UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |


ලේක්හවුසිය , මැලිබන් ආයතනය හා එක්ව මිහින්තලා පුදබිමේ
නව පොහොය ගෙය ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් ...


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හා මැලිබන් ආයතනය එක්ව මිහින්තලා පුදබිමේ නව පොහොය ගෙයට මුල්ගල තැබීම ඉකුත් 18 වන දා සිදු කැරිණි. ඊට සහභාගි වූ ආරාධිතයන් මුල්ගල් තැබීමට සූදානම් වූ අවස්ථාව පළමු ඡායා රූපයෙන්ද ලේක්හවුස් කර්තෘමණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතා උත්සව සභාව ඇමතු අවස්ථාව  දෙවෙනි ඡායා රූපයෙන්ද දැක්වේ. අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, එස්.එම්.චන්ද්‍රසේන, ආචාර්ය ජගත් බාලසූරිය, නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, මැලිබන් ආයතනයේ අලෙවි විධායක රාජා අබේනායක මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප – කිත්සිරි වනසිංහ

ගෝනහේනේ විමලානන්ද නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 7 වනදා

කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති ගෝනහේනේ විමලානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ මංගල ධර්මකීර්ති ශ්‍රී පේමානන්ද” ගෞරවනාමය සහිත සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඉතිරිය»

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]