UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානයට බුදුසරණ

කැකිරාව ලේක්හවුස් අලෙවි නියෝජිතගෙන් බුදුසරණ 1200 ක්

කැකිරාව, පුවත්පත් අලෙවි නියෝජිත සංජීව ෆාමසි සහ පොත්හල අධිපති සාමවිනිසුරු කේ.එච්. වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක දී බුදුසරණ පත්‍ර 1200 ක් ධර්ම දානය පිණිස එම විහාරස්ථානවල පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත පිරිනමනු ලැබේ.

27 වන වරටත් ධර්ම දානමය පින්කම වෙසක් පුරපසළොස්වක් පොහෝ දින මලව ඔරුගල්සෑය, රජමහා විහාරය, කැකිරාව, බෝධිරාජාරාමය, නීකිණියාව පුරාණ රජමහා විහාරය, සඳගල්පාය රජමහා විහාරය, කිණිහිරිකන්ද රජමහා විහාරය, මල්දෙණිපුර මෙත්තාරාමය, මල්දෙණිපුර විශුද්ධාරාමය, මහකැකිරාව විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාමය, සූරියගම ශ්‍රී සුමංගලාරාමය, ඇලගමුවේ ශ්‍රී දේවතිස්ස රජ මහා විහාරය, කොටාගල පියංගලු රජමහා විහාරය, නාමල්පුර විශුද්ධාරාම ටැම්පිට විහාරය යන විහාරස්ථානයන්හි දී සිදු කැරේ.

මෙම ශාසනික කටයුතු සමග 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කිරීම ද මෙදින සිදුවේ.


මාදුපිටිය

ශ්‍රී සම්බුද්ධත්ව 2600 ජයන්තිය සමරා පාණදුර මාදුපිටිය සිරිනිකේතනාරාමයේ වෙසක් පුන් පෝය දින අටසිල් සමාදන් වූ උවැසි උවැසියන් හට 6 වන වරටත් බුදුසරණ පත්‍රය ධර්මදානය ලෙස නොමිලයේ බෙදාදීම සිදුකෙරේ.

මාදුපිටිය පදිංචි සරත් නිශාන්ත සහ පවුලේ සැම විසින් තම මිය ගිය ධර්මවර්ධන ප්‍රනාන්දු ඇස්.එච්. නන්දාවතී හා ජෝෂප් ද මැල් යන මව්පියවරුන්ට නිවන්සුව පතා මෙම මස 17 වෙසක් පුන් පොහෝ දින එම පින්කම සිදුකෙරේ.


බෙලිගල

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මැයි 17 වෙනි පුරපසළොස්වක් පොහෝ දින බෙලිගල ඓතිහාසික රාජමහාවිහාරය, මැටියගනේ බුද්ධරක්ඛිත ආශ්‍රම සේනාසනය තල්ගම ශ්‍රී සුමනාරාම විහාරය යන විහාරයන්හි උපෝසථ අෂ්ටාංග ශීලය සමාදන් වන සියලු සැදැහැතියන් උදෙසා නොමිලයේ බුදුසරණ පත්‍රය බෙදාදීම 19 වෙනි වරටත් බෙලිගල වෑකඩ පදිංචි ඒ.ඇස්. සමරසිංහ මහතා විසින් සිදු කරනු ලැබේ.

එහි පරමාර්ථය ජනාධිපතිතුමාණන් ඇතුළු සියලු රටවැසියනට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පැතීම ද වේ.


මත්තක

මත්තක බඹරවාන සමරසිංහ ලියන ගමගේ මහතා විසින් වෙසක් පෝදා ධර්ම දානය පතා ‘බුදුසරණ’ පුවත්පත බෙදා දෙනු ඇත.


කුරුඳුගහහැතැප්ම

කුරුඳුගහහැතැප්ම අවට විහාරස්ථානයන්හි හා ජයබිම ගලගොඩඅත්ත සමාධි විවේක සේනාසනයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝ දින ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත.

කුරුඳුගහහැතැප්ම සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝසැපත් තම දෙමව්පියන් වන එන්.ඩබ්.ජී. පියසේන මහතා සහ එම්. එම්. විතානාච්චි මහත්මියට පිංපිණිස දහතුන්වන වරටත් එම ‘බුදුසරණ’ ධර්මදානය සිදුකෙරේ.


