UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පෝදා පින්කම්

පොල්ගහවිල

කුඹළමලහේන පොල්ගහවිල ස්වර්ණ ශක්ති සංගමය විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන පොසොන් බත් දන්සැල මෙවරත් ජූනි මස 15 දින දවල් කුඹළමලහේන මන්සන්ධියේ දී පැවැත්වේ. එදින උදෑසන සිට කුඹළමලහේන ශ්‍රී කස්සප බෝධිරාජ විහාරස්ථානයේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා උදේ දානය, දහවල් දානය, ගිලන්පස, ධර්ම දේශනා සහ රාත්‍රී ගිලන්පස බුද්ධ පූජාව ද එම සංගමයේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.


කුට්ටිවිල

කිරිඳිවැල කුට්ටිවිල දී මෙම පොසොන් පොහෝදා දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය දක්වා බත් දන්සැලක් පැවැත්වේ.


මුල් ගල තැබීම

බදුල්ල ඉඹුල්ගොඩ සිරි දුමින්දාරාම විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය සම්පූර්ණ කරනු වස් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අටවිසි මුණි සෑ රජාණන් වහන්සේට මුල්ගල් තැබීමේ මංගලෝත්සවය ජූනි මස 19 වන දින පෙරවරු 10.10 ට මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ගරු මැති ඇමැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් විහාරස්ථ පින් බිමේ දී සිදු කැරේ.


දහම් දෙසුම 26 වනදා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සෑම මසකම අවසාන ඉරු දින කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වෙන ඉංග්‍රීසි ධර්ම දේශනා මාලාවේ මෙම මස දම් දෙසුම මෙම 26 වන දා පස්වරු 3.00 – 5. 30 දක්වා පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් පවත්වනු ලැබේ. ධර්මාශෝක තිස්ස පදනම මගින් එය සංවිධානය කැරේ.


කිත්තම්පහුව

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර වෙනුවෙන් කොලොන්නාව සහෘද ප්‍රජා සංවර්ධන පදනම සංවිධානය කරන කාව්‍යමය ධර්ම දේශනයක් පොසොන් පොහොය දින සවස 5. 00 ට වැල්ලම්පිටිය, කිත්තම්පහුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.වලස්මුල්ලේ ධර්මතිලක හිමියන් විසින් එම දම් දෙසුම පවත්වනු ලැබේ.


වල්පිට

වල්පිට ගම් උදා නිවාස ක්‍රමයේ පිහිටි සම්බුද්ධාලෝක විහාරය හා බෞද්ධ සංගමය එක්ව පොසොන් පෝදා දාන, ශීල, භාවනා බෝධි පූජා පින්කම් හා ධර්ම දේශනාවක් පැවැත් වේ. ආරම්භය පෙ.ව. 6 සිට ප.ව. 6.00 දක්වා ඇල්පිටියෙ රේවත හිමියන් මාතර රතනසිරි හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


කිරුළපන

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතියේ සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ මෙම පොසොන් පෝදා සවස 5 - 6 දක්වා දම් දෙසුම රන්මලානේ පඤ්ඤාජීව හිමියන් විසින් පවත්වනු ලැබේ.


බෙන්තොට

පොසොන් පුන් පොහොය නිමිත්තෙන් බෙන්තොට ප්‍රාදේශීය මහලේකම් කේ.කේ. ගුණපාල මහතාගේ අනුශාසනා පරිදි බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි පෙහෙවස් සමාදන්වීමේ ශීල සමාදාන පින්කමක් ජූනි 12 දින දවස පුරා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එම පින්කම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් දේශ කීර්ති සිරිපාල තෙබුවන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලදී.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ, පොසොන් මස පුර පසළොස්වක පොහොය දා, ශීල භාවනා ධර්ම දේශනා මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටාකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 – 06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි 07.00 – 07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙය වීම තලල්ලේ සිරි මහින්ද නාහිමි 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙය වීම. රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව, ඇත්කඳුරේ සුමණසාර හිමි 10.30 – 11.00 අවවිසි බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද හිමි, දහවල් 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 01.00 – 02.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 02.15 – 03.00 භාවනා වැඩ සටහන, තලල්ලේ සිරි මහින්ද නාහිමි 03.15 – 04.15 ධර්ම දේශනාව බංගලාදේශයේ සුමේධ හිමි, 04.30 – 05.30 ධර්ම දේශනාව වැලිමඩ ධම්මාරාම හිමි, 05.30 – 06.30 ධර්ම දේශනය සුමේධ හිමි, 06.30 සිල් පවාරණය 07.00 – 07.45 මල් පහන්, ගිලන් පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 08.00 – 09. 00 ධර්ම දේශනාව.


