UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහරේ රාත්‍රී මහ පෙරහර

මහනුවර ඇසැළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 13 වෙනි ශනි දින රාත්‍රි 8.00 දකුණ බලා පෙරහර පිටත්ව දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේවීදිය ,ඩී.එස්.සේනානායක වීදිය රජවීදිය දිගේ ඉහළට විත් ගෙවදී.

අවසන් රාත්‍රි මහ පෙරහර ගෙවදීමෙන් දිය කැපුම් පෙරහර 13 රාත්‍රි 1.10 ට දකුණු දිශාභිමුඛව මාළිගාව පෙරහර සිව්දේවාල පෙරහර කැටුව, දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් සිරිත් පරිදි කරඩුව එහි තැන්පත් කර සිව්දේවාල පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපුම් මංගල්‍ය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටුකරනු ඇත.

සිරිත් පරිදි 14 වෙනි ඉරුදින දවල් 1.20 ට ගණදෙවි කෝවිලෙන් පිටත්වන පෙරහර (දේවාල) කටුකැලේ විදිය දළදා වීදිය, ඊ.එල්.සේනානයක වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ නගර සභා හංදියට පිවිස සවස 2.42 ට ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළදා මාළිගාව පෙරහර කැටුව ඩී.එස්.සේනානායක වීදිය පන්සල පාර, දේව වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදර්ශය කර සවස 4.45 ගෙවදී.

පැරැණි රජ දවස පටන් පවත්වාගෙන එන චාරිත්‍ර සිරිත් අනුව පෙරහර සාර්ථක පරිදි මෙම වසරේ පැවැත්වූ වග දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමාට සංදේශයකින් සැල කිරීම් වස් දියවඩන නිළමේ ප්‍රධාන බස් නායක නිළමවරු පෙරහරකින් ජනාධිපති මන්දිරයට පැමිණීම දවල් පෙරහර ගෙවදීමෙන් අනතුරුව සිදුකෙරේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]