2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජාතික
වෙසක් මංගල්‍යය අනුරපුර පූජා නගරයේ දී
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවේ වෙසක් පෝයට සමගාමීව මැයි
14 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර
පූජා නගරයේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු මේ
දිනවල කඩිනමින් සිදු කෙරේ.
ඉතිරිය»
පන්සිල් සුරැකුම
හොඳම සමාජ සේවය යි
කුඩා දරුවකු හැරෙන්නට, පන්සිල් පද ගැන
නොදන්නා කෙනකු ඇතැයි සිතිය නො හැකිය. පස්පව් හි මොහොතක
ආස්වාදය විඳීමට සිදුවන ආදීනවය හා එයින් වැළැකීම පිළිබඳ
ඇසෙන බණ දහම් ද බොහෝය. එහි ආදීනව පිළිබඳ දතයුතු සියල්ල
සමාජයට කෙතෙක් විවෘත වුවත්, ඒ හා සම්බන්ධ සාපරාධී
ක්‍රියාවල නම් අඩුවක් නැතැයි පොදු පිළිගැනීමක් ද ඇත. බොදු
පසුබිම මත කෙරෙන බොහෝ සාමූහික වැඩසටහන් ඇරැඹෙන්නේ පන්සිල්
සමාදන් වීමෙනි. එය බොහෝවිට එම වැඩසටහන්වලම අංගයක් ලෙස මිස
පන්සිල් රැකීමේ වුවමනාව මත නො කෙරේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
“ලෝකවිදූ” නම් වන සේක
ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළ හෙයින්ද, ලෝක ස්වභාවය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක
සමුදය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධ උපාය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද
සංස්කාර ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, අවකාශලෝකය
සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින් ද, සත්ත්ව ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ
කළහෙයින්ද, ලෝකවිදූ නම් වන සේක.
ඉතිරිය»
|