UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් පින්කම්

ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින මහාවිහාර වෙසක් පුන් පොහොය වැඩසටහන හා සමගාමීව අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී විශේෂ පින්කම් කිහිපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැරේ.

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාර වෙසක් පුන් පොහොය වැඩසටහන වෙසක් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වේ.

වෙසක් පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාව අසල දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ගේ අතින්, මරණයට කැප වූ ගවයන් තිදෙනෙකුට අභය දානය ලබාදේ.

වෙසක් පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී පදවීතිහාර පූජාවක් පැවැත්වේ. පදවීතිහාර පූජාවට සහභාගි වන මහාවිහාර පොහොය වැඩ සටහනේ උවසු උවැසියෝ බුදුගුණ මෙනෙහි කරමින් ජය සිරි මහ බෝ සමිඳුන් ප්‍රදක්ෂිණා කරනු ඇත. මීට අමතරව වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, භාවනා , ධර්ම සාකච්ඡා , බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් 18 වැනි බදාදා, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී වෙසක් පෝදා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා බෞද්ධ කොඩි 350 පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

අනතුරුව භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව ගොඩගම සුභානු දස්සි හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේ දී පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් පවත්වා සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඔසුපැන් පිළිගැන්වීම සිදු කෙරේ.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල ගුරු මණ්ඩලය සිසු දරුවන් විසින් කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට සිසිල් බීම දස්සැල දවස පුරා පැවැත්වේ.

කිරිවෙහෙර රාජ මහා විහාරයේ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර අෂ්ඨඵල බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් පසුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවා භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින්. බෝධි පූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදු කෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල විහාරස්ථ දායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවන කළුතර බෝධි පරිශ්‍රයේ දී පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 – 07.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව, හා බුද්ධ පූජාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 08 – 09.45 ධර්මදේශනය වතුරුගම නන්දසිරි හිමි, 10.00 – 11 ධර්ම දේශනය බණ්ඩාරවෙල මුදිත හිමි, 1 – 2.30 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ හිමි, 02.45 – 04.15 ධර්ම සාකච්ඡාව ශේන් බිලොක් මැතිතුමා, 04.30 – 06.00 ධර්ම දේශනය අක්මීමන ධර්මපාල හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක් පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව මෙහෙයවීම හියාරේ පඤ්ඤාසේකර හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ පීඨාධිපති දර්ශනපති අගලකඩ සිරි සුමන නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව අගලවත්තේ සුවිනීත හිමි, බංගලිදේශයේ සුමනවංශ හිමි, පස්වරු, 12.00 – 12.30 විශේෂ දේශනය, අනගාරික ධර්මසේකර මහතා, 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ කඹුරුගමුවේ සුමේධ හිමි, බියගම කමලධම්ම හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 ධර්මදේශනාව, බත්තරමුල්ල ශ්‍රී සුදර්ශනාරාමාධිපති ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 03.45 – 05.00 ධර්ම දේශනාව, වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 05.00 – 06.00 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ සිරිවජිරාරාමයේදී වෙසක් පුන්පෝදා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන මෙසේය

පෝදා පෙරවරු 6.00 –07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි , 08.00 –09.30 ආරාධිත ධර්ම දේශනාව,පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි, 09.30 – 10.00 විශේෂ ධර්ම දේශනාව අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමි. 10.00 –11.00 ධර්ම සාකච්ඡාව වැලිගේපොල සීලවංශ මාහිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි . පස්වරු 12.30 – 01.45 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි,01.15 – 02.45 ගිහි දේශනාව :- කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සුමනපාල හල්මන්ගොඩ මහතා ,03.00 – 04.00 ධර්මානුශාසනාව- මහරගම සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සි හිමි, 04.00 – 05.00 ධර්මානුශාසනාව : ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එලමල්දෙණියේ සාරානන්ද හිමි, 05.00 – 06.00 භාවනාව සහ අනුශාසනාව - රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා 06.30 – 07.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිරිකුණාමලේ ආනන්ද අනුනායක හිමි .


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි වෙසක් පොහෝදා සීල සමාදානය මෙසේය. පෝදා පෙරවරු 6.00 –7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 7.00 – 7.15 තෙරුවන් වන්දනාව , 8.00 – 9.30 භාවනාව,ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 10.45 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.15 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර දේශනාව අළුත්වෙල ධම්මසති හිමි, බංගලාදේශයේ හිමි , 1.00 – 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති මාහිමි .2.00 –3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 4.00 –5.00 භාවනාව පිටකන්දේ ආනන්ද කීර්ති මාහිමි, 5.00 –6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදාන කටයුතු මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෙරවරු 5.30 ට 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විහාරස්ථානය ඉදිරිපිට ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම. උදේ කිරිපිඬු පූජාව පැවැත්වීම හා වන්දනා කිරීම.

