අත් හැරීමෙන්
ලබන ජය
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
නාවලපිටියේ
අරියවංශ හිමි
පින්වතුනි, ලෝකයේ ජය පැරදුම කියල දෙකක් තියෙනවා. මනුෂ්‍යයා කැමැති
වෙන්නේ කෝකටද? සතුන් කැමති වෙන්නේ කෝකටද? දිනන්ටයි කැමැති, ජයග්‍රහණයට
කැමැතියි. මේ පින්වතුන් කැමැතිවෙන්නෙ කොයිකටද? පරාජයටද? ජයග්‍රහණය
කරන්න කවුරුත් කැමැතියි. ජයග්‍රහණය කියන්නේ සැප ඇතිකරන එකක්ද? දුක
ඇතිකරන එකක්ද? මේ පින්වතුන් මොකද හිතන්නෙ? දුක ඇතිකරනවා කියල කවුරුත්
කියන්නෙ නෑ නේද?
ජයග්‍රහණයන් දෙකක් තියෙනව. එක ජයග්‍රහණයක් සැප ඇතිකරල දෙනවා. අනිත්
ජයග්‍රහණය දුක ඇතිකරලා දෙනවා. දැන් මේ පින්වතුන් කැමැති වෙන්නෙ කෙබඳු
ජයග්‍රහණයක් සඳහා ද? සැප ඇති කරන්නා වූ ජයග්‍රහණයටද, දුක ඇති කරන්නා වූ
ජයග්‍රහණයටද? සැප ඇතිකරන්නා වූ ජයග්‍රහණයකට අපි කැමැති විය යුතුයි.
මොකක්ද සැප ඇතිකරන ජයග්‍රහණය? මොකක්ද දුක ඇතිකරන ජයග්‍රහණය? යමක්
අල්ලගෙන ජයග්‍රහණය කරන අය ඉන්නව. යමක් අත්කර ගන්නවා. අත්කරගෙන ‘’මම
දිනුවාම කියල’’ සිතනවා. ඒකත් ජයග්‍රහණයක් නේද? නමුත් ඒකෙන් සැප
ඇතිකරන්නෙ නෑ. ඒකෙන් පුංචි සැපයක් තියෙනවා. හැබැයි මහා දුකක් එතන ම
තියෙනවා. අන්න ඒ නිසා එබඳු ජයකට අපි කැමැති නොවිය යුතුයි. අප කැමැති
විය යුතු ජයග්‍රහණයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි අත්හැරීමෙන් ලබන ජය.
මේක ලේසි පහසු දෙයක් නොවෙයි. යමක් අත්හැරීමෙන් ජය ලබනවා කියන කාරණාව
උඩුගම් බලා යනවා වගේ කථාවක් නේද? උඩු යටිකුරු වෙච්ච කථාවක් නේද?
අත්හැරීමෙන් ජයග්‍රහණයක් කරන්ට පුළුවන් කියල කියන එක. අන්න ඒක කරන්ට
කැමැති වෙන්න, හැබැයි අමාරුයි. යම් කෙනෙක් ඒකට කැමැති වුණොත් එයා සැප
කරා ම යනව.
අප ඇසට පේන දේ අත්කරගන්නට කැමතිවෙනව. ඒක අත්කරගෙන ‘’මම දිනුවාම’’ කියල
සිතන්නට කැමැති වෙනව. කණට ඇහෙන දේ අත්කරගන්ටද කැමැතිවෙනවා. අත්කරගෙන
‘’මම දිනුවාම’’ කියල සිතන්නට කැමැති වෙනවා. ඒ වගේ නාසය, දිව, කය, මනස,
මේවාට ගෝචර වන්නා වූ දෙය අත්කරගන්ට කල්පනා කරනවා. අත්කරගෙන ‘’මම
දිනුවාම’’ කියල කල්පනා කරනවා. ඒ ජයග්‍රහණයන් එක්ක ම හඹාගෙන එන්නේ දුක්
දොම්නස් තැවීම්. ඒ නිසා කිසි කලෙක ඒ අල්ල ගැනීමෙන් ඇතිවන ජයග්‍රහණයට
කැමැතිවෙන්ට එපා. අත්හැරල දිනන්ට කල්පනා කරන්නට.
සිතට එන රාගය අල්ලගෙන දිනන්නට නේද අප කල්පනා කරන්නෙ. රාගයක් සිතට ආවොත්
ඒ රාගය සිතේ පවත්ව පවත්වා සැප ලබන්න කැමැති ලෝකයක් නේද? තියෙන්නෙ.
