UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

පල්ලේගම පියරතන හිමි

කැටයාපතනේ ජිනරතන හිමි

මතුරට විමලරතන හිමි

මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝසභා ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මකීර්ති ශ්‍රී ධම්මරක්‍ෂිත ධම්මානන්ද, මල්වතු මහා විහාරයීය කාරක සභික කැටයාපතනේ පියදස්සි, මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය අඹතලාවේ සරණංකර, හිප්පොල, කුසලධම්ම, සසබෝගම සංඝරතන යන හිමිවරුන්ගේ ශිෂ්‍යයින් වන පල්ලේගම පියරතන, කැටයාපතනේ ජිනරතන, මතුරට විමලරතන යන සාමණේර තුන්නම මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටුවනු ලැබූහ.


 තලාකොළවැවේ මේධානන්ද හිමි

ඓතිහාසික සෝමාවතී රජ මහ විහාරය, කුරුණෑගල බඩගමුව රජමහ විහාරය, වලස්ගල රජ මහ විහාරය, මහනුවර සිරිමල්වත්ත රජමහ විහාරය, මහනුවර කතරගම දේවාල විහාරය, යන විහාරයන්හි අධිපති මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි මහනුවර සංඝරාජ නියෝජ්‍ය පරිවේණාධිපති පහමුණේ ඉන්දසුමන, සිරිමල්වත්ත රජමහ විහාරයේ භාරකාර තල්ගොඩපිටියේ ඉන්දගුප්ත යන හිමිවරුන්ගේ ශිෂ්‍ය තලාකොළවැවේ මේධානන්ද සාමණේර හිමියන් 2600 සම්බුද්ධ ජයන්ති වෙසක් පුරපසළොස්වක පොහෝ දින මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී වාහල නාග නාමයෙන් උපසම්පදා ශිලයෙහි පිහිටුවන ලදී.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් උපාධ්‍යායෙන් හා මල්වතු මහා විහාර කාරක සභික දෙහිදෙණියේ රතනසාර කාරක සභික කැටයාපතනේ පියදස්සි යන හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කැරිණි.


ඕමත්තේ නන්ද හිමි

යගිරල සිරි නිවේසාරාම පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කළුතර සහ පස්යොදුන් රට ද්විතීය සංඝ නායක අතුරුවැල්ලේ අරියවංස නාහිමියන්ගේ සහ හල්වල ඤාණරංසි හිමියන්ගේ ශිෂ්‍ය ඕමත්තේ නන්ද හිමියන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් අධිශීල ශික්‍ෂා සංඛ්‍යාත උපසම්පදාව මෙම 20 වනදා ලබති. උන්වහන්සේ මාලනී චන්ද්‍රලතා විතානගේ සහ පරලොව සැපත් කන්කැනව්ගේ පවුලිස් දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.


බිබිලේ නාගිත හිමි

පන්නිපිටිය, බ්‍රාහ්මනගම දුවේ විහාරස්ථානයේ ආචාර්ය මාබුල්ගොඩ සුමනරතන හිමියන්ගේ ශිෂ්‍ය නමක් වන බිබිලේ නාගිත සාමනේර නම ජූනි මස 18 වන දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රජමහ විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් කෙරේ. උන්වහන්සේ බිබිල, අයිවෙළ ඉලුක්කුඹුරේ පදිංචි ගුණසුන්දර මුදියන්සේ සහ නැසීගිය දේවරාජගේ පොඩිමැණිකේගේ පුත්‍රරත්නය වේ. ජූනි මස 26 වන දින පස්වරු 4 ට දූව විහාරස්ථානයේ දී නාගිත හිමියන්ගේ මංගල ධර්ම දේශනය පැවැත්වේ.


පැළෑනේ ධම්මකුසල හිමි

මොරටුව, රාවතාවත්ත ශ්‍රී කවිධජ භාවනා මූලස්ථ සිරිසේන ධර්ම මන්දිරය, මහනුවර බඹරැල්ල සසර නිරෝධ භාවනා මූලස්ථානයෙහි අධිපති හා ජර්මන් ධර්ම දූත සංගමයේ ප්‍රධාන අනුශාසනා කම්මට්ඨානාචාර්ය හෝමාගම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී කවිධජ භාවනා මූලසථ සිරිසේන දහම් පාසලේ ගුරුදෙගුරු සංගමයේ සභාපති හා ප්‍රධානාචාර්ය අලුත්වැවේ හේමාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දායක සුපින්වත් සැමගේ සහභාගීත්වයෙන් 14 දින ප.ව. 03.00 ට විහාරස්ථානයේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත. අධිසීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මයෙන් පිදුම්ලත් පැළෑනේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැඩම කරවීමේ පෙරහර ප.ව. 02.00 ට රාවතාවත්ත මංසන්ධියෙන් ආරම්භ වන අතර උන්වහන්සේගේ මංගල ධර්මදේශනය පොසොන් පොහෝ දින ප.ව. 04.00 සිට 05.00 දක්වා සිදු වේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]