදුදහම පැතිරවීමේ
චිරාගත පදනම හා සම්ප්‍රදාය මත මෙය ලොවට ගෙනයා යුතුව තිබේ. ලෝකයේ බොහෝ
රටවල බොහෝ බුද්ධිමතුන් බුදුදහම ගැන සිතීමට, විමසීමට උනන්දුවන බව පෙනේ.
ලෝකයේ බුදුදහම අවශ්‍යයෙන් ම ලැබිය යුතු වාතාවරණයක්ද ඇත්තේ ය. ධර්මදූත
සේවයේ සමීප අතීතය දෙස බලන විට ලංකාවෙන් යුරෝපයට ධර්මදූත මෙහෙවර
සැලැස්වීමට පුරෝගාමී වූයේ අනගාරික ධර්මපාලතුමන් බව අවශ්‍යයෙන්ම සිහිපත්
කළ යුතු ය. ලංකාව තුළ පිරිහෙමින් පැවැති ආගමික සංස්කෘතික ගති ලක්‍ෂණ
පුනරුත්ථාපනය කිරීම, ඉන්දියාව තුළ බෞද්ධ අයිතීන් දිනාගැනීම, යුරෝපයේ
බුද්ධ ධර්මය පිළිබඳ හැඟීම්, දැනීම් පුබුදුවාලීම සඳහා ධර්මපාලතුමාගෙන්
සිදුවූ මෙහෙය අගේ කිරීමට ප්‍රමාණවත් යුගය පිළිබඳ යථාර්ථවත් පර්යේෂණයන්
මෙතෙක් සිදුවී නැතැයි සිතමි.
එතුමා මෙවැනි ව්‍යාපාරයක දායකත්වය දැරීමට පෙළඹවූ කරුණු අතර 19 වන
සියවසේ මෙරට ඇතිවූ ආගමික පසුබිමද හේතු විය. අධිරාජ්‍යවාදී යුගයේ අන්‍ය
ආගම් පැතිරවූවෝ මහත්සේ බෞද්ධ විරෝධී ප්‍රචාර ගෙන යමින් නොයෙක් පොත්පත්
ප්‍රකාශන පළකොට හැරීමටත් වාද විවාද කිරීමටත් පෙළඹුණහ. ඊට පිළිතුරු දීම
සඳහා බෞද්ධයන්ද ප්‍රසිද්ධ වාදවිවාදවල යෙදීම සිදුවිය. ප්‍රසිද්ධ
පානදුරාවාදය වැනි පංචමහා වාද සහ දුර්වාදිභාවාදය විදාරනය වැනි ප්‍රකාශන
එහි ප්‍රතිඵලයයි. මේ වාදවල පුරෝගාමී තැන් දරන ලද්දේ මිගෙට්ටුවත්තේ
ගුණානන්ද, බත්තරමුල්ේ ශ්‍රී සුභූති වැනි හිමිවරුන්ය. අබෞද්ධයන්ගේ
අසත්‍ය ප්‍රචාර හා කථාවල නිසරු කමත්, බුදුදහමේ යථාර්ථය, අනන්‍යතාව
සුරක්‍ෂිත කිරීමත් සඳහා දේශීය මෙන්ම දේශාන්තර ධර්ම ප්‍රචාරක අවශ්‍යතාව
එදා තදින්ම පෙනී ගියේ ය. දේශීය වශයෙන් ජනතාවගේ අවබෝධය දියුණු කිරීම,
අධ්‍යාපනය සැකසීම ආදිය අවශ්‍ය වූයෙන් නූතන පිරිවෙන් අධ්‍යාපනය
පරමවිඥාර්ථ සමාගමේ බෞද්ධ ඉංගී‍්‍රසි පාඨමාලා පිහිටුවීම ඒ අංශය කිසියම්
ප්‍රමාණයකට අර්ථවත් විය.
