UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත බුදුපිළිම වහන්සේ පූජා කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී (9) සිදු කෙරිණි. ඒ මහතා එම බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කළ අයුරු. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - සුදත් සිල්වා

පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාල පිරිවෙනේ අභිනවයෙන් ඉදි කළ අටවිසි බෝධි ඝරය හා රන්වැට විවෘත කිරීම ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එහිදී ජනාධිපති ආර්යාව රන් වැට විවෘත කළ අයුරු. අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමි, පාණදුර රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොළ සුගතරතන අනුනාහිමි හා මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි එම අවස්ථාවට සහභාගි වූ අතර, විහාරාධිපති පාණදුරේ විජිතනන්ද නාහිමි හා මොරවින්නේ විජිත හිමි ද ඡායාරෑපයේ වෙති. ඡායාරූපය - ලලිත් වැලිවිටිගොඩ

දශක තුනකට අධික කාලයක් පුරා පැවැති කුරිරු යුද්ධයේ නිමාවත් සමග රුධිරයෙන් නැහැවුණු උතුරු භූමිය පින් බිමක් බවට පරිවර්තනය කරමින් දමිල සිවිල් ජනතාව සහ අන්‍ය ආගම් අතර සුහදතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගනිමින් 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී නි/61481 ලුතිනන් කර්නල් ඒ.එස් වික්‍රමසේන ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි ශි‍්‍රලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් අනුව එම ඒකකය ස්ථානගත කිලිනොච්චිය පාලිනගර් කඳවුරු භූමියේ දී සියලුම නිලධාරි/ සෙසුනිලයින්ගෙ ශ්‍රම දායකත්වයෙන් ඉතා අලංකාර අන්දමින් බුදුමැදුරක් ඉදිකරන ලදී. ඒ අනුව බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉදිකරන ලද බුදු මැදුර වෙත ඉකුත් 12 දින බුදු පිළිම වහන්සේ නමක් දර්ශනීය පෙරහරකින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැඩම කරවා එදින සුබ මොහොතින් ඒකක අණදෙන නිලධාරි නි/61481 ලුතිනන් කර්නල් ඒ.එස් වික්‍රමසේන ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම බුදුපිළිම වහන්සේ නව බුදුමැදුරෙහි ප්‍රතිස්ථාපනය කරන ලදී. පසුදින පහන්වනතුරු සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් පවත්වන ලදී.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]