පෙරවරු 6.00 –7.00 ශීල සමාදානය සහ අනුශාසනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි. 7.00 –8.00 උදේ ආහාර බුද්ධ පූජාව හා හීල් දානය පූජා කිරීම . 8.00 –9.00 ධර්ම දේශනාව වජිරාරාමවාසී කඹුරුගමුවේ මහානාග හිමි. 9.00 – 10.00 ධර්මදේශනාව අම්බලන්ගොඩ ධම්මාලංකාර නාහිමි. 10.00 –11.00 ආරාධිත දේශනාව බුදුදහම සහ සෞඛ්‍යය දේශක විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය . 11.00 – 12.00 දහවල් ආහාර බුද්ධ පූජාව පස්වරු 12.00 – 1.00 විවේක කාලය සහ පිරිත් දේශනාව 1.00 – 2.30 භාවනාව මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා .3.00- 4.00 ධර්ම දේශනාව බම්බලපිටිය මෙත්තාරාම විහාරවාසී වලානේ සුමන හිමි.4.00 –5.00 ධර්ම දේශනාව කොළඹ අතුලදස්සන විහාරාධිපති බොරැල්ලේ අතුල නාහිමි . 5.30 – 6.00 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරනය , මහරගම මහින්ද නාහිමි.


 බුද්ධාභිවන්දනා බුදු බැති ගී සරණිය මෙවර දෙදිනක්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බුද්ධාභිවන්දනා බුදු බැති ගී සරණිය මෙම මස 16 සහ 17 යන දිනවලදී ශ්‍රී ලංකා රූපවාහිනී, ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.


කතරගම අටවිසි බෝධි රෝපණය 18 වනදා

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාර චෛත්‍ය මලුව තුළ අටවිසි බෝධින් වහන්සේලා රෝපණය කිරීම හා බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පූජා උත්සවය.

ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2011 මැයි මස 18 දින පස්වරු 2.30 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.


කරඳගොඩ

බේරුවල කරඳගොඩ, ශ්‍රී ඛෙත්තාරාමයේදි “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරු” කමිටුවේ සංවිධායකත්වයෙන් සරණ අවමංගල්‍යාධාර හා සුභ සාධක සංගමය, සිතුරුවන් සංස්කෘතිය හා සමාජ සේවා සංගමය, එක්සත් මිණිමුතු ග්‍රාම සංවර්ධන සමිතිය, සංවේදී මිනිස් පවුර, විශාඛා කුළඟන සමිතිය, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය, සුදර්ශන දහම් පාසල හා සතර පේරුවේ දායකදායිකාවන්ගේ දායකත්වයෙන් මැයි මස 16 වන දින සිට 18 වන දින දක්වා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

ශාස්ත්‍රවේදි කළුපහන කොණ්ඩඤ්ඤ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරාධිකාරි පැලවත්තේ කෝලිත හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම විශේෂ පින්කම් මාලාව ගිලන්පස බුද්ධ පූජා පෙරහර ඇස් දන් දීමේ පොරොන්දු පත්‍ර ලබාදීම, පෙහෙවස් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයකින් හා 2600 ක විශේෂ පහන් පූජාවකින්ද සමන්වතව සංවිධානය කොට ඇත.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී වෙසක් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙ.ව. 08.00 –09.30 ආචාර්ය නේපාල ජාතික ධම්මපාල ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාවකි.

10.00 – 11 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 01.00 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 01.00 – 02.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක් ද 02.30 – 03.30 ඕපනායක නිරාශා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 03.45 – 04.45 ගණේමුල්ලේ නිස්සරණි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 04.45 – 05.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


බුබුලලන්ද

බේරුවල බුබුලලන්ද ශ්‍රී අභිනවාරමයේදි පාලින්ද නුවර ජිනසේන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් විශේෂ අටවිසි බුද්ධ පූජාව පින්කම් මාලාවක් මෙම මස 14 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා ජනරජයටත්, අතිගරු ජනාධිපතිතුමන්ටත්, ගරු අගමැතිතුමන් ප්‍රධාන සියලු මැති ඇමතිවරුන්ටත්, ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් ශ්‍රී ලංකා පොලිස් සේවයේ රණවිරුවන්ටත් ලක් වැසි ජනතාවටත් සෙත් ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන මේ විශේෂ පින්කම් මාලාව සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන්ද බේරුවල ප්‍රාදේශීය ලේකම් ධම්මික රාජපක්‍ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගි වීමට නියමිතය.


වාද්දුව

වාද්දුව ශ්‍රී මහින්දාරාමය මගින් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරා මැයි මස 16 ,17 සහ 18 යන දිනයන්හි දී විශේෂ ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

වෙසක් පොහෝදා උදෑසන පහට සීල සමාදානයෙන් ආරම්භ වන වැඩසටහන භාවනා, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදියෙන් සමන්විත වන අතර, එදින සවස 6.30 ට 2600 සම්බුද්ධත්වය සිහිපත් කරමින් විශේෂ ප්‍රදීප පූජාවක් පැවැත්වේ. රාත්‍රී 7.15 අටවිසි බුද්ධ පූජාව සහ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වේ.

මහින්දාරාමාධිපති මොරකැටිආරේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරස්ථ කාර්ය සාධක සමිතිය, යසෝදරා කුලඟන සමිතිය හා ශ්‍රී ඤාණරතන දහම් පාසල එම පින්කම සංවිධානය කර ඇත.


ගලවිලවත්ත

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සීල භාවනා වැඩසටහන් මාලාවක් රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැයි මස 17 වන දින පවත්වනු ලැබේ.

