බෙල්ලන්විල
ඇසළ මහා පුණ්‍යෝත්සවය
බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය 61 වන වතාවට
අති උත්කර්ෂවත් ව පැවැත්වේ.
අගෝස්තු14 සිට 20 දක්වා සති පිරිත් දේශනාවක් ද චාරිත්‍රානුකූලව
පැවැත්වෙන අතර එය අවසාන දින දොරකඩ අස්න අනුශාසනාව සහ දේවදූත පෙරහර
පවත්වයි. එදිනම රාත්‍රියේ කුඹල් පෙරහර පැවැත්වේ. 21 අලුයම සති පිරිත්
සජ්ඣායනය නිමාවට පත්වේ. 21 රාත්‍රියේ සිට 24 දින දක්වා මල් පෙරහර
පැවැත්වේ. 25 දින මෙම පෙරහරද වීදි සංචාරය කෙරේ.
ඉතිරිය»
ජය සිරි මා බෝ සෙවණේ වැඩුණු
බොදු සංස්කෘතිය
ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට
වැඩම කරවන අවස්ථාවේදී
ඒ සමග ඉන්දියානු සංස්කෘතියේ
විවිධ ලක්ෂණ මතු කරන්නාවූ ශිල්ප
ශ්‍රේණිවලට අයත් පිරිස් ද පැමිණි බව
මූලාශ්‍ර වලින් හෙළි වේ. මේ පිරිස්
සිංහල සංස්කෘතියට බද්ධ වීමෙන්
නව සංස්කෘතික වටපිටාවක්
ලක්දිව ගොඩ නැඟුණි
ඉතිරිය»
ධර්ම දේශනාව:
මාර බන්ධනය
ඉතා සියුම්
කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම්
දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය
වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ
අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින්
මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.
ඉතිරිය»
|