UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2011.12.02

විද්‍යාලංකාර දිනය

සර 136 කට පෙර රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමියන් විසින් අරඹන ලද කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන “විද්‍යාලංකාර දිනය” අනුස්මරණය කරන සුවිශේෂී අවස්ථාව මේ දිනවල යෙදී තිබේ.

මෙරට නූතන ඉතිහාසයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා විද්‍යා පීඨයකි. විද්‍යාලංකාර පිරිවෙන එමෙන්ම මෙය වත්මන් පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද සැලකියහැකිවේ.

විද්‍යාලංකාර පිරිවෙන්හි මහඟු සේවය අධ්‍යාපනයට පමණක් සීමාවූවක් ද නොවනු ඇත. එහි සේවාව විවිධ අංශ වෙත පැතිර ගිය බව රහසක් නොවේ.

වෙසෙසින් ම සසුනඹරේ යහපතට අභිවෘද්ධියට සිදු කළ සේවය මෙන්ම දැනුදු සිදු කරනු ලබන මෙහෙවර ආදර්ශවත් ය. විද්‍යාලංකාර පිරිවෙනින් ධර්ම ශාස්ත්‍ර හදාළ පඩිවරු මෙරටට පමණක් සීමා නොවෙති. එතෙර රටවලින්ද මෙරටට පැමිණ මෙම පිරිවෙනින් ශාස්ත්‍ර පිපාසය සන්සිඳුවා ගනිමින් ලොවටම සම්බුදු දහම පහදා දීමට විවිධ අයුරින් ක්‍රියා කළ විදේශීය උගත්තුද ඒ විද්වත් පිරිස අතර වෙති.

භාෂා ශාස්ත්‍ර උන්නතිය පිණිස මෙන්ම සාහිත්‍යය පෝෂණය පිණිසත් විද්‍යාලංකාර පිරිවෙනින් සිදුවූ අනගි මෙහෙවර සදා අනුස්මරණීය වෙයි.

විද්‍යාලංකාර පිරිවෙනින් ධර්ම ශාස්ත්‍ර හදාරා ග්‍රන්ථ රචනා කළ පඬිවරු බොහෝ වෙති. එමෙන්ම පැරැණි පොතපත සංස්කරණය කරමින් දැයට පිරිනැමූ විද්‍යාලංකාර ආදි ශිෂ්‍යයෝ විශාල සංඛ්‍යාවක් වෙති.

භික්ෂුවට ආවේනික වූ අත්‍යාවශ්‍ය වූ පැවිදි ආකල්ප හැඩ ගැස්වීම ද විද්‍යාලංකාර පිරිවෙනේ විශේෂ අවධානය යොමු වූ වැදගත් අංශයකි. මෙහි අධ්‍යාපන කටයුතු පිළිබඳ නෙත් යොමු කරන විට එය පැහැදිලි වන්නකි.

සමාජ හැඩ ගැස්ම පිළිබඳ සිදුවූ සේවයත් දැනටද විද්‍යාලංකාර පිරිවෙන මගින් සිදු කරනු ලබන යුග මෙහෙවරත් කිසිවෙකුට කිසිවිටෙක අමතක කළ නොහැකි ය.

ඇතැම් අවස්ථාවලදී යම් බාධක එල්ල වුව ද එම කටයුතු සාර්ථක කර ගැනීමෙහිලා විද්‍යාලංකාර පිරිවෙන එඩිතරව කටයුතු කළ ආකාරය පැසසිය යුතු ය.

පිහිටුවා වදාළ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් ගෙන් අනතුරුව රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි , කිරිවත්තුඩුවේ ශ්‍රී‍්‍ර ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි පරිවේණාධිපති ධූරය හෙබ වූ අතර වත්මන් විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරය හොබවනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

විද්‍යාලංකාර පිරිවෙන්හි නිර්මාතෘන් වහන්සේ ප්‍රධාන විද්‍යාලංකාර පිරිවෙන්හි පරිවේණාධිපති ධූරය හොබවා අපවත් වී වදාළ සියලුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් විද්‍යාලංකාරයේ දියුණුවට පෝෂණයට, ආරක්ෂාවට අත හිත දුන් සියලු ගිහි පැවිදි හැම දෙනාටත් උපහාර පිණිස විද්‍යාලංකාර දිනය නමින් වාර්ෂිකව පින්කම් මාලාවක් සිදු කිරීම ආදර්ශවත් කාලීචිත ක්‍රියාවකි.

එහි ප්‍රධාන මාර්ගෝපදේශකයන් වහන්සේ වත්මන් විද්‍යාලංකාර පරිවේණාධිපති නා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ අදහස මල්ඵල ගැන්වීමක් ලෙස “ විද්‍යාලංකාර” දිනය පැවැත්වේ.

රටට සම්බුද්ධ ශාසනයට භාෂා ශාස්ත්‍රාදියට ,සමාජයට අතිඋදාර මෙහෙවරක් ඉටු කළ හා ඉදිරියට ද ඉටු කැරෙන විද්‍යාලංකාර පිරිවෙන ගෙවී ගිය 136 වසර පුරා සිදු කර ඇති මහඟු මෙහෙවර මෙරට ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු නො අනුමාන ය.

කවදත් කෘතගුණ සැලකීමට ඇප කැපවී සිටින මෙරට බොදු ජනතාව “ විද්‍යාලංකාර දිනය” සැමරීමට සහාය වනු දැකීම අපගේ පැතුම යි.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]