UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ (කටුගම්පල ආසනයේ) සියලු විහාරස්ථාන සහ ආරාම සඳහා පිරුවානා පොත් වහන්සේ පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙන්ඩියගල සඳලංකාව ශාස්ත්‍රෝදය මහ පිරිවෙනෙහිදී ඉකුත් 02 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. කටුගම්පල ආසනයේ පිහිටි විහාරස්ථාන 68 ක් හා ආරාම 04 ක් වෙත පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ මඟපෙන්වීම සහ දායකත්වය යටතේ පිරුවානා පොත් වහන්සේ පූජා කිරීමේ මේ පින්කම පැවැත්වූයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගෙනය. මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෙවැනි පින්කමක් සිදුකර තිබෙන්නේ 04 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේදීය. ඒ ක්‍රි.ව. 1302 – 1326 අතර කාලවකවානුවේදීය. පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඉල්ලීමක් අනුව වීරසිංහ පතිරාජ ඇමැති පන්සියපනස් ජාතකය පුස්කොළ පොතක ලියවා ඇතකු පිටතබා ඇතුගල්පුරය වටා වීදි සංචාරය කර තිබේ. එම පින්කමෙන් පසු මෑත යුගයේ සිදුවූ එවැනි දැවැන්ත පින්කම මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්. පී.සූරියප්පෙරුම මහතා එම උත්සවයට සහභාගි වෙමින් පැවසීය.
කැලුම් ගුණතිලක

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලද ගුරුළුබැද්ද හැඩිගල්ල ශ්‍රී රත්නාරාම දහම් පාසලේ ඩබ්ලිව්. ඩී.ගංගා සෙව්වන්දි ශිෂ්‍යාව වෙත රුපියල් දසදහක මුදල් ත්‍යාගය ද සහතික පත්‍රය සහ ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් පිරිනමන ලද පියසේන නිශ්ශංක අනුස්මරණ කුසලානයද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාර මහතා අතින් පිරිනැමූ අවස්ථාව. බුදුසරණ කර්තෘ නෙල්සන් එස්.පෙරේරා මහතා සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ මහතාද මෙහි වෙති.
ඡායාරූපය :- රුක්මාල් ගමගේ

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]