පෙරවරු 6.00 සිට 7.00 සිල් සමාදන් කරවීම, මෛත්‍රී භාවනාව බුද්ධ පූජාව පැවැත්වීම රත්මලානේ, සුජාත නාහිමි 8 –9 විශේෂ දේශනය වෛද්‍ය අධිකාරි එස්. කරුණාරත්න මහතා 9- 10 රූපවාහිනී ධර්ම දේශනයද 10 –11 භාවනා වැඩසටහන හිරිපිටියේ කොණ්ඩඤ්ඤ හිමි 11 –11.15 සම්බුද්ධ පූජාව ඇහැලියගොඩ පුණ්ණජී හිමි පස්වරු 1 –2 විශේෂ දේශනය දයාරත්න කෝරළේගේ මහතා .2.30 – 3.30 භාවනා වැඩසටහන හබරකඩ විපුලවංශ හිමි 4 –5 ධර්ම දේශනාව ආචාර්ය නායිම්බල ධම්මදස්සී හිමි 5 –5.30 සිල් පවාරණය ඇහැලියගොඩ පුණ්ණජී හිමියන් විසින්ද පවත්වනු ලැබේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ වෙසක් මස , පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක්, සල්පිට් හේවාගම දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 5.30 සිට 6.00 දක්වා කිරිපිඬු දානය , 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි රජවත්තේ වප්පහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 –9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්පහිමි,9.15 – 10.15 ධර්ම දේශනය, රජවත්තේ වප්ප හිමි, 10.30 –11.00 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 සෙත්පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි 3.30 – 4.30 ට ධර්ම දේශනය ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි. 5.00 – 6.00 ධර්ම දේශනය බොරැල්ලේ කෝවින්ද හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද හිමි, 7.00 – 7.45 සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව අතුල දස්සන, විහාරාධිකාරි බෝගහවැව රතන හිමි. 7.45 – 8.45 රාත්‍රී ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මාමඬලේ විමල හිමිපාණෝ .


ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආගමික වැඩසටහන් රැසක්

2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්, වෙසක් පුන් පොහෝ දින රාත්‍රී ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට බිස්කට් සිසිල් පැන් සහ බෙලිමල් දන්සැලක් පැවැත්වේ.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කරවා, විචිත්‍රවත් ලෙස විදුලි බුබුළු වලින් තොරණක ආකාරයෙන් සරසා ප්‍රදර්ශනය කරන අතරම ප්‍රධාන කාර්යාලයේ මහල් 08 ම ආවරණය වන පරිදි වෙසක් කූඩුවලින් සරසා අලංකෘත කරනු ලැබේ. ලේක්හවුස් වටරවුමේ සිට කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට වටරවුම දක්වා වූ මාර්ගය දර්ශනීය බෞද්ධ කොඩිවලින් වෙසක් සැරසිළි කොට විදුලි බුබුළු වලින් අලංකාර කැරේ.

මැයි මාසය තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් ආගමික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇත.


2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පිළිවෙතින් පෙළ ගැසෙමු ගැටබරුව වෙසක් කලාපය

කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරය කේන්ද්‍රකොටගෙන උඩහොරගොල ශ්‍රී‍්‍ර අභිනවාරාමය, වරල්ල උත්තරගිරි විහාරය, කොස්මෝදර ශ්‍රී සුබෝධාරාමය, ගොඩකුඹුර සුධර්මාරාමය, කළුකඳ ශ්‍රී ජයසුමනාරාමය, හා දියදාව ශ්‍රී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරය යන විහාරාස්ථානයන්හි ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා සතරපේරුවේ දායක පින්වතුන්ගේ සහභාගිත්වය ඇතිව හා ප්‍රදේශයේ ස්වේඡා සංවිධානවල දායකත්වයෙන් කිලෝ මීටර 15 කට අධික ප්‍රමාණයක් ගැටබරු වෙසක් කළාපයක් ලෙස නිර්මාණය කිරීමට කොටපොල රන්ගිර මිත්‍රත්ව සංසඳය මේ වන විට කටයුතු සූදානම් කර ඇත.

වැඩසටහන් පෙළ ගැස්ම

2011 මැයි මස 17 වන දින

උදෑසන ශීල සමාදානය, ෆ‍්‍රයිඩ් රයිස් දන්සල , සවස 03.00 ට භාවනා වැඩසටහන , සවස 06.30 ට වෙසක් සැරසිලි, රාත්‍රි 07.30 ට භක්ති ගීත සංදර්ශනය , රාත්‍රී 09.00 වෙසක් නාටකය ,

2011 මැයි 18 වන දින

වෙසක් සැරසිලි, දැවෙන සිතට දහම් සිසිල භාවනා වැඩසටහන, රාත්‍රී 07.30 භක්ති ගීත , වෙසක් විවිධ ප්‍රසංගය

2011 මැයි මස 19 වන දින

වෙසක් සැරසිලි, ආධුනික බොදු ගී තරගය,රාත්‍රී 08.00 ට වෙසක් සැරසිලි නිර්මාණ තරඟයේ ත්‍යාග ප්‍රධානය (අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මැතිතුමා ප්‍රධානත්වයෙන්) මෙම වෙසක් කලාප සතිය තුල නිවසක් නොමැති අයෙකුට නිවසක් තනාදීම ආරම්භ කිරීමට නියමිතය.


කොළඹ මහ නගර සභාව

කොළඹ මහ නගර සභාව සහ නගර ශාලීය බෞද්ධ සංගමය 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2011 මැයි මස 17 සිට 22 දක්වා ආගමික වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි.