සීනිගම

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මැයි 17,18,19 යන දිනයන්හි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේදී පැවැත්වෙන පින්කම් මාලාවේදි සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති ප්‍රවීණාචාර්ය අකුරළ මංජුලතිස්ස හිමියන් හා විශ්‍රාමික සීනිගම ග්‍රාම නිලධාරි ඒ.පී.ඇලන් උබේරත්න මහතා විසින් 17 වැනි දින සිල් සමාදන් වන උපාසික උපාසිකාවන්ට “බුදුසරණ” පත්‍ර 300 ක් පමණ ධර්ම දානයක් වශයෙන් බෙදාදීමේ පින්කමක් පැවැත්වෙන බව සීනිගම මහානාම මංගලසිරි මහතා පැවසීය.


දෙවලපොල

දෙවලපොල සියනෑසිටිහි වටිනාපහපාරේ පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ ආයුර්වේද විද්‍යා පීඨයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති දේශීය පාරම්පරික වෛද්‍ය විමලදාස ජයවීර මෙවරද වෙසක් පුන් පෝ දින දී එම ප්‍රදේශයේ අවට විහාරස්ථානවලදී පොදු ජනයා වෙත ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ඇත.

වටිනාපහ ශ්‍රී විජයාරාමයේ පොතානේ උපාලි නාහිමියන් වෙත බුදුසරණ පුවත්පත පිළිගැන්වීමෙන් අනතුරුව සිල් සමාදන් වන උවසු උවැසියන්ටද ධර්මදානය විසින් “ බුදුසරණ” පුවත්පත බෙදා දෙන අතර ලක්වැසි සියලු මහජනතාවට සෙත්පතා බෝධිපූජා පින්කමක්ද මෙදින පවත්වනු ලැබේ.


ඇල්පිටිය

බුදුසරණ පත්‍ර 500 ක් හා වෙසක් කලාප බෙදාදීමක් මෙවර (2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන්) ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවලවිතාන මහතා ඇතුළු දූ දරුවන් එක්ව සිදු කරනු ලබයි.

තම මිය ගිය දෙමාපියන් හා ඥාතීන්ට පින් පතා පුරා වසර 23 ක් කරගෙන යනු ලබන බුදුසරණ පත්‍ර බෙදාදීම හා වෙසක් කලාප ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන් වල උවැසි උවැසියන් හට බෙදාදීම මෙදින සිදු කරනු ලබයි.

මෙවරද මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමක් ගොළුවාමුල්ල ශ්‍රී සුදර්ශිණාරාමයේදි සිදු කරන අතර ගා/අවිත්තාව නාලන්දා කනිටු විදුහලේ අඩුපාඩුවක්ව පැවති ගොඩනැගිල්ල පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස නිම කිරීමට පසුගියදා මුල්ගල තබන ලදී.


යකහටුව

ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී 1989 ජූලිමස 19 දින බිම්බෝම්බයකට හසුව ජීවිතය විනාශ වූ මිනුවන්ගොඩ ගාලෙවත්තේ පදිංචි සිසිර පතිරාජ රණවිරුවාණන්ට පිං පිණිස පවුලේ සැම දෙනා විසින් “බුදුසරණ” පත්‍ර යකහටුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදි වෙසක් පෝදා සිල්සමාදන් වූ උපාසක උපාසිකා පිරිසට බෙදා දෙනු ඇත.


අගලවත්ත

වෙසක් පොහොය නිමිතිකරගෙන 24 වන වරටත් ධර්ම දානය පිණිස බුදුසරණ පත්‍ර බෙදාදීම මෙවරද අගලවත්ත ලියනගෙදර සමරවීර ශ්‍රී වර්ධනාරාමය, යටියන ශ්‍රී වර්ධනාරාමය, යටියන වැඩිහිටි නිවාසය යන ස්ථානවලදී, පින්වත් කිහිප දෙනෙකුගේ ආධාර ඇතිව කේ. ඩී. ලලිත් චිත්‍රරත්න මහතාගේ සංවිධානයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]