කන්දවත්ත

නුගේගොඩ කන්දවත්තේ ශ්‍රී විජයවර්ධනාරාම මහා විහාරස්ථානයේ දී 2011 පොසොන් පොහෝ දින විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. එදින වැඩසටහන උදේ 06.00 ට සීල සමාදානය ද අනතුරුව උදේ – දහවල් ධර්මදේශනා භාවනා, ධර්ම සාකච්ඡා ද පැවැත්වේ. රාත්‍රී 06.15 ට බුද්ධ පූජාව සහිත බෝධි පූජාව මෙහෙයවීම කොළඹ 02 වොක්ෂෝල් වීදියේ ශ්‍රී බෝධි විහාරාධිපති ශාස්ත්‍රවේදී යටගම රාහුල හිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී 08.15 ට භක්ති ගීත ගායනා සිරි පියරතන දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පවත්වනු ලැබේ.


කලල්ගොඩ

ධර්මාතනයේ පොසොන් පුන් පෝ දින වැඩසටහන මෙසේ යපෝදා පෙරවරු 06.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදී ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 08.00 ධර්ම දේශනය මැද මහනුවර සමිත සිරි හිමි, 09.30 භාවනාව මෙහෙයවීම බියගම සුසීල හිමි, 10.30 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.45 දහවල සම්බුද්ධ පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 පිරිත් සහ තෙරුවන් ගුණ 01.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති කහවත්තේ ඤාණසීහ හිමි, 03.00 වෙසෙසි දෙසුම හා දහම් කතිකාව ආනන්ද හේවාවිතරණ මහතා, 05.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා පස්වරු 07.00 ආශිර්වාදාත්මක බෝධි පූජාව හා බුද්ධ වන්දනාව ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන මහ සංඝරත්නය.


කොස්හේන

පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 15 දින සිට 19 දින දක්වා පයාගල කොස්හේන ශ්‍රී විජයාරාමයේ දී විශේෂ පින්කම් මාලාවක් විහාරාධිපති ඕපනායක රතනසාර හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මෙහෙයවීමෙන් පැවැත්වේ. 15 දින පැවැත්වෙන සීල සමාදානයෙන් අනතුරුව සවස 06.00 ට බෝධි පූජා පින්කම ද රාත්‍රී 07.00 ට පහන්කූඩුව විවෘත කිරීමෙන් අනතුරුව 07.30 ට සුප් දන්සල හා භාණ්ඩ සල්පිලක්ද පැවැත්වේ. 16 දින රාත්‍රී 07.00 ට සව් දන්සල හා වේදිකා නාට්‍ය සංදර්ශනයක් ද පවත්වන අතර ජූනි 17 දින රාත්‍රී කිරි කෝපි දන්සල හා රාත්‍රී 08.00 ට බැති ගී සංස්කෘතික සන්දර්ශනය ද ජූනි 18 දින රාත්‍රී බෙලිමල් දන්සල හා රාත්‍රී 08.00 ට කවිබණ දේශනයද ජූනි 19 රාත්‍රී 07.30 ට බත් දන්සල රාත්‍රී 08.00 ට කවි සංවාදයක් පැවැත්වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී පොසොන් පෝදා දවස පුරා සිදු කැරෙන ආගමික වතාවත් මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 – 07.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම නෙළුවේ ආනන්ද හිමි 8 – 11 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි, 11.15 අභය දාන පින්කම පිළිබඳ අනුශාසනය වස්කඩුවේ මහින්ද වංස මහා නාහිමි පස්වරු 1 – 02.45 දහම් දෙසුම මිගෙට්ටුවත්තේ සමිත නාහිමි, 3 – 4.15 දහම් දෙසුම පණ්ඩිත පවරදූවේ මහින්ද හිමි, 04.30 – 6 දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි 06.30 – 8 කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ සිරිවජිරාරාමයේ දී පොසොන් පුන් පෝදා පැවැත්වෙන ශීල සමාදාන පින්කම මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී, මීගොඩ සුඛිත හිමි, 08.00 – 09.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනු නාහිමි, 09.00 – 09.30 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතනමහ නාහිමි, 09.30 – 11.00 භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදික හිමි,, 11.00 – 11.15 බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී, පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 01.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය සිරිවජිරාරාම දහම්පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.45 ගිහි දේශනාව- කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 03.00 – 04.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සි හිමි, 04.00 – 05.00 ධර්ම සාකච්ඡාව වැලිගේපොල සීලවංශ මාහිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා විසිනි.