සීනිගම කුසුමාරාම පුරාණ විහාරය

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මැයි මස 17,18,19 යන දිනයන්හි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් කුසුමාරාම විහාරස්ථාන දායක සභාව මගින් පින්කම් මාලාවක් පැවැත්වේ.


මොරටුව

2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් වෙසක් පොහෝ දිනට පසුදින (මැයි 18 ) අසූහාරදාහේ මහා පහන් පින්කමක් පැවැත්වීමට මොරටුවේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය කටයුතු යොදා තිබේ. රාවතාවත්ත මංසන්දියේ සිට මොරටුව දිගරොල්ල පාළම අසළ සමාධි පිළිමය දක්වා මෙම පහන් පූජාව පැවැත්වේ.


තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේ පින්කම් මාලාවක් නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ සහ මිරිහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ ද අනුශාසකත්වයෙන් පැවැත්වේ.

රිය පෙරහරකින් ධාතු කරඬුව සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කිරීම මැයි මස 16 වන දින සවස 3.00 ට සිදුකෙරේ. වෙසක් පොහොය දින පෙරවරු 6 ට සීල සමාදානය, කිරිපිඩු පූජාව, භාවනා, ධර්ම දේශනා, දෙමහල් ධර්ම ශාලාව හා ධාතු මන්දිරය සග සතු කර පූජා කිරීමද සවස 6.00 පට්ඨාන පූජාවද පවත්වනු ලැබේ.


පෝදා දෙසුම්

මෙදේරිපිටියේ චන්ද්‍රවංස හිමියන් මෙහෙයෙවන පෝදා ආගමික කටයුතු මෙසේය.

පෙරවරු 05 –06 දක්වා රාජගිරිය කමතවත්ත බෝධිය අබියස සීල භාවනා වැඩසටහන ද 06.30 – 07.30 රාජගිරිය පට්ඨාන විහාරස්ථානයේ සීල භාවනා 08.30 – 09.30 භාවනාව පලපොකුණ පුරාණ විහාරස්ථානය 9.30 – 10.30 භාවනාව නාවල තරුණ බෞද්ධ සංගමය පස්වරු 01 –02 දක්වා ධර්ම දේශනාව කොළඹ තරුණ බෞද්ධ සංගමය 03 –04 භාවනාව පිටකෝට්ටේ මැලිබන් ආරාමය 04.30 – 05.30 සම්බුද්ධ බෝධි පූජාව රාජගිරිය වික්ටෝරියා නිවාසය, රාත්‍රී 07 –08 දක්වා තෙසැත්තෑ ඤාණ පූජාව තලවතුගොඩ කලල්ගොඩ ගුණසේකර ධර්මායතනය


කරිත්ත කන්දේ පුරාණ සුභද්‍රාරාම විහාරය

අම්බලන්ගොඩ කරිත්ත කන්දේ පුරාණ සුභද්‍රාරාම මහා විහාරයේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මැයි මස 17 සහ 18 යන දෙදින පින්කම් මාලාවක් විහාරාධිපති ශාස්ත්‍රවේදී අම්බලන්ගොඩ සිරිනන්ද මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් “අපි බෞද්ධයෝ පදනම” මඟින් සංවිධානය කර ඇත.

මැයි මස 17 පෙ.ව. 6 සිට ප.ව. 5 දක්වා ශීල සමාදානය පවත්වන අතර මැයි මස 17 සහ 18 යන දෙදින රාත්‍රී 06.30 සිට අටවිසි බුද්ධ පූජා පින්කම ද රාත්‍රී 07.30 සිට කාව්‍යමය ධර්ම දේශනයක් වැලිමඩ උඩුහාවර සුමනසාර හිමියන් විසින් පවත්වනු ඇත.


පන්නල

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙම 17 සහ 18 දිනවල විශේෂ පින්කම් රැසක් පන්නල ශ්‍රී දේවරාජාරාමයේ දී සිදු කෙරේ. විහාරාධිපති තම්මිට පියනන්ද විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත. වෙසක් පොහෝ දින උදේ කිරි ආහාර පූජාව සිල්සමාදන් වීම, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් පැවැත්වේ. මෙදින උදේ 10.00 ට ශ්‍රී සීලානන්ද දහම් පාසලේ දරුදැරියන් සංවිධානය කර සිසිල් පැන් දන්සලකි. මෙදින සිල් සමාදන්වන උවැසි උවැසියන් සඳහා බුදුසරණ පුවත්පත නොමිලයේ බෙදාහැරීමට ද දායක සභාව කටයුතු යොදා ඇත. සවස 06.00 ට කොඩිගස වැඩම කිරීම හා සවස 07.30 ට අටවිසි බෝධි පූජාවක් ද පැවැත්වේ.


බෙලිගල

කෑගල්ල බෙලිගල රජ මහා විහාරස්ථානයේ වෙසක් පෝය දින දාන, ශීල, භාවනා පින්කම් මාලාවක් පැවැත්වේ. වාර්ෂිකව ගම් 07 කින් විහාරස්ථානයට පැමිණෙන වෙසක් පූජා මහා පෙරහර එදින රාත්‍රියේ පැවැත්වේ.

උදෑසන මල් පෙරහරද පැවැත්වේ.