ධර්මපාලතුමාගේ ධර්මදූත සේවාව යුරෝපීය ජාතීන් අතර බුදුදහම පිළිබඳ හැඟීම,
දැනීම, පුබුදු කිරීමට ජාති ආගම් විරෝධී ව්‍යාපාරවල සාවද්‍ය බව කිසියම්
ප්‍රමාණයකින් හෝ ඒත්තු ගැන්වීමට ද උපකාර විය. කර්නල් ඕල්කට්, මියුසියස්
හිගින්ස් වැනි යුරෝපියන් මෙරටට පැමිණ බෞද්ධ ව්‍යාපාරවල පුරෝගාමී වීමට
ධර්මපාලතුමාගේ සේවාව මුල් වූ බව කිව යුතු ය. එතුමාගේ ධර්ම ප්‍රචාරක
කටයුතු යුරෝපීය බුද්ධිමතුන් මේ ධර්මය විමසා බැලීමට යොමු කරවන මාර්ගයක්
ද විය. ලන්ඩනය වැනි නගරයක මහාබෝධි සමාගමේ ශාඛාවක් ඇතිවීම, බෞද්ධ
විහාරයක් ඉදිවීම එහි මුල් ප්‍රතිඵලයයි. ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා
ලන්ඩන් බෞද්ධ විහාරයට වැඩි ප්‍රථම සිංහල භික්‍ෂූන් වහන්සේ නාරද
ස්වාමීන්වහන්සේ ය. අනතුරුව එම කටයුත්තෙහි නිරතවූ පරවාහැර වජිරඥාන,
දෙහිගස්පේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේලා ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.
බටහිර රටවල ධර්ම ප්‍රචාරය කිරීම යනුවෙන් අදහස් කරන්නේ අන්‍ය ආගමිකයන්
බුදුදහමට හරවා ගැනීම නොවේ. බුදුදහම ගැන සෙවීමට, ධර්මය ඉගෙනීමට,
ධර්මයෙහි ඉගැන්වෙන දෑ අත්හදා බැලීමට ඇති අවස්ථා සුලභ කිරීමයි. සුගම
කිරීමයි. 18 – 19 වන ශතවර්ෂවල බටහිර දර්ශනයෙහි ඇති වූ නව ප්‍රවණතාවයන්
ගේ ප්‍රතිඵලයක් වශයෙන් නිදහස්ව විචාරශීලීව, සිතීමටත්, තුලනාත්මක
අධ්‍යයනයටත් බටහිර වැසියා අද බෙහෙවින්ම නැඹුරු වී සිටිති. එවැනි
වාතාවරණයක් යටතේ ඔවුන්ගේ විමංසනය වඩාත් අර්ථවත් කිරීමට බෞද්ධ දර්ශනය හා
සාරධර්ම ඉදිරිපත් කිරීම සමකාලීන ධර්ම ප්‍රචාරය වශයෙන් සැලකිය හැකි ය.
බුදුදහම හා බෞද්ධ සංකල්ප පිළිබඳව මෙකල විශාල වශයෙන් ඉංගී‍්‍රසි හා
වෙනත් ලෝක භාෂාවලින් පොත්පත් ප්‍රකාශයට පත් කරවයි. ධර්මය සටහන් වී ඇති
මුල භාෂාවන්ගෙන් නොව පරිවර්තන හා පසුකාලීන විවරණ ඇසුරෙන් ලියැවෙන මෙම
පොත් පත්වල බොහෝ විට විකෘතිව අදහස් මෙන්ම වැරැදි අර්ථ කථන දක්නට ලැබේ.
එසේ නැතහොත් විවිධ බෞද්ධ සම්ප්‍රදායන් තුළ ඇති ඉගැන්වීම් හා බෞද්ධ නොවූ
සංකල්ප එකිනෙකට පටලවා දැක්වූ අදහස් බෞද්ධ ඉගැන්වීම් ලෙස ඉදිරිපත් කෙරේ.
මෙහිදී මෙවැනි දෑ පිරිසුදු කිරීම ද ධර්මදූතයන්ට අයත් කාර්යයකි. ඒ සඳහා
අලුත් පොත්පත් කියවීමත් මූලාශ්‍ර මනා පරිචයත් විශේෂයෙන් අවශ්‍ය වෙයි.