මහනුවර වජිරාරාමය

මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමයේ පොසොන් සීල සමාදාන පින්කම මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 – 07.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 07.00 - 07.30 උදෑසන බුද්ධ පූජාව සහ පුණ්‍යානුමෝදනාව, 08.30 – 09.45 ධර්ම දේශනාව පි‍්‍රම්රෝස් උයන වජිරාරාමස්ථ සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ඉඩමේගම පියනන්ද හිමි, 09.45 – 10.45 භාවනා වැඩසටහන මාතර සමිතධම්ම හිමි, 10.45 – 11.15 දහවල බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව පස්වරු 12.30 – 01.00 පිරිත් සජ්ඣායනාව පැවැත්වීම, දොඩම්ගස්යායේ මංගල හිමි, තඹලගමුවේ විසුද්ධි හිමි, ඇකිරියේ දීපානන්ද හිමි, මිල්ලැත්තෑවේ මේධානන්ද හිමි, 01.00 – 01.45 දහම්පද විවරණය ධම්මපදය ඇසුරෙන්, ආරියගම සුගතඤාණ හිමි, 01.45 – 03.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩවල පුණ්ණජී නාහිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව ආචාර්ය මඩවල පුණ්ණජී නාහිමි, 04.30 – 05.00 ගිලන්පස පූජාව සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, සවස 07.00 ට සිරි වජිරඤාණ දහම්පාසලේ සිසු දරුවන් විසින් ඉදිරිපත් කෙරෙන මහනුවර සම්පත් බැංකුවේ දායකත්වයෙන් පැවැත්වෙන “ පොසොන් සැදැහැ ගී සරණිය” වජිරාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.


උඩුගම

පොසොන් උත්සවය නිමිත්තෙන් උඩුගම නැඟෙනහිර ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ පින්කම් මාලාවක් පෝ දින දවස පුරා පැවැත්වේ. උඩුගම සාරානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය හා දහම් පාසල එක්ව එම පින්කම සංවිධානය කොට ඇති අතර පෙරවරු 06.00 ට පැවැත්වෙන ශීල සමාදානය මෙහෙයවනු ලබන්නේ උඩුගම පඤ්ඤාසාර හිමියන් විසිනි. රාත්‍රියේ විශේෂ බෝධිපූජාමය පින්කමක් ද පැවැත්වේ.


මහරගම

මහරගම දුම්රියපල මාවතේ ශ්‍රී විවේකාරාමයේ සෑම පෝ දිනකම සිදු කරනු ලබන පෝදින සීල සමාදානය පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන්හි ආචාර්ය මීපාගම පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් පෝදා දවස පුරා පැවැත්වේ.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදී පොසොන් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති විචිත්‍ර භානක කම්මට්ඨාචාර්ය නාගොඩ සද්ධාලෝක නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල ගුරු මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව අබියස ඔසුපැන් දන්සැල දවස පුරා පැවැත්වේ.

කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම, බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධී තේවාව භාර කිරිවෙහෙර රාජමහ විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධිපූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ.

රාත්‍රී 7.00 ට කතරගම කිරිවෙහෙර 3 වන මළුවේ අටවිසි බෝ අරණේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට හා අටවිසි බෝධීන් වහන්සේලාට මල් පහන් ගිලන් පස පූජාකර බෝධී පූජාව පැවැත්වේ.

කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථදායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී පොසොන් පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩ සටහන් පැවැත්වේ. පෙරවරු 8. 30 – 9. 30 ශාස්ත්‍රපති උඩහමුල්ලේ සිරිවිමල හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 9. 30 – 10. 30 පරපාමුල්ලේ සිරිවිමල හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 11. 00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12. 30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ක්‍ධායනය පැවැත්වේ. 1. 00 – 2. 15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක් ද 2. 30 – 3. 30 මහරගම සිරිවජිරාරාමවාසී වැලිමඩ පසන්නමානස හිමියන්ගේ ධර්ම දේශනාවක් ද 3. 30 – 4. 30 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 4. 30 – 5. 30 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6. 00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


බුද්ධයාය

හිඟුරක්ගොඩ බුද්ධයාය ශ්‍රී සේලතිලකාරාමයේ දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව පොසොන් පුර පසළොස්වක පොහෝදා දවස පුරා ආගමික වතාවත් පැවැත්වීමට විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්ය සාධක සමිතිය ශීල භාවනා සමිතිය සහ ශ්‍රී සෝමාලෝක දහම් පාසල සංවිධානය කර ඇත.

එදින සීල සංවිධානය, ධර්ම දේශනා, භාවනා, බෝධි පූජා ආදි පින්කම් පැවැත්වෙන අතර, විහාරාධිපති හිමි හිගුරක්ගොඩ කුශලධම්ම හිමි, ශාස්ත්‍රවේදී මෑතගම පඤ්ඤානන්ද යන ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා පවත්වනු ඇත. ජුනි මස 14 වෙනිදා රාත්‍රි 7. ට කාව්‍යමය ධර්ම දේශනය පවත්වනු ලබන්නේ ශාස්ත්‍රවේදී විහාරගම සිරිනන්ද හිමියන් විසිනි.