පේරාදෙණිය සුබෝධාරාමය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මුල්කර ගෙන පේරාදෙණිය සිරිසුබෝධ වෙසක් මංගල්‍යය මෙම මැයි 08 දා සිට ජුනි 28 දා දක්වා දින 52 ක් පුරා “ මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව සහිතව පින්කම් මාලාවක් පේරාදෙණිය සිරිසුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ගෙන, විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


දඹදිව වෙසක් උත්සව මාලාවක්

1891 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද ඉන්දීය මහාබෝධි සමාගම මගින් පාලනය වන බුද්ධගයා, බරණැස ඉසිපතන මිගදාය, කල්කටා ශ්‍රී ධර්මරාජික විහාරය, ලුම්බිණිය, ඔරිස්සා කාලිංග බුද්ධ විහාරය, නවදිල්ලි බුද්ධ විහාරය ලක්නව් බුද්ධ විහාරය ආදී බුද්ධ විහාරයන්හි වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහා ලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.


බොල්ලෑගල

බොල්ලෑගල මානෙල්වත්ත පාර ශ්‍රී සිරිනන්ද විහාරයේ දී ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පවත්වනු ලබන වෙසක් පුන් පොහෝ දා වැඩසටහන මෙවරත් පැවැත්වේ. උදෑසන 6.00 ට ආරම්භ වන වැඩසටහන් මාලාව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පූජාව හා තෙසැත්තෑඤාණ පූජාවකින්ද යුක්ත වේ.

දවල් කාලයේ සාමනේර හිමිවරුන් 10 නමක් උදෙසා දවල් දානය පිරිනැමේ . විහාරාධිපති, රත්නපුරේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව, ධම්මදින්නා කුළඟන සමිතිය හා සහන සමාජ සේවා පදනම මෙම කටයුතු සංවිධානය කර ඇත.


සපුගහතම්මිට

වෙසක් පුර පසළොස්වක් පොහෝ දින දහසකට අධික උවසු උවැසියන් පිරිසක් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සීල සමාදානයෙහි යෙදවීමට විහාරාධිපතීන් වහන්සේ හා දායක සභාව කටයුතු සූදානම් කොට ඇතැයි ගල්වැවේ විමලඛන්ති හිමියෝ දන්වා සිටිති.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති කොබවක සිරි සුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කොබවක, ශ්‍රී සුමනාරාමයේ දී වෙසක් මස පුර පසළොස්වක පෝය දා සවස 3.00 ට කලත්තෑවේ පියදස්සි හිමියන් හා ගල්කැටිවෙල සුගතරතන හිමියන් විසින් පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක්ද එදින රාත්‍රී 7.00 ට කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථ සිරි සුමන දහම් පාසලේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන වෙසක් බොදු බැති ගී සරණියද පැවැත්වේ.


හුණුපිටිය - ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය පුරාණ විහාරාධිපති, වලවෙල හේමානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථ දායක සභාව, කාන්තා සමිතිය, දහම්පාසල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මඟින් වෙසක් පෝදින නිමිත්තෙන් මැයි 07 වන දින සිට මැයි 18 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. වෙසක් පෝ දින පෙරවරු 06.00 ට සිල්දීම, 07.30 විශේෂ දේශනය මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා 08.30 ධර්ම දේශනය, ගාල්ලේ සුධම්මචාරී සිල් මාතාව 09.30 දේශනය, බන්දුල අත්තනායක මහතා, 10.30 සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම දේශනය, බුත්කන්දේ රතනජෝති හිමි, 02.00 විශේෂ දේශනය, පර්සි විජේරත්න මහතා 03.00 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි හිමි, 04.00 භාවනාව ගල්කිස්සේ ධම්මිස්සර හිමි, 05.00 ධර්ම දේශනාව වලවෙල හේමානන්ද හිමි, 06.00 අටවිසි බුද්ධ පූජාව, 07.00 රාත්‍රී විශේෂ ධර්ම දේශනාව, මැද්දකන්දේ ධම්ම කුසලසහ කිරිපිඬු පූජාව සහ එම ධර්මදේශනය මාවරලේ භද්ධිය හිමි.


බෙන්තර වන වාස රජ මහා විහාරය

2600 සම්බුද්ධත්ව ජයන්තියට උපහාර පිණිස බෙන්තර වනවාස රජ මහා විහාරයේදී බෞද්ධ වැඩසටහන් රැසක් වෙසක් පුන් පෝදා සිට 19 වැනි දින දක්වා තෙදිනක් පුරා පැවැත්වේ.

මෙම තෙදින පුරා සෑම දායක නිවසකම රාත්‍රි 7 සිට රතනසූත්‍ර සජ්ඣායනාව දහම් පාසල් දරුවන් ලවා සිදු කරවනු ලබන අතර එම තෙදිනේදීම විහාරස්ථානයේදි සර්වඥ ධාතු සහ පුරාවස්තු ප්‍රදර්ශනයක් පැවැත්වේ. නාහල්ලේ ඉන්ද්‍රසිරි විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසකත්වයේ සංවිධානය කරන්නේ ශාස්ත්‍රපති රන්දල්ගොඩ රාහුල හිමියන්ගේ මූලිකත්වයෙනි.


රත්නපුර සමන් දේවාලයේ බෞද්ධ රශ්මී ප්‍රඥාලෝක සදහම් පෙළහර

රත්නපුර දේවාල සභාව බෞද්ධ සංගමය හා තරුණ කැළ විසින් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා බෞද්ධ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘බුද්ධ රශ්මි ප්‍රඥාලෝක සදහම් පෙළහර’ නමින් මැයි මස 17 සිට 20 දක්වා එම බෞද්ධ වැඩසටහන් මාලාව සමන් දේවාල භූමියේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම දිනයන්හි සර්වඥධාතු ප්‍රදර්ශනය සිදු කෙරෙන අතර පහන්කූඩු තරගයක් ද පැවැත්වේ. පාසල් හා දහම් පාසල් දරු දැරියන්ට මේ සඳහා ඉදිරිපත්විය හැකි අතර ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනමයි.

සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව “ සම්බුදු සාදු නාද බැති ගී සරණිය ” නමින් භක්ති ගීත ප්‍රසංගයක්ද පැවැත්වේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලීසිය රත්නපුර මහනගර සභාව සමන් දේවාලය මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. පහන් කූ®ඩු තරග සඳහා අයදුම්පත් මහලේකම් කාර්යාලය ප්‍රා.ලේ. කාර්යාලය හා ග්‍රාම නිලධාරි කාර්යාල මගින් ලබාගත හැකිය.


කුලීගෙදර අමාවිල් අරණ

2600 සම්බුද්ධත්ව ජයන්තියට පූජෝපහාර වශයෙන් කොටදෙනියාව කුලීගෙදර අමාවිල් අරණේ ඉදිවූ අසු මහ රහත් ප්‍රතිමාවන්ට පූජෝපහාර දැක්වීමට වෙසක් පුන් පොහෝ දින කිරි ආහාර පූජාව, තුන් සිවුරු පූජාව, ඇතුළු පූජා පින්කම් මාලාවක් පැවැත්වේ.


සම්බුද්ධත්ව ජයන්තිය සැමරේ

වසර 2600 සම්බුද්ධත්ව ජයන්ති උපහාර පුණ්‍යෙීත්සවයට සමගාමීව දොම්පේ පාළුගම භාවනා අසපුවේ සේනාසනාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ පනස් වැනි ජන්ම දිනය සමරා දිගාසිරි පතමින් මැයි මස 17 වැනි දිනට යෙදෙන වෙසක් පුන් පොහොය දිනට විශේෂ ශීල සමාදාන පින්කමක් සහ එදින සවස 4.00 සිට රාත්‍රී 7 දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ 18 වැනි දින භික්‍ෂුන් වහන්සේ පනස් නමක් විෂයෙහි දවල් දානමය පුණ්‍යකර්මයක් පාළුගම භාවනා අසපුවේදි සිදු කෙරේ.


ගල්කිස්ස

ගල්කිස්ස වටරප්පල බෞද්ධායතනයේදී වෙසක් පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

පෙරවරු 6.30 සීල සමාදානය වන්දනාව හා අනුශාසනාව දිවියාගහ යසස්සි නාහිමි, 8.30 භාවනාව මෙහෙයවීම කර්මස්ථානාචාර්ය මාරපන අරියරතන හිමි, 9.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමි 11.00 බුද්ධ පූජාව. පස්වරු 1.00 දිවා වන්දනාව හා සෙත්පිරිත් , 1.30 ධර්ම සාකච්ඡාව දිවියාගහ යසස්සි නා හිමි, ශාස්ත්‍රපති ඒ රණවීර ආරච්චි මහතා 3.00 ධර්ම දේශනාව දර්ශනපති අගලකඩ සිරිසුමන හිමි, 4.15 මව්පිය උපහාර ධර්ම දේශනය පිටදූවේ ධම්මික හිමි 5.45 වතාවත් 6.00 ගිලන්පස බුද්ධ පූජාව හා සෙත් පිරිත්.


කොබ්බෑකඩුව වර්ධනාරාමය

යටිනුවර කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය මුල් කරගෙන පවත්වනු ලබන වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුමට සමගාමීව මෙවරත් පැවැත්වේ. සංවිධානය මල්වතු පාර්ශ්වයෙහි විශේෂ කර්මාචාර්ය රත්වත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝමානන්ද හිමියන් හා විහාරස්ථ දායක සභාව, වැඩිහිටි සමිතිය, කුළඟන සමිතිය සමඟින් තරුණ පිරිස වේ.


දළදාවත්ත විහාරය

වාද්දුව තල්පිටිය දළදාවත්ත මහා විහාරස්ථානයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සවය වෙනුවෙන් පින්කම් මාලාවක් ආරම්භ කර ඇත. එම පින්කම් අතර 2010 වෙසක් දිනෙන් ආරම්භ වූ අසූහතර දහසේ පොල්තෙල් පහන් පූජාව 2011 වෙසක් පුන් පෝය දින දක්වා පැවැත්වේ.


මාකුඹුර පුරාණ විහාරයේදී පින්කම්

පන්නිපිටිය, මාකුඹුර පුරාණ විහාරයේදී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් කමිටුව මගින් එම විහාරස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්වේ.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පන්නිපිටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලීය යෝජනා අනුව, මාකුඹුර පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්ද්‍රරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථාන පින්කම් කමිටුව මෙවර වෙසක් පෝ දිනට සමගාමීව හා වර්ෂය පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

16 වන දින මහා සඟසතු දානමය පින්කම මාකුඹුර එක්සත් අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිතිය ප්‍රධාන දායකත්වය දරණු ලැබේ. මැයි මස 04 දින සිට 22 දක්වා විහාරස්ථාන භූමිය වෙසක් සැරසිලි සහ විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමද වෙසක් සතිය තුළ විහාරස්ථානයට අයත් බල ප්‍රදේශයේ සෑම නිවසකම සල් උයනක් හෝ වෙනත් වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීමේ වැඩසටහන ද