මේ වන විට යුරෝපයේ සහ ආසියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සංවිධානය කළ
බෞද්ධ ආයතන රාශියක් තිබේ. මේ අතර මැදගම වජිරඥාන හිමියන්ගේ
ප්‍රධානත්වයෙන් ඇති ලන්ඩන් විහාරය හා හේනේපොල ගුණරතන හිමියන්ගේ
ප්‍රධානත්වයෙන් පවත්නා වොෂින්ටන් විහාරය, කිරින්දේ ධම්මානන්ද නා
හිමියන්ගේ මැලේෂියා විහාරය, සිංගප්පූරුවේ තිසරණ බෞද්ධ මධ්‍යස්ථානය
ථෙරවාද බුදුදහම හඳුන්වාදීම සඳහා පුළුල් වැඩසටහන් මෙහෙයවන ආයතන
කිහිපයකි. නූතන ලෝකය හා සමාජය දෙස බලන ධර්ම දූත මෙහෙවර සඳහා මෙතෙක් අප
ගෙන ඇති පියවර බෙහෙවින් දිළිඳු අඩුවාසි ලබන තත්ත්වයක පවත්නා බව
අකැමැත්තෙන් වුවත් සඳහන් කළයුතුව තිබේ. එහෙයින් ලංකාව ලෝකයට බෙහෙවින්
ළඟා කළ හැකි ලංකාවට බෙහෙවින් වාසිදායක තත්ත්වයක් වූ ථෙරවාද බුද්ධ ධර්මය
හඳුන්වාදීම සඳහා අප රටෙන් කෙරෙන ධර්මදූත සේවාවන් බෙහෙවින් නවීකරණය විය
යුතු බව ධර්මකාමීන්ගේ අවධානයට ලක් කිරීම මැනවි යැයි සිතේ.
අප ජීවත්වන සමකාලීන සමාජය විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් මේතාක් ලෝකය ගමන්
නොකළ දුරක් ගොස් ඇත. එම සමාජයේ ජීවිතය ආගම් දර්ශන සොයා දීමකුත් බහුලව
සිටි යුගවල සමාජ ජීවිතයට වඩා බෙහෙවින් අසමානය. විද්‍යා තාක්‍ෂණයෙන්
පරිවර්තනය වී ඇති සමාජ රටාවට අනුරූප අවශ්‍යතා, සිතුම් පැතුම් හා
අපේක්‍ෂා වලින් පිරී පවතී. විවිධ විෂය ධාරාවන් පිළිබඳ නව සොයා ගැනීම්,
දැනීම් වලින් පිරිපුන් සමාජයක මිනිසුන්ගේ බුද්ධියට යමක් ඒත්තු ගැන්වීම
ගතානුගතිකව, සම්ප්‍රදායානුකූලව යාන්තමින් කිරීම ඉතාමත් අපහසුය. තුන්වන
ලෝකයේ රටවල කෙසේ වෙතත් සංවර්ධිත රටවල සුවපහසුකම් වලින් පිරුණු සමාජයකට
කරුණු ඒත්තු ගැන්විය හැක්කේ විද්‍යානුකූල වූ තරමට ය. තර්කානුකූල වූ
තරමට ය. යථාර්ථවත් වූ තරමට ය. යථාර්ථය දැකීමට වඩා ස්වකීය දැනුම්
සම්භාරය ඔවුනොවුන් අභිභවා යාමටත්, තම තමන්ගේ ආශාවන් මස්තකප්‍රාප්ත කර
ගැනීමටත් මහා තරගයක යෙදී සිටින මිනිසා, මිනිසා කෙරෙහි සැකෙන්, බියෙන්
හා අවිශ්වාසයෙන් ජීවත්වීම මේ සමාජයේම දක්නට ලැබෙන අනෙක් පැත්තයි.
එවන් සමාජයකටයි, අද අපට මේ ධර්මයේ පණිවිඩය ගෙනයායුතුව ඇත්තේ. බුදුන්
වදාළ පරිදි ආශාවන්ගේත්, ද්වේෂ ධර්මයන්ගේත් වෙලී පිරී සිටින්නන්ට මේ
ධර්මය දැකීම නම් අපහසුය. (රාගදෝස පරෙතෙහි නායංධම්මොසුසමභිඤ්ඤා) එහෙත්
මේ සමාජයේ පැවැත්මෙන් හෙම්බත්ව සැනසීම සොයන පතන මිනිසුන් එමට සිටිති.
එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව වැනි සංවර්ධිත රටවල එවැනි
මිනිසුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. අප ඔවුන් අතරින් මේ
ධර්මයේ පණිවුඩය ඒ රටවලට ගෙන යා යුතු ය. වාසනාවකට මෙන් ඒ රටවලට මේ
පණිවුඩය ගෙනයාමට ඕනෑතරම් අවස්ථාව උදා වී තිබේ. ධර්ම ප්‍රචාරයෙහි නියුතු
ලාංකික භික්‍ෂූන් වහන්සේගෙන් ඉටුවිය යුත්තේ ඔවුන් සොයන සැනසීම මේ
දහමින් ලැබිය හැකි බව ඒත්තු ගැන්වීමයි. |