පල්ලේකැලේ

පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ශ්‍රී දළදා මාලිගාව මඟින් පවත්වනු ලබන පොසොන් පෝදා වැඩසටහන උදේ 08.00 ආරම්භ වන අතර, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


ගල්මඩුව

කුණ්ඩසාලේ ගල්මඩුව ඓතිහාසික රජමහ විහාරයේ වාර්ෂික පොසොන් මහා පෙරහර ජූනි මස 18 වෙනිදින, විහාරාධිපති ගම්මුල්ලේ, සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විධි විධාන යොදා ඇත. සවස 03.00 විහාර මළුවෙන් පිටත්වන පොසොන් මහා පෙරහර අරංගලහන්දිය නත්තරන්පොත 621 හන්දිය, කුණ්ඩසාලේ දිගන මාර්ගයේ නත්තරන්පොත, කලාපුරය මාර්ගය ඔස්සේ ගමන්කර විහාර මළුවෙන් ගෙවදීමට නියමිතය.


තලම්මැහැර සුනන්දාරාමය

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ පොසොන් කලාපයක් මෙම 17 සිට 20 දක්වා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. ‘සවනක් රැස්’ තොරණ , පහන්කූඩු තරග, බෞද්ධ නාට්‍ය ඇතුලු විශේෂාංග රැසක් මෙවර පොසොන් කලාපයට ඇතුලත්ය. විහාරස්ථ දායක සභාව පොසොන් තොරණ කමිටුව මෙය සංවිධානය කර ඇත. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පින්කම මාලාව හා පොසොන් කලාපය පැවැත්වේ.


ඇතුල්නුවර

අනුරාධපුර, ඇතුල්නුවර ගොඩගේවත්ත උපේක්‍ෂාරාමයේ පොසොන් සීල භාවනා වැඩසටහන පුන් පොහෝදින උපෝෂතාරාම ආරාමයේ දී පැවැත්වේ.

උපේක්‍ෂාරාමාධිපති නුවර එළියේ සුභාෂිනි මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි එම වැඩසටහන පැවැත්වේ.

එදින ශීල සමාදානයේ යෙදෙන උපාසිකාවන් වෙත “ බුදුසරණ “ පුවත්පත බෙදා දීමටද සංවිධානය කර ඇත.


තලම්මැහැර

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දායක සභාව හා දන්සල් කමිටුව වාර්ෂිකව සංවිධානය කරන මිරිසවැටිය බත් දන්සල මෙම 14 සහ 15 දිනවලදී අනුරාධපුර මිරිසවැටි දාගැබ අසලදී පැවැත්වේ.


අබ්බෝව අග්‍රබෝධි විහාරයේ පොසොන් තොරණ

අලව්ව අබ්බෝව අග්‍රබෝධි විහාරස්ථානයේ කාර්ය සාධක සමිතිය ඉදිරිපත් කරන පොසොන් තොරණ මෙවරද පැවැත්වේ.

ජුනි මස 15 සිට 20 දක්වා විහාරස්ථ චෛත්‍යය මළුවේදී එම තොරණ ප්‍රදර්ශනය වේ.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි පොසොන් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6.00 –7.00 දක්වා සිල් සමාදන් කරවීම සහ අනුශාසනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි.7.00-7.15 තෙරුවන් වන්දනාව

8.00-9.30 ධර්ම දේශනාව හංවැල්ලේ ධම්මාලෝක නාහිමි.9.30-10.45 භාවනාව දියසෙන්පුර විමල හිමි.11.00-11.15 තෙරුවන් වන්දනාව .පස්වරු 12.30 – 1.00 සූත්‍රදේශනාව තල්පත්වැව සද්ධාතිස්ස හිමි, බංගලාදේශයේ ධම්ම ජෝති හිමි.1.00-2.00 ධර්ම දේශනය අලුත්වෙල ධම්මසති හිමි. 2.00-3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වටගෙදර විමල බුද්ධි හිමි.

4.00-5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පොත්තේවල විනීත නාහිමි.5.00- 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි.7.00 අටවිසි බුද්ධ වන්දනාව


ගල්කිස්ස බෞද්ධායතනය

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයේදී පොසොන් පෝදා දවස පුරා ආගමික වතාවත් දිවියාගහ යසස්සී නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

පෝදා පෙරවරු 6.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම දිවියාගහ යසස්සී නාහිමි 8. 30 භාවනාව මෙහෙයවීම මාරපන අරියරතන හිමි, 9.45 දම් දෙසුම ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි 11 බුද්ධ පූජාව පස්වරු 1 දිවා වන්දනාව හා සෙත් පිරිත් 1.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම දිවියාගහ යසස්සී නාහිමියන් සහ ශාස්ත්‍රපති ඒ. රණවීර ආරච්චි මහතා 3. දම් දෙසුම ශස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර හිමි 4.15 මවුපිය උපහාර දම් දෙසුම ශාස්ත්‍රපති ලේල්වල තපස්සි හිමි, 6 ගිලන් පස පූජාව.