මැයි 17 දින අළුයම කිරිපිඬු පූජාව සහ සවස බෝධි පූජාවන් උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා විශේෂ සීල භාවනා වැඩසටහනද

බුද්ධ ජයන්ති සන්නස විහාරස්ථානයට වැඩමවීම සහ දින 07 ක් විශේෂ ;බීධිපූජා පින්කම් සහ පෙරහර පැවැත්වීමද මහරගම පිළිකා රෝහලට දානය පිරිනැමීම විහාරස්ථ ශ්‍රී රතනසාර දහම් පාසල මගින්ද සිදු කැරේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ ඉදිකරන ලද බුදුමැදුරෙහි තෙවර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් වෙසක් සතිය පුරා පවත්වනු ලබන ක්ෂීරපායාස බුද්ධ පූජා පින්කම් මාලාවක් පැවැත්වේ.


ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමය

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයේදී වෙසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් දින තුනක් ගුණ දම් පිරීමේ මහා පින්කම මාලාවක් මැයි 16,17,18 පැවැත්වේ.


කටුවස්ගොඩ

වේයන්ගොඩ කටුවස්ගොඩ ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරස්ථානයේ පෞරාණික බෝධීන් වහන්සේ අභියස බෝධි අංකුර 28 ක් රෝපණය කිරීමේ හා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලාට මුල්ගල් තැබීමේ පුණ්‍යොත්සවය වෙසක් පුන් පෝදා සිදු කැරේ.


ධර්මාශ්‍රම විහාරය

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ ස්වාමින්වහන්සේ අනුශාසනා පරිදි, දායක සභාව හා කාන්තා සමිතිය පෝදා පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.


අරුප්පිටිය

ද /තලංගම අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේදී වෙසක් පෝදා දවස පුරා හබුරුගල ධම්මසිද්ධි නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.


‘’සිරි ගෞතම සම්බුදු මහා සෑයේ’’ කොත් වහන්සේ නිරාවරණය පෝදා

2600 වන සම්බුද්ධත්වය සැමරීම වෙනුවෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ඉදි වූ ‘’සිරි ගෞතම සම්බුදු මහා සෑයේ’’ කොත් වහන්සේ නිරාවරණය කිරීම හා ධාතුන් වහන්සේලා තැම්පත් කිරීමේ පුණ්‍ය මහොත්සවය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මැයි මස 17වන වෙසක් පුන්පොහෝ දා පෙරවරු 8.00 සිට අසපු භුමියේ දී පැවැත්වේ. එදිනම සවස 6.00 සිට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ විසින් මෙහෙවන ‘2600 වන ශ්‍රී සම්බුද්ධත්ව වන්දනාව‘’ සමඟ පසුදා පහන්වන ගුරු පිරිත් සජ්ඣායනාව ද සිදුකෙරේ.


රත්මලානේ කිරිපිඬු පූජා පෙරහර

රත්මලාන බෝධිරුක්ඛාරාමයේ සිරි සුජාතා කුළඟන සමිතිය මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් 64 වන වරටත් පවත්වන කිරිපිඬු පූජා පෙරහර විහාරාධිපති කළුතර ඤාාණාවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝදා පැවැත්වේ. එදින පෙරවරු 07.00 ට සිසිර කුමාරප්පෙරුම මහතාගේ සුරතින් සධාතුක කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කර අනතුරුව කිරිපිඬු පාත්‍රය අවන්ති උදේශිකා කුමාරප්පෙරුම මහත්මිය විසින් තැන්පත් කැරේ. පෙරවරු 08 ට පෙරහර අරඹා දහවල් 11 ට බුද්ධ පූජාව පැවැත්වේ. එදින පස්වරු 3 ට දහම් දෙසුමක් ද රාත්‍රී 7 ට ගිලන්පස පූජාව ද රාත්‍රී 08 ට දහම් දෙසුමක් ද පැවැත්වේ.


කුඹියන්ගොඩ

කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර පිරිවෙන් විහාරස්ථානය ඇතුළු පංචමහා විහාරාධීශ්වර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල මාහිමියන්ගේ අනුශාසනා පරිදි කූඹියන්ගොඩ විහාරස්ථානයේදී පින්කම් මාලාවක් මැයි මස 16 සිට 22 දින දක්වා සංවිධානය කර ඇත.


ගෝනාපීනුවල

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 20 වන දින දවස පුරා ගෝනාපීනුවල නිග්‍රෝධාරාම පුරාණ මහා විහාරස්ථානයේදී සීල සමාදාන පින්කමක් පැවැත්වේ.


රාජගිරිය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දර්ශනපති වතුරුවිල සිරිසුජාත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

17 වනදා පෙරවරු 4.30 සිට පස්වරු 7.00 දක්වා පින්කම් මාලාව සිදු කැරේ. 18 වනදා පස්වරු 6.00 තෙසැත්තෑ ඥාන පූජාව තිස්සමහාරාමයේ කෝලිත හිමියන් විසින් සිදු කැරේ.


නෙළුව

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් හා පාසල් සිසුන් අතර වෙසක් චිත්‍ර තරගාවලියක් 06 වන වරටත් සංවිධානය කර ඇත.


හාපිටිගම වෙසක් සති පින්කම්

හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේදි වෙසක් සති පින්කම් මාලාවක් සිදු කැරේ.

