UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව ලොව පුරා බෞද්ධ පුනරුදයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ලොව පුරා රටවල් 38 ක් වෙත බෞද්ධ දූත මණ්ඩල සේවාව සඳහා ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා පත්කිරීම පසුගියදා සිදුකෙරුණු අතර.
ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු බුදුදහම ක්‍රියාත්මක නොවන රටවල් සහ ආසියාතික බෞද්ධ රාජ්‍යයන් ගණනාවක් සඳහා ද, ජාත්‍යන්තර බෞද්ධ සංවර්ධන කවුන්සිලයට සම්බන්ධව නියෝජිත හිමිවරුන් පත් කෙරිණි.
තායිලන්ත හා ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්බන්ධතා වැඩිදියුණු කිරීම හා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරනු ලබන විශිෂ්ට සේවය අගය කරමින් ඒ පිළිබඳව තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ ගෞරවය පිරිනැමීම සඳහා, තායිලන්ත පෙච්චබූන් පළාත් සංඝනායක, අචාන් භාරමී හිමියන් ඇතුළු ගිහි පැවිදි 35 දෙනෙකුගෙන් යුතු ධර්මදූත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවූහ.
තායිලන්තයේ පෙච්චබූන් මහ විහාරයේ රෝපණය කිරීම සඳහා ජය ශ්‍රී මහාබෝධි අංකුරයක් ද අග්‍රාමාත්‍යවරයා විසින් තායිලන්ත දූත පිරිසට පිරිනමන ලදී.
ජාත්‍යන්තර බෞද්ධ සංවර්ධන කවුන්සිලයේ තායිලන්ත නියෝජිත වශයෙන් නම් කළ, අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමියන්ට අදාළ නිල පත්වීම් ලිපිය අගමැතිවරයා විසින් කොළඹ විසුම්පායේදී ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූ.පයෙන් දැක්වේ.

ගිරි භණ්ඩ පූජාවක්

ශ්‍රී ලංකාවේ ආදිතම මහා සැදැහැවත් උතුමන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් පවත්වාගෙන ආ ගිරි භාණ්ඩ මහා පූජාව (පර්වතයක් මෙන් පූජා භාණ්ඩ එක තැන ගොඩ ගසා) පහත සඳහන් අයුරින් පැවැත් වේ. හොමතාගම රාජමහා විහාරයේ දී ඔක්තෝබර් 16 වන දා පෙරවරු 11 ට පැවැත්වේ.

ඉතිරිය»

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]