කිරුළපන

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතියේ සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ මෙම පොසොන් පෝදා සවස 5 - 6 දක්වා දම් දෙසුම රන්මලානේ පඤ්ඤාජීව හිමියන් විසින් පවත්වනු ලැබේ.


ගොතටුව

ගොතටුව, බෝගහ හංදිය පාරේ චන්දන විහාරස්ථානයට අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සිට රිය පෙරහරකින් වැඩම කරවීම පොසොන් පෝදා පෙරවරුවේ සිදුකැරේ.

රාත්‍රී 7ට මහරගම පුදුම හිමියන් විසින් එහිදී බෝධි පූජාව මෙහෙයවනු ලැබේ.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල හුනුපිටිය පුරාණ විහාරස්ථානයේ දී මේ මස 15 වන දින පෙ.ව. 06.00 සිට පසුදා පෙ.ව. 06.00 දක්වා වැඩසටහන් පැවැත්වේ.

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම හා අනුශාසනය විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමි, 08.30 ධර්මදේශනය ගාල්ලේ සුධම්මචාරි සිල්මාතාව, 09.30 ධර්මදේශනය දලුගම සමිතඥාන හිමි, 10.30 භාවනාව වෑගල්ලේ රාහුල හිමි, 11.00 දහවල බුද්ධපූජාව පස්වරු 1.00 ධර්මදේශනය බුත්කන්දේ රතනජෝති හිමි, 02.00 පිරිත්දේශනය හුණුවල පියදස්සි හිමි, 3.00 ධර්මසාකච්ඡාව මාලිබොඩ සුගතානන්ද හිමි, 04.15 ධර්මදේශනය අම්බලන්ගොඩ සුමනානන්ද හිමි, 05.30 වත් පිළිවෙත් ප.ව. 06.00 අටවිසි බුද්ධ පූජාව පූජ්‍ය වනවාසල ධම්මකුසල හිමියන් ප.ව. 07.00 රාත්‍රී විශේෂ ධර්මදේශනය පූජ්‍ය උස්වැව මේධානන්ද හිමිපාණෝ, ප.ව. 08.00 සිට ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව


හොරේතුඩුව

මොරටුව, හොරේතුඩුව ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිදුකෙරෙන ශීල සමාදානය ඇතුළු පින්කම් මාලාව මෙසේ ය.

පෝදා අලුයම 05.00 සෙත් පිරිත් දේශනාව 06.00 සිල් සමාදන් කරවීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 07.00 බුද්ධ පූජාව , 08.00 ධර්ම දේශනාව, 09.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපති ආශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාකා සිල් මෑණියෝ, 11.00 දවල් සම්බුද්ධ පූජාව පස්වරු 01.00 විශේෂ ගිහි දෙසුම – අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 03.00 ධර්ම දේශනාව කෑගල්ලේ නිල්මල්ගොඩ සද්ධාවිහාරී හිමි, ප.ව. 06.00 මහා බෝධි පූජාව.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී විහාරාරක්‍ෂක දායක සභාවේත් ආර්ය මහිලා සමිතියේත් සංවිධායකත්වයෙන් පොසොන් පෝදා සීල සමාදාන පින්කම සිදු කැරේ. පෙ.ව. 06.00 උපෝසථශීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව කටුගහ පියදස්සි හිමි, 06.30 සම්බුද්ධ පූජාව 08.15 භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, පෙ.ව. 09.30 බුදුසරණ පුවත්පත බෙදාදීම අනුග්‍රාහකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත මාමඩලේ විමල හිමි, 11.00 සම්බුද්ධ පූජාව ප.ව. 01.30 ධර්මදේශනාව අම්බුලුගල සුමංගල හිමි, 03.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති රාවණාගොඩ ඤාණරතන හිමි, 04.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නාහිමි 06.00 සීල පවාරණය අට විසි බුද්ධ පූජාව මෙහෙයවීම, ඤාණික්කුලමේ ධම්මපාල හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී පොසොන් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 07.00 බුද්ධ පූජාව, 08.15 භාවනා වැඩසටහන, 09.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව මාකොළ පඤ්ඤාජෝති හිමි, පස්වරු 01.00 ධර්ම දේශනය, 02.15 ධර්ම දේශනය කන්දේගම නාරද හිමි, 04.00 ධර්ම දේශනය, 05.00 බෝධි පූජාව, 06.00 සිල් පවාරණය.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ පොසොන් පුර පසළොස්වක පොහෝදින දවස පුරා පැවැත්වෙන ශීල සමාදානය මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෝදා පෙරවරු 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි 07.00 – 08.00 උදේ ආහාර බුද්ධ පූජාව 08.00 – 09.00 ධර්මදේශනාව වජිරාරාමවාසී ඇරැව්වල සුධම්ම හිමි, 09.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මානුශාසනාව, 10.00 – 11.00 ආරාධිත දේශනය ප්‍රවීණ දේශක දයා දිසානායක මහතා, 11.00 – 12.00 දවල් ආහාර බුද්ධ පූජාව. පස්වරු 12.00 – 01.00 විවේක කාලය සහ පිරිත් දේශනාව, 01.00 – 02.30 භාවනා මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 03.00 –04.00 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරාධිකාරී පාමංකඩ සෝභිත හිමි, 05.30 – 06.00 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි.