16 වනදා ප.ව. 5.00 ට ධර්ම දේශනය හා විදුලි ආලෝක පූජාව ගලතර පඤ්ඤානන්ද නාහිමිගේ මූලිකත්වයෙන් සිදු කැරේ. 17 වනදා පෙරවරු 6.00 සිට පස්වරු 3.00 දක්වා ශීල සමාදානය, කප්රුක් පූජාව, ධර්ම දේශනය, විදුලි ආලෝක පූජාව, හන්දුරුමුල්ලේ සිරි කුසල නා හිමි සහ උණවටුනේ සුමන නාහිමිගේ මූලිකත්වයෙන් සිදු කැරේ.


පොල්වත්ත

අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාම විහාරස්ථානයේදී, 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන මෙම වෙසක් පොහෝ දින විහාරාධිපති ඬන්දානේ වජිරඥාණ හිමියන්ගේ අනූශාසකත්වයෙන් දායක සභාවේ හා ගම්වැසියන්ගේ සහභාගිත්වයෙන් පින්කම මාලාවක් සිදු කිරීමට පොල්වත්ත “පාමිස “ එකතුව කටයුතු කර ඇත.


සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරයේ සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් වෙසක් පුර පසළොස්වක පොහෝදා ශීල සමාදානය මෙසේය

පෝදා පෙරවරු 5. 00 – 6. 00 සඳුන් දර යොදා, දිය නො මුසුව, උඩුවියන් බැඳ පිරිත් දේශනා කරමින් පිසින ලද කිරි ආහාර හස්ති රාජයා මතින් දර්ශනීය පෙරහරකින් වැඩමවා ගෙනවිත් සිදුකරනු ලබන කිරි ආහාර පූජාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම - ශාස්ත්‍රපති දික්වැල්ලේ උපතිස්ස නාහිමි, පෙරවරු 6. 00 – 7. 30 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම - බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නාහිමි 8. 00 – 9. 30 ධර්ම දේශනාව මෙහෙයවීම – ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන හිමි, 9. 30 – 10. 30 සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමි 10. 30 – 11. 30 භාවනාව මෙහෙයවීම – ශාස්ත්‍රපති/පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි 11. 30 සම්බුදු පූජාව (සධාතුක මැදුරේ සිට) මෙහෙයවීම – මහරගම පදුම හිමි පස්වරු 1. 00 – 2. 00 දම් සභා මණ්ඩපය – ධර්ම සාකච්ඡාව 2. 00 – 3. 00 ධර්ම දේශනාව මෙහෙයවීම ශාස්ත්‍රපති කුකුල්පනේ සුදස්සි හිමි 4. 00 – 5. 00 ධර්මදේශනාව මෙහෙයවීම – ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනා හිමි 5. 00 – 6. 00 ධර්ම දේශනාව හා සිල් පවාරණය මෙහෙයවීම - කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත කොටපොල අමරකිත්ති නාහිමි.


යාලේගොඩ

උඩුනුවර යාලේගොඩ පුරාණ විහාරස්ථානයේ දී විශේෂ පින්කම් මාලාවක් මැයි මස 14 දා සිට 20 දා දක්වා විහාරාධිපති රංගමුවේ ඥානරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ලැමසූරියගම හිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ.


කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කරමින් මැයි මස 12 වන දින සිට 18 වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.


කුරුණෑගල නගරයේදී පිණ්ඩපාත චාරිකා

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය, ප්‍රදේශයේ පිරිවෙන් ද සමඟින් භික්‍ෂූන් වහන්සේ 250 ක් සම්බන්ධ කර ගනිමින් වෙසක් පුන් පෝ දින පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කරයි.

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය, ප්‍රදේශයේ පිරිවෙන් ද සමඟින් භික්‍ෂූන් වහන්සේ 250 ක් සම්බන්ධ කර ගනිමින් වෙසක් පුන් පෝ දින පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කරයි.

හිඟුරක්ගොඩ බුද්ධයාය ශ්‍රී සේලතිලකාරාමයේ ලංකාපුර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති යටිරාවන උපාලි හිමියන්ගේ අනුශාසනා පරිදි 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් වෙසක් පුන් පොහෝදා පින්කම් රැසක් පැවැත්වේ.


මොරවින්න

2600 සම්බුද්ධත්ව ජයන්තිය, පානදුර දිබ්බැද්ද මොරවින්නේ ශ්‍රී සුධර්මාරාමයේ පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 01 සිට 18 දින දක්වා එය සිදු කැරේ.


ගවයන් 42 කට අභය දානය

කොළඹ දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතාගේ් මඟ පෙන්වීම යටතේ හා සහකාර සමෘද්ධි කොමසාරිස් සාලිකා වෙල්ගම මහත්මියගේ අධීක්ෂණයෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා ඇති සමෘද්ධි බැංකු සංගම් 42 යටතේ් මරණයට කැප වූ ගවයන් 42 ක් සඳහා අභයදානය ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇත.


කිරිපිඬු මහා පූජෝත්සවයක්

වාර්ෂිකව සෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනකම පවත්වනු කිරිපිඩු දානමය මහා පූජෝත්සවය මෙවරද බෙන්තොට දේදූව ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. චින්තාමණී ගුණරත්න මහත්මියගේ දායකත්වයෙන් එය පැවැත්වේ.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]