UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු තැනට හැඩිගල්ල ශ්‍රී රත්නාරාම දහම් පාසලේ ඩබ්ලිව්.ඩී. ගංගා සෙව්වන්දි ශිෂ්‍යාව

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මිහින්තලා පුදබිමේදී වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව 49 වන වරටත් මෙම පොසොන් පෝදා පැවැත්වීම නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පතෙහි සංවිධායකත්වයෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක් සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර කථික තරගයක් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙකෙන්ද පවත්වන ලදී.

එම තරගයේ ජයග්‍රාහකයන් සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ජයගන්නා මුල් තිදෙනාට රුපියල් 10,000 /- , 7500 /- හා 5000 වශයෙන් මුදලින් ත්‍යාගද වටිනා සහතිකද පිරිනැමේ. සිව් වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 1000 බැගින්ද පිරිනැමේ.

ඊට අමතරව ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය සහ ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය හා ‘බුදුසරණ’ සම්මානය ප්‍රදානය කැරේ.

එම දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය ගුරුළුබැද්ද හැඩිගල්ල ශ්‍රී‍්‍ර රත්නාරාම දහම් පාසලේ ඩබ්ලිව්. ඩී.ගංගා සෙව්වන්දි ශිෂ්‍යාව හිමිකර ගෙන ඇත.

එම රචනා තරග ප්‍රතිඵල මෙසේය.

පළමු වන ස්ථානය
ගුරුළුබැද්ද , හැඩිගල්ල , ශ්‍රී රත්නාරාම දහම් පාසලේ ඩබ්ලිව්. ඩී.ගංගා සෙව්වන්දි ශිෂ්‍යාව පියසේන නිශ්ශංක අනුස්මරණ ත්‍යාගය, රු.10,000/- හා සහතිකය

දෙවන ස්ථානය
පු/මදුරන්කුලිය ආදර්ශ මහා විදුහලේ ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම් රු. 7500/-

තෙවන ස්ථානය
යෝගියාන, වෑකඩ , ධම්මනිකේතන දහම් පාසලේ විශ්වනී කාව්‍යාංජලී පෙරේරා ශිෂ්‍යාව 5000/-

සිව්වන ස්ථානය
පු/මදුරන්කුලිය ආදර්ශ මහා විදුහලේ එම්. සුරංජ සඳකැළුම් මුණසිංහ ශිෂ්‍යා රු.1000/-

පස්වන ස්ථානය
යෝගියාන, වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ එච්.ඒ. ටී.අයි.කේ. හෙට්ටිආරච්චි ශිෂ්‍යාව

6 වන ස්ථානය
තෝරයාය, හැඟව ශ්‍රී ආනන්දාරාම දහම් පාසලේ අශානි ශාලිකා විජේරත්න ශිෂ්‍යාව

හත්වන ස්ථානය
වත්තල හේකිත්ත, සිරි සුගත ධම්මිකාශ්‍රම දහම් පාසලේ ඩබ්ලිව්. දිළිණි නිවන්තිකා

අට වන ස්ථානය
මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ එන්.එම්. ඩබ්ලිව්. මධුෂිකා නානායක්කාර ශිෂ්‍යාව

නව වන ස්ථානය
යෝගියාන, වෑකඩ ධම්මනිකේතන දහම් පාසලේ ආර්. ඒ.අයෝධ්‍යා රත්නායක ශිෂ්‍යාව

දහ වන ස්ථානය
හල්තොට පෙතිගමුව ශ්‍රී ඥානාරාම දහම් පාසලේ බී.චමනි උදාරා පේ‍්‍රමරත්න ශිෂ්‍යාව.

ත්‍යාග හා සහතිකපත් ජයග්‍රාහකයන් වෙත ලැබීමට සලස්වනු ලැබේ

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]