බුජ්ජොමුව

බුජ්ජොමුව ශ්‍රී බෝධිමළු විහාරස්ථ සිරි සුගත් ධර්ම විද්‍යාලය හා ළමා සමාජය මඟින් පොසොන් උත්සවය නිමිත්තෙන් මෙම 15 සහ 16 දෙදින පින්කම් මාලාවක් සිදු කැරේ. 15 දින පෙරවරු 09.00 ට ධර්ම දේශනාව දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අලපලාදෙණියේ ගුණසිරි නා හිමි 16 දින රාත්‍රී පොසොන් පහන් කූඩු තරගය විනිශ්චය සිදු කෙරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පොසොන් පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම බංගලාදේශයේ ධම්මපාල හිමි, 08.00 – 09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලාදේශයේ සුමනවංශ හිමි, ආරියගම සද්ධානන්ද හිමි. පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ගඟේයායේ විජිතවංශ හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 ධර්මදේශනාව, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 03.45 – 05.00 ධර්ම දේශනාව පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානාධිපති වැලිහෙලතැන්නේ කල්‍යාණසිරි හිමි, 05.00 – 06.00 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 08.00 සරණාගමනය, ධර්මාචාර්ය ලක්‍ෂ්මන් බණ්ඩාර රාජපක්‍ෂ මහතා, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, ප.ව. 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 02.00 ධර්ම දේශනාව, රොටුඹ සෝමරතන හිමි, 03.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා, 05.00 සිල් පවාරණය බටුවිට ධර්මාරාම හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 07.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත බුලත්සිංහල සුමංගල හිමි, 10.00 ධර්ම දේශනාව හත්තොටුවේ ඉන්දරතන හිමි, 11.00 බුද්ධ පුජාව, ප.ව. 01.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන් වහන්සේලා 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සුගතසාර හිමි, 3.30 ධර්මානුශාසනාව පණ්ඩිත ගොඩගම චූලාලංකාර නාහිමි 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත හිමි.


බොරලැස්ගමුව දන්සලක්

බොරලැස්ගමුව, තල්ගහවත්ත මාවත තරුණ කැළ විසින් 4 වන වරටත් සංවිධානය කරන කඩල දන්සල මෙවරත් බොරලැස්ගමුව, තල්ගහවත්ත මාවතේදි පොසොන් පෝය දින පැවැත්වේ.


ගජනැග්ගම බත් දන්සලක්

ගිරිඋල්ල, නාරාගොඩ ‘’මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා සත්කාරක පදනම’’ මගින් 6 වන වරටත් සංවිධානය කරන පොසොන් බත් දන්සල මෙවරත් කුරුණෑගල - අනුරාධපුරය (ඇල්ල හරහා) මාර්ගයේ ගජනැග්ගම මහා විද්‍යාලයේදී පොසොන් පෝය දින රැය පහන්වනතුරු පැවැත්වේ.


බාඳුරාගොඩ බත් දන්සල රුවන්වැලි සෑය අසල දී

බාඳුරාගොඩ, එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතිය විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන බත් දන්සල මෙවරත් 14, 15 හා 16 දිනවලදී අනුරාධපුර රුවන්වැලි මහ සෑය අසලදී 57 වැනි වරටත් පැවැත්වේ. දන්සල ආරම්භ කිරීමට ප්‍රථමයෙන් 14 වැනි දින උදෑසන සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමටද නියමිත ය.


මාගම්මන

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් හෝමාගම මාගම්මන සරණධම්ම විවේකාශ්‍රම සුහඳ කලාකවය මගින් නොමිලයේ ප්‍රදර්ශනය කැරෙන ‘සිරිපා අනුරුව හා මිහින්තලා අනුරුව’ (පොසොන් පොහෝ සිට ජුනි මස 19 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.


