UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රටට ජනතාවට සෙත් පතා දම්සක් පැවතුම් සූත්‍ර දේශනය

සද්ධර්මය ලොව පහළවීම හා මහා සංඝරත්නය ලොව පහළවීම සැමරීමේ මහා ධර්ම මංගල්‍යය ධම්ම චක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය ඇසළ පෝයදා කැලණිය රජමහා විහාරස්ථානයේදී ප.ව. 6.30 –7.30 දක්වා පැවැත්වේ.

සම්බුද්ධ ශාසනයේ විශිෂ්ටතම සංසිද්ධිය සද්ධර්මය ලොව පහළවීමේ අවස්ථාව හා මහා සංඝරත්නය ලොව පහළවීමේ අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඇසළ පෝය දින බරණැස ඉසිපතනයේ මිගදායේදී සිදුවූ ඒ අසිරිමත් සංසිද්ධිය හදවතින් සැමරීම සෑම බෞද්ධයෙකුගේම පරම යුතුකමක් වෙයි. දිවයිනේ සෑම බෞද්ධයෙකුම එකම වේලාවක් තුලදී සජ්ඣායනයෙන් සම්බන්ධ වීම තම බෞද්ධ බැඳියාව ප්‍රදර්ශනය කරනු ලබන එකම අවස්ථාව වෙයි. දිවයිනේ සමස්ත බෞද්ධ ජනතාව සද්ධර්මය ලොව පහළවීමේ අවස්ථාව හා ඊට තම හදවතින් සම්බන්ධ කරනු ලබන ලොව විශිෂ්ටතම වේලාව ඇසළ පෝය දින ප.ව. 6.30 – 7.30 දක්වා කැලණිය රජමහා විහාරස්ථානයේදී සිදුකෙරෙන ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය හා එළඹෙයි.

අප රටට ජනතාවට ඉමහත් සෙතක් ශාන්තියක් සැලසෙන මහත් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගෙන මෙම අවස්ථාවට ඔබගේ විහාරස්ථානයේදී හෝ නිවසේදී හෝ සේවා ස්ථානයේදී සජ්ඣායනයෙන් සම්බන්ධවන්න. ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්. එම්. සේවය ඔස්සේ (98.4) මෙම සජ්ඣායනය ලොව පුරාම විසුරුවා හරිනු ලැබේ. සමුබුද්ධත්ව ජයන්තියට 2600 වසරක් එළඹුනු හා මංගල ධර්ම දේශනාවට 2600 වසරක් එළඹෙන සම්බුද්ධ ශාසනයේ මංගල ධර්ම දේශනය වන ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනයට සෙසු බෞද්ධ ජනතාව සමග ඔබගේ හඩින් දායකවීමෙන් හා ඔබගේ සද් මානසිකත්වයෙන් මුළු දිවයිනම නැහැවීමේ සද් වෑයමට ඉතසිතින් දායක වන්නැයි රාජ්‍ය සේවා බෞද්ධ සංගමය ඉල්ලීමක් කරයි.

එය ඔබ වෙනුවෙන් පමණක් නොව සමස්ත බෞද්ධ ජනතාව ඔබ උපන් දේශයේ ශාන්තිය සෞභාග්‍යය වෙනුවෙන් කරනු ලබන අතිමහත් යුතුකම් වෙයි. සද්ධර්මය අපේ මහා සංඝරත්නය ලොව පහළවීම සැමරීම සඳහා සෑම නිවසකම උදේ කිරිබත් පිළියෙළ කරන්න. සද්ධර්මයේ ආලෝකය ලොව පුරා ඔබේ හදවතින් පැතිරයාම සංකේතවත් කිරීමට වෙසක් පහන් කූ®ඩුවක් නිවසේ දල්වන්නැයිද එම සංගමය ඉල්ලීමක් කරයි.

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]