UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

2600 සම්බුද්ධත්ව ජයන්ති වසර

ජයන්තියක් උදාවන්නේ අවුරුදු සියයකට වරකි. එසේ වූ විට එක් යුගයක උපත ලැබ එක් පිරිසකට ජයන්තියක් සැමරිය හැක්කේ එක් වරක් පමණි. එසේ වූ විට 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වූ එම කාලය තුළ එම වසර තුළ එම මාසය තුළ, එම දිනය තුළ, ජීවත්ව සිටීමට වාසනාව ලැබූ අපි හැමෝම හැබෑ වාසනාවන්තයෝ වෙමු. තෙරුවන් සරණ ගිය භික්‍ෂු, (- ), උපාසක, උපාසිකා යන අපි සියල්ලෝම සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්දැයි දනිමු. භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ ලැබූ අරහත් බෝධිය අනුගාමික ශ්‍රාවක සියලු පිරිසට ද ලබා ගත හැකි බව දෙසූ එකම ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පමණි. බුදුදහම දන්නා සෑම බෞද්ධයකුම මෙම සම්බුද්ධත්ව ජයන්ති උදාව සිහිකරන්නේ මහත් අර්ථවත් ලෙසය. ඒ තමාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින්ම ලෝකෝත්තර ඵලයන් සඳහා ද ප්‍රතිපත්ති මාර්ගයන්ට අවතීර්ණ වන පරිදිය.

ඉතිරිය»

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]