මණ්ඩාගල ආරණ්‍යය

පෝදා පෙරවරු 06.00 ට වැලිපැන්න ලෙව්වන්දුව මන්සන්ධියේ සිට මණ්ඩාගල ආරණ්‍ය සේනාසනය දක්වා නීතිඥ කපිල වෛද්‍යතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිරිපිඬු පූජාව රැගත් පෙරහර වැඩම කරවීම. පෙරවරු 06.45 ට අටසිල් සමාදන් කරවීම කිරිපිඬු බුද්ධ පූජාව පැවැත්වීම සහ බුද්ධවන්දනාව ආරණ්‍ය සේනාසනාපති පෑවනේ මේධානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. 08.30 ධර්ම දේශනාව 09.30 භාවනා වැඩසටහන 10.30 ධර්ම සාකච්ඡාව පස්වරු 12.30 සීල භාවනා සමිති රැස්වීම 01.30 ධර්ම දේශනාව 03.00 භාවනා වැඩසටහන, 04.00 ධර්ම දේශනාව 05.00 අටවිසි බුද්ධ පූජාව ගිලන්පස පූජාව බෝධි පූජාව 07.00 සෙත් පිරිත් දෙසුම. මෙදින ලෙව්වන්දූව මංසන්ධියේ ආයුර්වේද වෛද්‍ය ඇල්.ඊ. වෛද්‍යතිලක මහතා විසින් ‘බුදුසරණ’ පත්‍රයේ පිටපත් ධර්මදානයක් වශයෙන් සිල් සමාදන් වූ අය අතර නොමිලයේ බෙදා දීමක්ද සිදු කෙරේ.


පිටුම්පේ

පොසොන් පොහොය නිමිත්තෙන් පාදුක්ක පිටුම්පේ ශ්‍රී පූර්වාරාමයේ දී පින්කම් මාලාවක් සිදු කැරේ. එම පින්කම් මාලාවේ දී ශීල සමාදාන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ රාත්‍රියේ බෝධි පූජාවක් පැවැත්වීම එහි විහාරාධිපති මහගම හේමතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.

මෙහිදී ප්‍රදේශයේ තරුණයන් ඉදිකළ මිහින්තලා අනුරුවක් 15 වන දිනසිට 20 වන දින දක්වා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.


අලුත් අම්බලම

කොස්ගම අලුත්අම්බලම ශ්‍රී සුධර්මාරාමයේ දී ශාස්ත්‍රවේදී දංගල්ලේ මංගල හිමියන්ගේ අනුශාසනය පරිදි ශ්‍රී සුධර්ම දහම් පාසල විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ පොසොන් පින්කම් මාලාව මෙවරත් 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට පොසොන් පොහෝ දින දවස පුරා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව,

පෙරවරු 07.00 ට 400 කට අධික දහම්පාසල් දරු දැරියන් හා දෙමාපියන් සිල් සමාදන් කරවීම, පෙ.ව. 09.15 ධර්ම දේශනාවක් බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති හේවල්වල ඥාණානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. දවල් 01.00 සිට 02.00 දක්වා දොම්පේ මහමෙවුනා අසපුවේ කොස්ගම පුණ්න හිමියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද පස්වරු 02.00 ට විශේෂ ධර්ම දේශනාවක් දෙකටන නාමළුව පුරාණ රාජමහාවිහාරාධිකාරි වෙන්නවත්තේ රතනජෝති හිමියන් විසින් පවත්වති. සවස 06.00 පවත්වනු ලබන බෝධි පූජාවෙන් පසු මහින්දාගමනය සිහිගන්වමින් දහම්පාසල් දරුදැරියන් විසින් විහාරස්ථ කඳුමුදුනෙහි ඉදිකළ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය කෙරේ.


උඩවැලිපිටිය

ගාල්ල – උඩවැලිපිටිය සීමාසහිත පිරිමි සණස සමිතිය මගින් පොසොන් පෝදා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ දී සිල් සමාදන් වන සිල් ඇත්තන්ට දහවල් දානය පිරිනැමීමට සංවිධානය කර ඇත. ගාල්ල, යටලමත්ත, නාගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් එහි සුබ සාධක සමිතිය රටට සෙත් පතා මෙම 16 වනදා බෝධි පූජාවක් පැවැත්වේ.


කොස්ගොඩ සීවලී හිමියෝ නායක පදවි ලබති

අමරපුර සිරිසද්ධම්ම වංශ මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන “ සුධර්මා” නම් සංඝ සභාව මගින් හෝමාගම පනාගොඩ රොමියල් මාවතේ ශ්‍රී ශාක්‍යසිංහාරාමාධිපති ශාස්ත්‍රවේදී කොස්ගොඩ සීවලී හිමියන්ට සුධම්මානන්ද වංශාවතංශ මංගල ධර්ම කීර්ති ශ්‍රී ඡ්‍යොතිර්වේදි යන ගෞරව නාමය සහිත කොළඹ දිසාවේ හේවාගම් කෝරළයේ උපප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය මැයි මස 21 වෙනි දින කොළඹ මරදානේ ජයසේකරාරාම විහාරස්ථානයේදී සිදු කැරිණි. 1968 මැයි මස 10 වෙනිදා පැවිදි බව ලැබූ උන්වහන්සේ පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනෙන් හා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ශාස්ත්‍රවේදි උපාධිය ලබා ඇත. කලක් ගුරු සේවයේ යෙදුන උන්වහන්සේ එයින් ඉවත්ව හෝමාගම පනාගොඩ රොමියෙල් මාවතේ පිහිටි භූමිභාගයක අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකොට ප්‍රදේශයේ ආගමික ජාතික හා සමාජ සේවයේ යෙදෙති. උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් ජූලි මස 2 වෙනි දින සවස 3 ට විහාරස්ථායේ දී පැවැත්වීමට දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.


