UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නා හිමි ගුණ සැමරුම

වර්තමාන ශාසනික ප්‍රබෝධයේ නියමුවාණන් වහන්සේ ලෙස සැලකෙන අසරණ සරණ සරණංකර වැලිවිට ශ්‍රී සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ 313 වැනි ජන්ම දිනයට සමගාමීව 2011.06.15 සිට 19 දක්වා සංඝරාජ නාහිමි ගුණ සමරමින් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ උත්සව මාලාවක් සූරියගොඩ නරේන්ද්‍රාරාම රජමහා විහාරයත්, කුඹල්වතුමුල්ල පුරාණ විහාරයත්, ඉලුක්තැන්න ආනන්ද ගිරිලෙන් විහාරයත් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සූරියගොඩ මුරුතලාවේ වැලිවිට ශ්‍රී සරණංකාර සංඝරාජ සමාජ ආර්ථික සංවර්ධන පදනම මේ වන විට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ජුනි 15 වැනි දිනට යෙදෙන පොසොන් පෝ දිනයේදී දාන ශීල භාවනා සහිත ආගමික වැඩසටහනකින් මේ උත්සව මාලාව ආරම්භ කිරීමට නියමිතය. එදිනම රාතියේ 8.00 සිට පසුදා පහන්වන තුරු ඉළුක්තැන්න ගිරිලෙන් විහාරස්ථානයේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ. පසුදින දවල් අර්ධශතාධික සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අෂ්ට පරිෂ්කාර සහිත දානමය පුණ්‍යකර්මයක් වේ. කුඹල්වතුමුල්ල විහාරස්ථානයේ ඉදිකරන ලද ගණ්ඨාර කුලුන ජුනි 17 දින ප.ව. 6.30 ට විවෘත වීමට නියමිතය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය හගුරන්කෙත ධීරානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වෙන සගරජවත පිළිබද විශේෂ දේශනය ජුනි 18 දින පෙ. 8.30 කිරිඹත්කුඹුරේ ශ්‍රී සංඝරාජ බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකෙරේ. එදිනම ප.ව. 3.30 ට පමණ කිරිඹත්කුඹුරේ සිට සූරියගොඩ නරේන්ද්‍රාරාම රජමහා විහාරස්ථානය තෙක් ගමන් ගන්නා පොසොන් පෙරහර සහ සංඝරාජ පෙරහර ආරම්භ වීමට නියමිතය.

ජුනි මස 19 දින ප.ව. 5.30 ට පමණ සූරියගොඩ නරේන්ද්‍රාරාම රජමහා විහාරස්ථානයේදී සප්තාසන කාව්‍යමය ධර්මදේශනාවක් පැවැත්වේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]