හැබැයි ඒ රාගය පස්සෙන් එන්නෙ ගින්න නේද? ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ
අපට පෙන්වා දෙන්නේ ‘’රාගය දුක සේ අත හරින්නම ඒ වගේම තමයි දේවේෂය, සිතට
තරහක් ආවොත් ඒක පවත්ව පවත්වා සතුටු වෙන්න නේද සිත කැමැති. ඒක අත හරින්න
කැමති ද සිත ? ඒ තරහ පවත්වල දිනන්න නේද කැමැතිවෙන්නෙ. අන්න ඒ ලෝකෙන්
අපි නිදහස් වෙන්නට ඕන. සිතට තරහක් ආපුවහ ම ඒ තරහ අතහැරල දිනන්න අපි
කැමැතිවෙන්ට ඕන. ඒ නිසයි අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා පෙන්නේ
‘දේවේශය දුක සේ දුරු කළ යුතුයිම’ කියල. තරහ දුරු නොකරන්නා වූ කෙනා,
ඒකෙන් සැපක් කල්පනා කරනවා. හැබැයි පුංචි සැපක් තියෙයි.
ඒ සැපත් එක්ක මහා දුකක්. ගින්නක් පිටි පස්සෙ තියෙනවා. ඒ නිසා ද්වේෂයට
කැමැති වෙන්න එපා. ඒක දුක සේ දුරු කරල දාන්න. ඒ වගේම තමයි භාග්‍යවතුන්
වහන්සේ අපට පෙන්වා දෙනවා ‘මෝහය දුක සේ’ දුරු කරන්නම කියලා. ඒ මෝහයත්
යම් පුංචි සැපක් තියෙන දෙයක්. ඒ නිසා ඒ මෝහය පවත්ව පවත්වා ඒ සැපට
කැමැති වෙනවා. හැබැයි ඒ සැපත් එක්කම දුක් ගොඩාක්, ගිනි ගොඩක්
පිටිපස්සෙ. ඒ නිසයි අපට පෙන්වා දෙන්නේ ‘මෝහය දුක සේ’ දුරු කරන්නම කියල.
ඒ රාග, ද්වේශ, මෝහ අත්හැරල ලබන ජයග්‍රහණයට කැමැති වෙන්න.
ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ‘’දුර ගමන් යන්ට
තියෙන ආශාව‘’ දුක සේ අත් හරින්න කියල. හැබැයි අපිට දුර ගමනක් යනකොට
සොම්නසක් තියෙනවද? නැද්ද? තියෙනවා. අපි ඒ දුර ගමන ගිහිල්ල සතුටුවෙන්න
නේද කල්පනා කරන්නෙ. සිත නැමෙන්නෙ ඒ පැත්තට නේද? ඒක අතහැරල සතුටවෙන්නෙ
කවුද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සිටිනම්, අන්න ඒ ශ්‍රාවකයා
කැමැතිවෙනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමක් නම්, අන්න ඒක කරන්නට. දුර
ගමන දුක සේ අතහරින්න එයා කැමැති වෙනව. ඒ දුර ගමන හරි කියල කියන්න එයාගෙ
සිතේ සාධාරණකරණයක් එන්නේ නෑ. නමුත් සාමාන්‍ය කෙනාට ඒ දුර ගමන සාධාරණ
කරන්නට සිතට හැඟීම් එනවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා ඒ දුර ගමන් යාමට ඇති කැමැත්ත දුක
සේ අත හරින්නට කියලා. ආදීනව කියා දීල තිබෙනව. ඒ නිසා දුර ගමන් යන
සිතිවිලි එන්ට පුළුවන්. එක තැනක ඉන්නෙ කොහොමද? පොඩි ගමනක් ගිහිල්ල
ආවොත් හොඳයි නේද? කියන හැඟීම එන්න පුළුවන්. ඒ සිතේ් ස්වභාවයක්. අන්න ඒ
ස්වභාවයට යට වෙන්න එපා. ඒ දුර ගමන් යන්න තියෙන ආශාව දුක සේ දුරුකරන්න,
අතහරින්න. ආන්න ඒ අත හැරීමෙන් ලබන ජයග්‍රහණයට හිමිකරුවෝ බවට පත්වෙන්න.
නමුත් අත්‍යවශ්‍ය ගමන් යා යුතුයි. ඒ ගමන් අත්හැරියොත් අපේ දියුණුව අඩාල
වෙනවා. අපි අත්හැරිය යුත්තේ අත්‍යවශ්‍ය කරුණක් නැතිව නිකරුණේ ගමන් යන
එකයි.