සිතුල්පව්ව රාජමහා විහාර පොසොන් පූජෝත්සවය

රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ රාජ්‍ය පොසොන් උත්සවය හා විදුලි ආලෝක පූජාව අති උත්කර්ශවත් ලෙස ජූනි මස 14, 15, 16 යන දින වලදී සැදැහැවත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට සියලුම විධි විධාන යොදා ඇත. සිතුල්පව්ව රාජමහා විහාරය, යටගල රාජමහා විහාරය ඇතුළු අෂ්ඨ මහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතනාභිධාන නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා දායක සභාවේ සභාපති ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිදුන්ගේ මඟ පෙන්වීමෙන් ද සිදු කෙරෙන මෙම ආගමික වැඩසටහන් වලට සහභාගී වීමට සැමට ආරාධනා කෙරේ.

පොසොන් පුර පසළොස්වක දින ධර්ම දේශනා, බෝධි පූජා, ධර්ම සාකච්ඡා, ජාතක දේශනා, භාවනාමය වැඩසටහන්, හා දානමය පින්කම් රැසක් සිදු කිරීමට නියමිත අතර ප්‍රතිපත්ති පූජාව මුල්කොටගෙන ආගමික හා ආධ්‍යාත්මික අංශවලට යොමු වූ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ. දොළොස් දහසක් මහරහතන් වහන්සේලා වැඩ විසූ සිතුල්පව්ව විහාරයේ සිදු කෙරෙන පොසොන් වැඩසටහනට බද්ධව සැදැහැවත් බෞද්ධ පින්වතුන් අතිවිශාල සංඛ්‍යාවක් ශීල සමාදානයේ යෙදීම ද සුවිශේෂී වේ. මේ සියලු කටයුතු සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ සියලු පහසුකම් සැපයීමට දැනටමත් දායක සභාව ඇතුළු උත්සව සංවිධාන කමිටුවත් අනුග්‍රාහක ආයතන හා පරිත්‍යාගශීලී පින්වතුන් මෙන්ම රාජ්‍ය ආයතන, ආරක්‍ෂක සංවිධාන පොලීසිය, ත්‍රිවිධ හමුදාව ආදී සෑම අංශයකින්ම නොම ද සහය ලැබී ඇතැයි මැටරඹ හේමරතන නාහිමියෝ නිවේදනය කරති.

විශේෂයෙන්ම පැමිණීමට නියමිත අතිවිශාල ජනතාවගේ ආහාර හා දානමය පහසුකම් සඳහා දන්සැල් රැසක්ම පවත්වාගෙන යාමටත් නවාතැන් හා ගමනා ගමන පහසුකම් මෙන්ම සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු ද නොමදව ක්‍රියාත්මක වේ. යෝධකණ්ඩිය සිට සිතුල්පව්ව දක්වාත් කතරගම සිට සිතුල්පව්ව දක්වාත් පැමිණෙන පින්වතුන්ගේ ගමනාගමන පහසුකම් දකුණු පළාත් සභාව හා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කර ඇත.

මෙවර පොසොන් පූජෝත්සවයට සමගාමීව සුවිශේෂී වැඩසටහන් කිහිපයක් සිදුකෙරේ. ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත් ඒ.පී. ජගත් හේමන්ත, සෝමදාස ගාල්ලගේ යන මහත්වරුන්ගේ විශේෂ අනුග්‍රාහයෙනුත් බෞද්ධ මහ ජනතාවගේ ධන පරිත්‍යාගයෙනුත් ඓතිහාසික සිතුල්පව්ව මහ සෑ මළුව පුළුල්කොට ඉදිකෙරුණු රන්වැට නිම කිරීම ඉමහත් සතුටට කරුණකි. පූජා භූමියේ අත්‍යවශ්‍ය අංගයක්ව තිබූ පුරාවිද්‍යා කෞතුකාගාර ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමට ද මෙදිනට නියමිත ය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පොසොන් පෝදා පින්කම මෙසේ ය.

පෝදා පෙරවරු, 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි, 08.00 – 09.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00 –10.00 ධර්ම දේශනාව වහුමුවේ විජයවංස මාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ කුමාරතැන්නේ චන්දානන්ද හිමි, 01.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 02.00 – 03.00 වෙසෙසි දෙසුම ආචාර්ය ගාමිණී රත්න ශ්‍රී මහතා, 03.00 – 04.00 ධර්ම දේශනාව මඩවල ධම්මික ජිනවංස මාහිමි, 04.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සී හිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]