UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නැණ පහන් කළ විරු උපහාර පූජා ප්‍රසාදිනි ශ්‍රී සම්බුද්ධත්ව සැමැරුම මහ ඉහළින්

බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිහ නද පැතිරූ ගිහි පැවිදි උත්තමයන් උදෙසා කළගුණ සැලකීමටත්, මහාබෝධි සමාගම ආරම්භ කරමින් ජාතිය අවදිකළ දම්පල් හඬ නැවත ඇති කරලීම උදෙසාත්, ගාල්ලෙන් ඇරැඹි සදහම් පාසල් මඟින් දිවයින පුරා පැතුරුණු සදහම් නද පැතිරීමත්, ප්‍රඥාප්‍රදීප ආලෝක පූජාවක් සහ කුසුම් පූජාවක් පැවැත්වීමට ජාත්‍යන්තර බොදු පදනම අපේක්‍ෂා කරමු.

දෙදහස් හයසියවන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදා වූ මේ වසර ජාතික ආගමික සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් නව ජීවයක් උදාකරලීමට වඩාත් යෝග්‍ය කාලයයි. අප ශ්‍රී ලංකාද්වීපය නිදහස් නිවහල් දේශයක් වශයෙන් ගොඩ නඟන්නටද බෞද්ධ පුනර්ජීවයක් ඇති කරමින් විජාතික බලවේග මැඬලන්න ද පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් දෙදෙනෙකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් හා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් අමිල මෙහෙවරක් සිදුකළ බව නොරහසකි. එතුමන්ලා විසින් එවකට මිෂනාරින් යටකරගෙන තිබූ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම උදෙසා ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මලියදේව, මහින්ද ආදී මේ රටේ කීර්තිමත් විද්‍යස්ථාන රාශියක් අරඹන ලදී. ඊට පූර්ණ අනුශාසකත්වය සැපයූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ද අපමණ ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය. එසේම ජාතියේ දූ පුතුන්ගේ ධර්මඥානය වැඩිදියුණු කරනු පිණිස හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් පුරෝගාමීව දිවයින පුරා දහම් පාසල් ආරම්භ කිරීමෙන් මේ වසරට (2011) වර්ෂ 125 ක් සම්පූර්ණ විය. එදා එතුමන් නොවන්නට දෑ හිතකාමී උගත් බුද්ධිමත් ජාතිමාමක ජනතාවක් දේශයට දායාද කරන්නට නොහැකිවනු ඇත. මොන බලවේග හමුවේ වුවද ජාතිකත්වය, සභ්‍යත්වය, දේශීයත්වය අගයමින් එදා මෙදා තුර මේ බෞද්ධ පාසල්, දහම් පාසල් මඟින් දේශයේ උන්නතිය උදෙසා සිදුවන මෙහෙය අගයන අතර, අද දවසේ අපගේ වගකීමද එය රැක ගැනීමයි.

බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිහ නද පැතිරූ ගිහි පැවිදි උත්තමයන් උදෙසා කළගුණ සැලකීමටත්, මහාබෝධි සමාගම ආරම්භ කරමින් ජාතිය අවදිකළ දම්පල් හඬ නැවත ඇති කරලීම උදෙසාත්, ගාල්ලෙන් ඇරැඹි සදහම් පාසල් මඟින් දිවයින පුරා පැතුරුණු සදහම් නද පැතිරීමත්, ප්‍රඥාප්‍රදීප ආලෝක පූජාවක් සහ කුසුම් පූජාවක් පැවැත්වීමට ජාත්‍යන්තර බොදු පදනම අපේක්‍ෂා කරමු.

දෙසැම්බර් මස 02 වන දින තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස සහ රුවන්වැලි මහා සෑ රදුන් අභියස සිදු කරනු ලබන මෙම උතුම් පූජාවේ අනුහසින් 2012 දී සිදුවෙතැයි විශ්වාස කරන දරුණු විපත් වලින් ලෝකය මුදාගැනීමට ශක්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

දැයේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් වෙනුවෙන්, ගුරු දෙමාපියන් වෙනුවෙන් පහනක් දල්වා විද්‍යාලෝකයෙන් ප්‍රඥාලෝකය ලබාගත් අප අතීත උරුමයක අගනාකම ජාතියේ අනාගත පරපුරට කළගුණ සැලකීමේ පාඩම ආදර්ශයෙන් පෙන්වා දෙමු.

බොදු සිසු දරුවනි, ශ්‍රීමත් දම්පල් හඬ අවදි කරව්, සදහම් අධ්‍යාපනයේ යෙදී සිටින දහම් ගුරු භවතුනි, සිසු සිසුවියනි, පෙළ ගැසෙමු අප පිළිවෙතින් එකම වූ සදහම් මගට බැති සිතින්. ඒ සඳහා කාලයයි මේ. “කාලෝ අයං තේ”

ශ්‍රීමත් අනගාරික ධර්මපාල, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ලාගේ වෑයම නොවන්නට අද රටේ ස්ථාපිතව ඇති බෞද්ධ විදුහල් ඇරැඹෙනු ඇතැයි සිතිය නොහේ. ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මළියදේව, මහින්ද බඳු විද්‍යස්ථානවලින් ශ්‍රේෂ්ඨ උගතුන් බිහිවෙමින් රට දැනුමින් ඒකාලෝක වූයේ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ බෞද්ධ නායකයන් එදා දැල් වූ විද්‍යාලෝකයේ මහිමයෙනි.

මේ පින්කම සඳහා දිවයිනේ ප්‍රකට බෞද්ධ විදුහල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරු භවතුන්, ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දහම් පාසල් ගුරු සිසු සැම සහභාගි කරවා ගැනීම සංවිධානයේ අරමුණයි.

මෙම උතුම් පින්කමෙන් පසුව තෝරාගත් දුෂ්කර දහම් පාසල් සියයක් (100) සඳහා අතහිත දීමට ද අපේක්‍ෂා කරමු. අප සංවිධානය මඟින් ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් ජාතියේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නා වූ වැඩ පිළිවෙළවල් සඳහා ඔබ සැමගේ සහභාගිත්වය සහයෝගය ඉදිරියේ දී අපේක්‍ෂා කරමු. අප සමඟ එක් වී දැයේ අනාගතය වෙනුවෙන් සේවය කරමු. දෙසැම්බර් 02 වන දින පැවැත්වෙන උතුම් පින්කම් සඳහා ඔබ සැමට ආරාධනා කරමු.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]