ඉතින් යම් කෙනෙක් ඒ දුර ගමනක් යන්නට තියෙන විට ඒක අතහැරල දැම්මොත්, ඒ
අත හැරීමෙන් එයාට සතුටුවෙන්න පුළුවන්. ‘මම භාග්‍යවතුන් වහන්සේගේ
අනුශාසනාව පිළිපැද්දෙමි’ කියලා. ඒ සතුට අත්‍යඅවශ්‍ය වූ දුර ගමන ගිහිල්ල
ලබන්ට බෑ. මතක තියාගන්න විනෝදයට හෝ නිකරුණේ හෝ දුර ගමන් යෑමෙන් අපට
ලැබෙන්නේ වෙහෙසක්. විඩාවක්, ඉන්ද්‍රිය අසංවරවීම නිසා ඇතිවෙච්ච කිළිටි
ටිකක් විතරයි. ඒත මතක කියාගන්ට. අපට ඒ දුර ගමන් යන්ට ආශාවල් එන්ට
පුළුවන්. අන්න ඒ ආශාව එනකොට සිහිකරන්න භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා
දී තිබෙන්නේ මේක අතහැරල සතුටු වෙන්නයි. ඒ ගමන ගිහිල්ල සතුටු වෙන්ට
නොවෙයි.
භාවනා කරන කෙනෙකුට තමන් කරන භාවනාව සාර්ථක නොවෙන්ට බලපාන තවත් විශේෂ
කරුණක් තියෙනවා. ඒ තමයි සිතට එන විවිධ ආකාරයේ නිර්මාණශීලි අදහස්. ඒ
අදහස් බැහැර නොකළොත් භාවනාව සාර්ථක කරගන්නට බෑ. ඒ ස්වභාවය කියනවා
‘පටිභානයම’ කියලා. ඒ ස්වභාවයන් තුළ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා සිත ඒ
සිතිවිලිවලට ඉතා කැමැතියි. නමුත් ඒ සිතිවිලි අදහස් දිගින් දිගට සිතේ
පැවැත්වුවහොත් භාවනාව අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ සිතිවිලි අදහස් දුකසේ
දුරුකළ යුතුයි. ඒ විදිහට පටිභානය දුක සේ දුරුකරන කෙනා එකඟ වූ සිතක්
උපදවාගෙන ජයග්‍රහණය ලබන කෙනෙක්.
ඉතින් මේ දුක සේ දුරු කළයුතු දේවල්, දුරු කරල ලබන ජයග්‍රහණය බණ භාවනා
දියුණු කර ගන්න කෙනෙකුට අවශ්‍යයි. ඒ දුක සේ දුරු කළ යුතු දේවල් දුරු
නොකර භාවනාවකින් අල්ප හෝ ප්‍රතිලාභයක් ලබන්න බැහැ. භාවනාවකින්
ප්‍රතිලාභයක් ලබන්ට කැමැති කෙනා දුකසේ දුරුකළ යුතු දේවල් දුක සේ දුරු
කළ යුතුයි. ඒවා අත්හැරීමෙන් ජයග්‍රහණය ලබන කෙනාට, භාවනාවකින් සාර්ථක
ප්‍රතිඵල ලබන්ට පුළුවන්. එහෙම නැතිකෙනා ඉතින් භාවනා කරයි.
ඉඳගෙනත් ඉඳියි, භාවනා කියලත් දෙයි. හැබැයි එයාට සැබෑ ජයග්‍රහණයක් ලබන්ට
බැරුව යනවා. ඒ නිසා ඒ දුකසේ දුරු කළ යුතු කාරණා හොඳින් තේරුම් ගන්න.
තේරුම් අරගෙන ඒව අත්හරින්න. ඒ අත්හැරල අත්හැරීමෙන් ලබන ජයග්‍රහණයට
හිමිකරුවෝ වෙන්ට බලන්න.
එතකොට අපිට පුළුවන් බණ භාවනා කරලා ඒ භාවනාවෙන් අපේ ජීවිතයට සාර්ථක
ප්‍රතිඵල අත්කර ගන්නට. මේ කාරණා හොඳින් මතක තියාගන්න. ඒ කාරණා දැන
ගන්නේ නැතිව අපට භාවනාවක් දියුණු කරගන්න බැරිවෙලා යයි. හොඳයි එහෙමනම්
සියලු දෙනාට ම අත් හැරීමෙන් ලබන ජයග්‍රහණය අත්කර ගැනීම පිණිස භාග්‍ය
උදාවේවා! කියල අපි ආශිර්වාද කරමු.
දුප්පටිවිනෝද සූත්‍රය ඇසුරෙනි |